Showing posts with label පිරිත් දේ‍ශ‍නා‍. Show all posts
Showing posts with label පිරිත් දේ‍ශ‍නා‍. Show all posts

ඛන්‍ධ පිරිත (පාලි) සහ තේරුම (සිංහල)

*** විශේෂයෙන්ම මතක තාබාගත යුතු !

මෙම පිරිතෙන් ගුණ ලැබීමටනම් කිසිම සර්පයෙක් මැරීමෙන් වලකින්න. සර්පයා අල්ලාගෙන කිසිවෙකුට අනතුරක් නැති තැනකට ගොස් දමන්න. එහෙම නැතිව සර්පයින් මැරුවොත් මේ පිරිතෙන් කිසිම ගුණයක් ලැබිය නොහැක. මෙත් සිතේ බලය තමයි මෙම පිරිතේ හරය. එනම් විෂඝෝර සර්පයෙකුට පවා මෛත්‍රී කිරීමයි ....


ඛන්‍ධ පිරිත (පාලි)

සබ්බාසිවිසජාතිනං

දිබ්බමන්තාගදං විය

යං නාසෙසී විසං ඝොරං

සෙසං චාපි පරිස්ස යං

ආණක්ඛෙත්තමහි

සබ්බත්‍ථ සබ්බදා සබ්බපාණි නං

සබ්බසොපි විනාසෙති,

පරිත්තං තං භණාමහෙ

එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ තෙන ඛො පන, සමයෙන සාවත්ථියං අඤ්ඤතරො භික්ඛු අහිනා දටෙඨා කාලකතො හොති. අථ ඛො සමබහුලා භික්ඛු. යෙන භගවා තෙනූපසංකමිංසු, උප සංකමිත්වා. භගවන්තං අභිවාදෙත්වා, එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවන්තං එතදවොචූං. ඉධ භන්තේ සාවත්ථි යං අඤ්ඤතරො භික්ඛු අහිනා දිට්ඨෙ කාලකතො. ති නහ නූන සො භික්ඛවෙ භික්ඛු චත්තාරි අහිරාජ කුලානි මෙත්තේන චිත්තේන එරී. සචෙ හි සො භික්ඛවෙ භික්ඛු චත්තාරී අභි රාජකුලානි මෙත්තේන චිත්තේන එරෙය්‍ය. න හි සො භික්ඛවෙ භික්ඛු අහිනා දට්ඨෙ කාලං කරෙය්‍ය - කතමානි, චත්තාරි අහිරාජකුලානි - විරුක්පක්ඛං අහිරාජකුලං - එරාපථං, අහිරාජකුලං ඡබ්බ්‍යාපුත්තං, අහිරාජකුලං- කණහාගොතමකං, අහිරාජකුලං - නහ නූන සො, භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තේන චිත්තෙන එරි - සචෙහි සො භික්ඛවෙ භික්ඛු - ඉමානි චත්තාරි අහිරාජනකුලානි- මෙත්තේන චිත්තෙන එරෙය්‍ය, නහිසො භික්ඛවෙ භික්ඛූ - අහිනා දට්ඨෙ කාලංකරෙය්‍ය - අනුජානාමි භික්ඛවෙ ඉමානි චත්තාරි අහිරාජකුලානි - මෙත්තේන චිත්තේන එරිතුං - අත්තගුත්තියා, අත්තරකඛාය අත්තපරිත්තයාති ඉදමමොච භගවා - ඉදං වත්වා සුගතො අථාපරං ඒතදවොච සත්‍ථා -

විරූපකේඛහි මෙ මෙත්තං , මෙත්තං එරාපථෙහි මෙ – ඡබ්බ්‍යාපුත්තේහි මෙ මෙත්තං, මෙත්තං කණහාගොතම කෙහි ච. අපාදකෙ හි මෙ මෙත්තං, මෙත්තං දිපාදකෙහි මෙ – චතුප්පදෙහි මෙ මෙත්ත මෙත්තං බහුප්පදෙහි මෙ – මා මං අපාදකො හිංසි, මා මං හිංසි දිපාදකො - මාමං චතුප්පදො හිංසි මා මං හිංසි බහුප්පදො - සබ්බෙ සත්තා, සබ්බේ පාණා සබ්බේ භූතා ච කේවලා - සබ්බේ භද්‍රානි පස්සන්තු මා කඤචි පාපමාගමා - අප්පමාණො බුද්ධෝ - අප්පමාණො ධම්මො - අප්පමාණො සංඝෝ පමාණවන්තාති සිරිංසපානි, අහි විචඡිකා සතපදි උණ්ණානාභි- සරබූ මූසිකා , කතා මෙ රක්ඛා, කතා මෙ පරිත්තා - පටික්කමන්තු භූතානි, සො හං නමො භගවතො, නමො සත්තාන්නං සම්මා සම්බුද්ධානන්ති

http://www.youtube.com/watch?v=0qQjG7lncIo


ඛන්‍ධ පිරිත :තේරුම (සිංහල)

ඛන්‍ධ පරිත්ත සූත්‍ර භාව සන්නය

මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. හේ කෙසේද, එක් කාලයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් ලද අනේපිඬු මහසිටුන් ආරම්භි වැඩ වාසයක කරන සේක. එසමයෙහි දී සැවැත් නුවර එක්තරා භික්ෂූ කෙනෙක් සර්පයෙකු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය කළේ වේ.

එකල්හි බොහෝ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කරා එළඹ බුදුන් වැද එකත් පසෙක වැඩ උන්නාහුව එකත් පසෙකම උන්නා වූ ඒ භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කළාහුය. ඒ කෙසේද? ස්වාමින් වහන්ස, මේ සැවැත්නුවර එක් භික්ෂූන් වහන්සේ නමක් සර්පයෙකු විසින් දෂ්ඨ කරන ලදුව කලුරිය කළේය කියායි.

මහණෙනි, ඒ කලුරිය කළ මහණ තෙම මේ සිව් සර්ප කුලයත් මෙත් සිතත් නො පැතිර විය. මහණෙනි ඉදින් ඒ මහණතෙම සතර නාරදි කුලයත් මෙත් සිතින් පහළ වී නම් මහණෙනි ඒ මහණතෙම නාරදහු විසින් දෂ්ට කරන ලද්දේ කලුරිය නො කරන්නේ ය. ඒ සිව්සස් රාජ කුලයෝ කවරහුද? යත් විරූපාක්ෂ නම් සර්පරාජ කුලය ඒරාවත නම් සර්පරාජ කුලය ඡභ්‍යා පුත්ත නම් සර්පරාජ කුලය කණ්හා ගෝතවක නම් සර්පරාජ කුලය යන මොහු ය.

මහණෙනි, ඒ මහණ තෙම ඒකාන්තයෙන් මේ සප්රජ කුලයත් මෙත් සිතින් නො පැතිර විය. මහණෙනි ඉදින්ඒ මහණතෙම මේ සිව් සර්ප රාජ කුලයන් මෙත්සිත් පැතිර වූයේය.

මහණෙනි ඒ මහණතෙම නාරද වියන් ඔතන ලද්දේ කලුරිය නො කරන්නේ ය. මහණෙනි තමහට ආවරණය පිණිසද තමනට ආරක්ෂා පිණිසද තමන්හට මෙත් පිරිත් පිණිසද මේ සජ් සර්ප රාජ කුලයත් මෙත් සිතින් මතුරුවන්නට අනුදමිනි හෙවත් නියම කරමි. භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය වදාළ සේක.

සුගත නම් ලද ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත මතු මත්තෙහි ‘විරූපක්ඛෙහි මේ මෙත්තං’ යනාදී මේ පරිත්‍රාණ ධර්මය දේශනා කර වදාළ සේක.

විරූපාක්ෂ නම් නාගකුලයන් හා මාගේ මෛත්‍රිය වේවා,

එරාපත නම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා,

ඡබ්‍යා පුත්ත නම් නාග කුලයට මාගේ මෛත්‍රිය වේවා.

කන්හාක ගෝතමක නම් නාග කුලයන් හා මාගේ මෛත්‍රිය වේවා

මෙසේ මේ සිව් නාග කුලයන් දක්වා සාමාන්‍යයෙන් මෛත්‍රි භාවනාව දක්වන්නහුට පා රහිත සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා, දෙපා සහිත සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා, සිව් පා සතුන් හා සමග මාගේ මෛත්‍රිය වේවා, බොහෝ පා ඇති සත්ත්වයන් සමග මාගේ මෛත්‍රිය වේවා.

මෙසේ මෛත්‍රි භාවනාවෙහි ස්වරූපය දක්වා දැන් භාවනා වශයෙන් රක්ෂා විධිය දක්වන්නාහු, පා නැත්තා වූ සත්වයෙක් මා නොපොළවා- දෙපා සහිත වූ සත්ත්වයෙක් මා නොපොළාවා, සතරපාද ඇත්තා වූ සත්වයෙක් හෝ බොහෝ පා ඇත්තාවූද සත්වයෝ මා නො පොළාවා සියලු සත්වහුද, සියලු ප්‍රානීහුද සියලු භූතයෝ ද යන මේ සියල්ලෝ යහපත් කාරණයන් දකිත්වා, ඒ කිසි පුද්ගලයෙකුට දුකක් කරදරයක් නො පැමිණේවා, බුදු ගුණය ක්ලෙසාදිය නැති බැවින් පමණ නැත්තේ ය. දහම් ගුණය පමණ නැත්තේ ය.

සංඝ ගුණය පමණ නැත්තේ ය. දීඝ ජාති හුය සර්පයෝ ය. ගෝනුස්සෝ ය, පත්තෑයෝ ය, මකුළුවෝ ය, සිකනන්ලු ය, මීයෝ ය යන මොහු පමණ ඇත්තාහුය. මා විසින් ආරක්ෂා කරන ලද්දෝ ය. අභිත අදහස් ඇති සත්වයෝ පහ වෙත්වා ඒ මම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. පෙර කාලයෙහි වූ විපස්සී ආදී සත් බුදුවරයන් වහන්සේලාට මම නමස්කාර කරමි.

***මේ තොරතුරු බොහෝ ජනයාට හිත සුව පිණිස සර්පයින්ගෙන් සිදු වන දුක් පීඩා වලින් දුරු වීම පිණිස උපකාර වේවා.***

තෙරුවන් සරණයි..


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤


අප හා එක්වන්න

 Us ON ►

https://www.facebook.com/muduna

පිරිත් නූල

පිරිත් නුල අද කා අතරත් ජනප්‍රියත්වයට හා ප්‍රසිද්ධියට පත්ව ඇත. එය ආගමික කටයුතුවලදී පිරිත්හුය ලෙස ව්‍යවහාර කෙරේ. පිරිත් නූලේ ආරම්භය කවදා කෙසේදැයි සඳහන් කිරීමට නොහැකි වුවත් ඒ පිළිබඳ ඉතිහාසගත තොරතුරු අනුව එයට දිගු අතීතයක්‌ ඇති බව පෙනේ.

පිරිත් නූල මීට ටික කාලයකට පෙර අද තරම් භාවිතයක්‌ තිබුණේ නැත. ඒ දිනවල අවස්‌ථා කීපයකදී පමණක්‌ මෙය භාවිතයට ගෙන තිබේ. ඒ අතර යම් ස්‌ථානයක පිරිත් දේශනාවක්‌ පවත්වා ගැනීමෙන් පසුව පිරිත්නූල් ගැටගසා ඇත. එසේම කෙනෙකු බියට පත්වුණු අවස්‌ථාවක පිරිත් පැන් දී පිරිත් නූල් ගැටගසා ඇත.

නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌ය. අද බොහෝ දෙනෙක්‌ විහාරස්‌ථානයට එන්නේ පිරිත් නූලක්‌ ලබා ගැනීමට ය. මෑත කාලයේ පිරිත් නූල මෙතරම් ව්‍යාප්තවීමක්‌ දකින්නට ලැබෙන්නේ කුමන හේතුවක්‌ නිසා ද යන්න සොයා බැලිය යුතුය එයට එක්‌ කාරණාවක්‌ ලෙස දැන් මිනිස්‌සු ඉස්‌සරට වඩා පිරිත් අහන්නට හා පිරිත් සඡ්Cධායනය කරන්නට වැඩි කැමැත්තක්‌ ඇතිවීම දැක්‌විය හැකිය. ඉස්‌සර ගෙවල් ආරක්‍ෂාවට හා රෝගී වූ අය සඳහා නිරන්තර තොවිල් හා පිදේනි දීම් සිදුවිණි. ඈත පිටිසර ගමක ඉපදුණු මට ඒ පිළිබඳව මනා අත්දැකීමක්‌ ඇත. කුඩා කාලයේ නිවසේ සිටින විට සෑම දිනකම රාත්‍රි යාමයේ කුමන හෝ ප්‍රදේශයකින් යක්‌ බෙරහඬක්‌ ඇසෙන්නට සැලසිණි.

එහෙත් අද කෙනෙකුගේ උපන්දිනයක්‌ වේවා විභාගයක්‌ වේවා. විදෙස්‌ ගත වීමත් වේවා, මංග්‍යලයයන් වේවා හැකි නම් වෙනත් කුමන හෝ කාරණයක්‌ මුල් කරගෙන සෙත්පිරිත් එනම් වරු පිරිතක්‌වත් දේශනා කරවා ගන්නට සැදී පැහැදී සිටී. ඒ නිසා පිරිත් "නුල්" ද නිරන්තර අවශ්‍ය දෙයක්‌ ලෙස භාවිතා වේ.

අද තරුණ, තරුණියන් ආරක්‍ෂක පිරිත් දේශනාවක්‌ නිරන්තර ඇසුරු කරති. ඒ නිරන්තර ධර්මය අසන්නට සැලසෙන නිසාය. එසේ නම් අද සමාජය ඉස්‌සරට වඩා ආගමික සහනය සොයා යන ආකාරයක්‌ දැකිය හැකිය. ඒ සෙවීම නිසා නිවැරදි අවබෝධයක්‌ හා ඒ ගැන වටිනා බවක්‌ තව තවත් දැන ගෙන ඇත. ඒ නිසාත් පිරිත් නූල් වැඩි භාවිතයක්‌ වී ඇති බව පෙනේ.

එසේම, මෑත කාලයේ පිරිත් නූල ජනප්‍රියවීමට හේතුකාරණා අතර කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්‌ථානය සුවිශේෂත්වයක්‌ ගනී. එනම් ගංඟාරාම පන්සලට පැමිණෙන සෑම දෙනෙකුටම ධාතු කරඬුව හිසමත තබා, පිරිත් නුලක්‌ බැඳ ආශිර්වාද කිරීම සෑම දෙනා අතර සතුටට කාරණයක්‌ විය. මේ නිසා සෑම දෙනෙක්‌ම නිරන්තර ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගෙන ගංඟාරාමයට ගොස්‌ පිරිත් නූලක්‌ බැඳගෙන එන සිරිතක්‌ ඇති වුණේය.

එසේම පිරිත් නූල බැඳීමෙන් ඇති වන ආශිර්වාද ගැන නොදැනුවත්කම නිසා සමහර අයට විශ්වාසයක්‌ තිබුණේ නැත. නමුත් දැන් ඒ පිළිබඳව දැනුවත් ඇති නිසා වඩ වඩාත් ඒ කෙරෙහි නැඹුරු වන ආකාරයක්‌ දැකිය හැකිය.

සමාජයේ ප්‍රසිද්ධියට පත් වූ අය පිරිත් නූල් ගැටගසා විවිධ මාධ්‍යයන් තුළ දැක ගන්නට ලැබීමෙන්ද සමහර දෙනා එයට යොමු වූහ. විශේෂයෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නිරත වූ අය පිරිත් නූල් බැඳ ආශිර්වාද ලබා එම තරගවලට යැමේදී එය දකින සමහර අය එයට යොමු වුහ. මෙහි විශේෂත්වය වන්නේ පිරිත් නූල මහතට තිබීමයි. දැන් බොහෝ දෙනෙක්‌ කියන්නේ හාමුදුරුවනේ ටිකක්‌ මහතට පිරිත් නූලක්‌ බඳින්න කියාය.

_________________________________

පිරිත් නූල යනු කුමක්‌ද?

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආරක්‍ෂක දේශනාවලට පිරිත් හෙවත් පරිත්ත යනුවෙන් දක්‌වා ඇත. පිරිත් යනු තමා සිටින මුළු පරිසරයම රැකවරණය සලසනවා යන්නයි. ඒ පිsරිත් සුත්‍රවලින් ස්‌වාමීන් වහන්සේලා පිරිත් හූය ගෙන එයට එක්‌වාරයක්‌ හෝ ඊට වැඩිවාර ගණනක්‌ ජප කිරීමෙන් පිරිත් නූලක්‌ බවට පත්වේ.

පිරිත් නූලකට ප්‍රධාන වශයෙන්ම ගන්නේ නූල් තුනකි. එය තුන්නූල හැටියට දැක්‌වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම, බුදුරජාණන් වහන්සේගේ සවණක්‌ රැස්‌ අර්ථ ගන්වමින් ඒ ඒ පාට නුල් ගෙන පාට නූල් ද සකස්‌ කර ඇත. විවිධ රටවල එක්‌ එක්‌ පාටවලින් නොයෙක්‌ හැඩතල දමා පිරිත්නූල් සකස්‌ කර ඇත.

නූල යොදා ගනිමින් ඈත අතීතයේද විවිධ ආරක්‍ෂක විධි භාවිත කර ඇත. ඒ අතර වෛදික ආගමේ තිබෙන පුන නූල ප්‍රධානත්වයක්‌ ගනී. එසේම, යාග හෝම, බලි බිලි ආදියට මෙන්ම යන්ත්‍රමන්ත්‍ර ක්‍රම වලදී ද නූල සම්බන්ධ කර ගෙන ඇත.

පිරිත් නූල සම්බන්ධ තවත් අවස්‌ථාවක්‌ මහාවංශයේ හත්වෙනි පරිච්ඡේදයේ දක්‌වා ඇත. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අවස්‌ථාවේ උපුල්වන් දෙවිඳු විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය.

න සන්ති මනුජා එත්ථ

න ච හෙස්‌සති වෝභයං

ඉති වත්වා කුන්ඩිකාය

තේ ජලේන නිසිංචිය

මෙහි මනුෂ්‍යයෝ නැත. ඒ නිසා ඔබට භයක්‌ නොවේවා කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්‌සේය.

සුත්තංච තේසං හත්ෙථිසු

ලගෙත්වා නභසාගමා

පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්‌තරයේ දැක්‌වේ.

පන්සිය පනස්‌ ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේද පිරිත් නූල් සම්බන්ධ කරගත් අවස්‌ථාවක්‌ ඇත. එම කථාවේ සඳහන් පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ආරක්‍ෂා වුණු බවත් සඳහන් වේ.

මේ අනුව බලන විට පිරිත් නූල ඈතට දිවයන්නකි. අද බොහෝ දෙනෙකුගේ අතේ පිරිත් නූලක්‌ ඇත. නමුත් එහි වටිනාකම දන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නූලක්‌ සතියකට වැඩි කාල සීමාවක්‌ පිරිසිදුව තබාගත හැකිය. යම් විදියකින් අපිsරිසිදු වුවොත් ඉවත් කළ යුතුය. පිරිත් නූලක්‌ පිරිසිදුව තබාගත හැකි නම් එසේම පන්සිල් ආරක්‍ෂා කරමින් ආගමික කටයුතුවල නිරන්තර නිරත වේ නම් ඒ පිරිත් නූලේ බලය තව තවත් වැඩි දියුණු වනු ඇත. සමහර අය පරණ පිරිත් නූල් අස්‌ නොකර ඊට උඩින් තව තවත් පිරිත් නූල් ගැටගසති. ඒ නිසා සමහර අයගේ අත් බැන්ඩේඡ් දාලා වගේ එතරම්ම පිරිත්නූල් එකතු කර ඇත. එවැනි ආකාරයෙන් තබා ගැනීම අන් අයගේ අප්‍රසන්නතාවයට හා විහිළුවට කාරණා වනු ඇත. එක්‌ පිරිත් නුලක්‌ තබා ගන්න. එය අපිරිසිදු වූ විට ඉවත් කර අලුත් නූලක්‌ දාගන්න.

කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක්‌ ගැන නම් තමන් කරන්නේ නරක දෙයක්‌ නම් ඉන් ලැබෙන ආශිර්වාදයක්‌ නැත. ඒ නිසා යහපත් දෙයක්‌ සිතමින් යහපත් දෙයක්‌ කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න. තිබෙන එක්‌ පිරිත් නූලෙන් ඔබට විශාල ශාන්තියක්‌ සැලසෙනු ඇත.

කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරවාසී

ගෝණදෙණියේ සීවලී හිමි

_____________________________


 Us ON ► මුදුන (Muduna)

.........................................

මහා මංගල සූත්‍රය

දෙවියන් සහිත ලෝකයෙහි ඒ ඒ කාලවල ඇතිවන කෝලාහලයන් පිළිබඳව ධර්මයේ සඳහන් වේ.

ඒ අනුව

1. මංගල යනු කුමක්දැයි තේරුම් ගැනීම සඳහා ඇතිවන කෝලාහලය මංගල කෝලාහලය යි.

2. සක්විති රජකෙනෙකු පහළවේ යැයි ඇතිවන ආන්දෝලනය සක්විති කෝලාහලය යි.

3. ලෝක විනාශයේදී ඇතිවන කෝලාහලය කල්ප ‍කෝලාහලය යි.

4. බුදුවරයකු පහළ වේ යැයි ඇතිවන කෝලාහලය බුද්ධ කෝලාහලය යි.

බුදුන් දවස දඹදිව මිනිසුන් අතර මංගල යනු කුමක්දැයි වාදයක් හට ගත්තේය. ඒ පිළිබඳව එකිනෙකා විවිධ අදහස් දැරූ අතර සමහරෙක් ඇසට පෙ‍නෙන දේ මංගල යයි කීහ. ” දිට්ඨ මංගලික” යන නමින් හැඳින්වුණු මොවුහු ඇසට පෙනෙන හොඳ දෙය මංගල ලෙසත් නරක දෙය අවමංගල ලෙසත් පිළිගත්හ. තවත් සමහරෙක් කණට ඇසෙන දේ මංගල යයි කීහ. ඔවුන් හැඳින්වූයේ “සුත මංගලිකයන්’යනුවෙනි. ඔවුන්ගේ පිළිගැනීම වූයේ කණට ඇසෙන මිහිරි දේ මංගල බවත් අමිහිරි දේ අවමංගල බවත්ය. ඇතැමෙක් ශරීරයට දැනෙන ස්පර්ශය මංගලයයි කීහ. “මුත මංගලිකයන්” මින් හැඳින්වුනු ඔවූහූ ශරීරයට දැනෙන සැපදායක ස්පර්ශය මංගල බවත් කටුක ස්පර්ශය අවමංගල බවත් පිළිගත් හ. මෙසේ මිනිස්සු තුන් කොටසකට බෙදී තම තමන් ගත් මතය සත්‍යය යයි ඔප්පු කිරීමට දිගු කලක් මුළුල්ලේ විවාද කළහ. එහෙත් දිනූ පක්ෂයක් නැත. දොළොස් වසරක් පුරා පැවති මෙම වාදයෙන් පිරිස් පිල්වලට බෙදී ගිය අතර අවසන් කීරණයකට එළැඹීමට ද නොහැති විය. මිනිසුන් අතර ඇති වූ මෙම මංගල කෝලාහලය පසුව දෙවියන් අතර ද පැතිරිණි. ඔවුන්ගෙන් බඹලොව වැසි බ්‍රහ්මයන් අතරද එය පැතිරී ගියේ ය.

සියල්ලෝම කොටස්වලට බෙදී වාද කරති. එහෙත් දිනන්නෙක් නැත. මෙම පැනයට විසඳුම් සොයන්නට කල්පනා කළ ශක්‍ර දේවේන්ද්‍රයා එක්තරා දෙවියෙකු කැඳවා සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වෙත ඔහු යැව්වේ පැනයට නියම විසඳුම ලබා ගැනීම සඳහාය. සැණෙකින් තව්තිසා දෙව්ලොවින් අතුරුදහන් වූ ඒ දිව්‍ය පුත්‍රයා සැවැත් නුවර දෙව්රම් වෙහෙරට සම්ප්‍රාප්ත වූයේය. මධ්‍යම රාත්‍රියෙහි ඉතා සිත්කළු ශරීර වර්ණයෙන් මුළු ජේතවනාරාමයම බබළවමින් පැමිණි හෙතෙම බුදුරදුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිට ‘බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයුං’ආදී ගාථාවෙන් මංගල ප්‍රශ්නය විචාලේය. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මංගල කරුණු තිස් අටක් අඩංගු මහාමංගල සූත්‍රය දේශනා කළ සේක. ලෞකික ජීවිතයට අදාල කරුණු 32 කුත්, ‍ලෝකෝත්තර ජීවිතයට අදාල කරුණු 6 කුත් වශයෙන් උභයලෝක සංසිද්ධි කාරණා 38 ක් ඇතුලත් මහා මංගල සූත්‍රය දේශනා කරමින් බුදුන්වහන්සේ මංගල ප්‍රශ්නය විසඳූ සේක.


මහා මංගල සූත්‍රය

එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවල කප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

තේරුම

මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයේ වැඩ වසන සේක.

එකල්හි වනාහි නාම ග්‍රෝත්‍රයෙන් අප්‍රසිද්ධ වූ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ප්‍රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව සියලු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කරුණක් සැලකෙළේ ය.

බහූ දේවා මනුස්සා ච

මංගලානි අචින්තයුං

ආකංඛමානා සොත්‍ථානං

බ්‍රෑහි මංගල මුත්තමං

තේරුම

දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි.

අසෙවනා ච බාලානං

පණ්ඩිතානඤ්ච සෙවනා

පූජා ච පූජනීයානං

එතං මංගල මුත්තමං

තේරුම

අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය.

පතිරූප දේස වාසො ච

පුබ්බේ ච කත පුඤ්ඤතා

අත්ත සම්මා පණීධි ච

එතං මංගල මුත්තමං

තේරුම

සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය.

බාහු සච්චං ච සිප්පං ච

විනයො ච සුසික්ඛිතො

සුභාසිතා ච යා වාචා

එතං මංගල මුත්තමං

තේරුම

බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.

මාතා පිතු උපට්ඨානං

පුත්තදාරස්ස සංගහො

අනාකුලා ච කම්මන්තා

එතං මංගල මුත්තමං

තේරුම

මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය.

දානං ච ධම්මචරියා ච

ඤාතකානඤ්ච සංගහො

අනවජ්ජානි කම්මානි

එතං මංගල මුත්තමං

තේරුම

දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්‍රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මඟුල් ය.

ආරති විරති පාපා

මජ්ජපානා ච සඤ්ඤමො

අප්පමාදො ච ධම්මෙසු

එතං මංගල මුත්තමං

තේරුම

පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මඟුල් ය.

ගාරවො ච නිවාතො ච

සන්තුට්ඨි ච කතඤ්ඤුතා

කාලේන ධම්ම සවනං

එතං මංගල මුත්තමං

තේරුම

ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් ය.

ඛන්තී ච සොවචස්සතා

සමණානං ච දස්සනං

කාලෙන ධම්ම සාකච්ඡා

එතං මංගල මුත්තමං

තේරුම

ඉවසීම ද, කීකරු බව ද, ශ්‍රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය.

තපො ච බ්‍රහ්ම චරියඤ්ච

අරියසච්චාන දස්සනං

නිබ්බාණ සච්ඡි කිරියා ච

එතං මංගල මුත්තමං

තේරුම

තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් ය.

ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි

චිත්තං යස්ස න කම්පති

අසොකං විරජං ඛෙමං

එතං මංගල මුත්තමං

තේරුම

අටලෝ දහමින් සිත කම්පා නොවේද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය.

ඵතාදිසානි කත්වාන

සබ්බත්ථ මපරාජිතා

සබ්බත්‍ථ සොත්ථිං ගච්ඡන්ති

තං තෙසං මංගල මුත්තමන්ති.

තේරුම

මෙබඳු මංගලයන් කොට සියලු තන්හි නො පැරදුනාහු සියලු තැන සැපතට යෙති. ඔවුනට මෙම කරුණු අටතිස උතුම් මඟුල් වේ. දෙලොව වැඩ සදාලන කරුණු වේ.

Article Taken from Facebook

අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේගේ සිංහල ධර්ම දේශනා

මීතිරිගල නිස්සරනවන සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව ස්වාමිපාදයාණන් වහන්සේගේ සිංහල ධර්ම දේශනා බාගත කිරීමට පහසු MP3 ලෙස පිරිනමා ඇත.
We are quite pleased to send you the link to Anathapindikovada Sutta by Most Ven U Dhammajiva Maha Thero. This is the current series being conducted at Damrivi Foundation. The Maha Thero conduct  a once a month combined program of guided meditation, a Dhamma talk on a series and a question and answer session at Damrivi Foundation. We have made this compilation a special series by providing each part separately. As a result practitioners can use the guided meditation sessions at home to remotely practice by themselves. Similarly any faraway Dhamma group could use it as a practice group session.

We have also provided here a PDF file on the Sutta from Buddha Jayanthi Tripitaka. Link to the PDF on Anathapindikovada Sutta: 

Please note that the series is not yet finished as it is an ongoing series.
To listen directly:  Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t, please highlight the browser window and click ‘reload this page’. It will start to play..
To download: You could download the file by right clicking on the link and then selecting ”save as ” from the dropped down menu.
  1. 01 – Guided Meditation_Morning- 06 Feb’11
  2. 02-Dhamma Desana_01- Anathapindikovada Sutta- 06 Feb’11
  3. 03- Q&A_Anathapindikovada Sutta- 06 Feb’11
  4. 04  -Guided Meditation_Morning-27 Mar’11
  5. 05 – Dhamma Desana_02- Anathapindikovada Sutta- 27Mar’11
  6. 06 – Q&A_Anathapindikovada Sutta- 27 Mar’11
  7. 07- Guided Meditation_Vesak Program-15 May’11
  8. 08 – Suko Bhuddhanam_Vesak Dhamma Desana- 15 May’11
  9. 09 – Q&A_Vesak Program-15 May’11
  10. 10 – Guided Meditation_Morning- 22nd May’11
  11. 11- Dhamma Desana_03- Anathapindikovada Sutta- 22 May’11
  12. 12 – Q&A_Anathapindikovada Sutta- 22 May’11
  13. 13 – Guided Meditation_Morning-31 July’11
  14. 14 – Dhamma Desana_04- Anathapindikovada Sutta-31 July’11
  15. 15 – Q&A_Anathapindikovada Sutta – 31 July’11
  16. 16 – Guided Meditation_Morning-21 August’11
  17. 17 – Dhamma Desana_05-Anathapindikovada Sutta – 22 August 2011
  18. 18 – Q&A_Anathapindikovada Sutta – 22 August 2011
  19. 19 – Guided Meditation_Morning- 18th Sept 2011
  20. 20 – Dhamma Desana_06-Anathapindikovada Sutta – 18th Sept 2011
  21. 21 – Q&A_Anathapindikovada Sutta – 18th Sept 2011
  22. 22 – Guided Meditation_Morning- 30th Oct 2011
  23. 23 – Dhamma Desana_07-Anathapindikovada Sutta – 30th Oct 2011
  24. 24 – Q&A_Anathapindikovada Sutta – 30th Oct 2011
  25. 25 – Guided Meditation_Morning- 29th Jan 2012
  26. 26 – Dhamma Desana_08-Anathapindikovada Sutta – 29th Jan’ 2012
  27. 27 –  Q&A_Anathapindikovada Sutta – 29th Jan’ 2012
  28. 28 – Guided Meditation_Morning – 26th Feb 2012
  29. 29 – Dhamma Desana_09-Anathapindikovada Sutta – 26th Feb’2012
  30. 30 – Q&A_Anathapindikovada Sutta – 26th Feb 2012
  31. 31 – Guided Meditation_Morning – 25th Mar’ 2012
  32. 32 – Dhamma Desana_10 – Anathapindikovada Sutta – 25th Mar’2012
  33. 33 – Q&A_Anathapindikovada Sutta – 25th Mar 2012
  34. 34 – Dhamma Desana_11 – Anathapindikovada Sutta – 29 Apr’2012
  35. 35 – Q&A_Anathapindikovada Sutta – 29th Apr’ 2012
  36. 36 – Guided Meditation_Morning – 27th May 2012
  37. 37 – Dhamma Desana_12 – Anathapindikovada Sutta – 27 May 2012
  38. 38 – Q&A2_Anathapindikovada Sutta – 27 May 2012
  39. 39 – Guided Meditation_Morning – 24th June 2012
  40. 40 – Dhamma Desana_13 – Anathapindikovada Sutta – 24th June 2012
  41. 41 –  Q&A_Anathapindikovada Sutta – 24 June 2012
  42. 42 – Guided Meditation_Morning – 29th July 2012
  43. 43 – Dhamma Desana_14 – Anathapindikovada Sutta – 29 July 2012
  44. 44 – Q&A_Anathapindikovada Sutta – 29 July 2012
  45. 45 – Guided Meditation_Morning – 26th August 2012
  46. 46 – Dhamma Desana_15 – Anathapindikovada Sutta – 26 August 2012
  47. 47 – Q&A_Anathapindikovada Sutta – 26 August 2012
  48. 48 – Guided Meditation_Morning – 30 Sept 2012
  49. 49 – Dhamma Desana_16 – Anathapindikovada Sutta – 30 Sept 2012
  50. 50 – Q&A_Anathapindikovada Sutta – 30 Sept 2012
  51. 51 – Guided Meditation_Morning – 28 Oct’12
  52. 52 – Dhamma Desana_17 – Anathapindikovada Sutta – 28 Oct’12
  53. 53 – Q&A_Anathapindikovada Sutta – 28 Oct’12
  54. 54. Guided Meditation_Morning – 31 March 2013
  55. 55 – Dhamma Desana_18 – Anathapindikovada Sutta – 31 March 2013
  56. 56. Q&A_Anathapindikovada Sutta – 31 Mar’13
  57. 57. Guided Meditation_Morning – 28 April 2013
  58. 58. Dhamma Desana_19 – Anathapindikovada Sutta – 28 April 2013
  59. 59. Q&A_Anathapindikovada Sutta – 28 April 2013
  60. 60. Guided Meditation_Morning – 26 May 2013
  61. 61. Dhamma Desana_20 – Anathapindikovada Sutta – 26 May 2013
  62. 62. Q&A_Anathapindikovada Sutta – 26 May 2013
  63. 63. Guided Meditation_Morning – 29 September 2013
  64. 64. Dhamma Desana_21 – Anathapindikovada Sutta – 29 September 2013
  65. 65. Q&A_Anathapindikovada Sutta – 29 September 2013
  66. 66. Guided Meditation_Morning – 27 October 2013
  67. 67. Dhamma Desana_22 – Anathapindikovada Sutta – 27 October 2013
  68. 68. Q&A_Anathapindikovada Sutta – 27 October 2013
  69. 69. Guided Meditation_Morning – 24 November 2013
  70. 70. Dhamma Desana_23 – Anathapindikovada Sutta – 24 November 2013
  71. 71. Q&A_Anathapindikovada Sutta – 24 November 2013
  72. 72. Guided Meditation_Morning – 23 February 2014
  73. 73. Dhamma Desana_24 – Anathapindikovada Sutta – 23 February 2014
  74. 74. Q&A_Anathapindikovada Sutta – 23 February 2014
  75. 75. Guided Meditation_Morning – 30 March 2014
  76. 76. Dhamma Desana_25 – Anathapindikovada Sutta – 30 March 2014
  77. 77. Q&A_Anathapindikovada Sutta – 30 March 2014
  78. Recordings of 27 April 2014.
  79. Recordings of 27 July 2014
  80. Recordings of 31 August 2014
Source : http://damsara.org/dhamma-talks-in-sinhala/most-ven-u-dhammajiva-maha-thero/anathapindikovada-sutta_2011-2012/

කරණීයමෙත්ත සූත්‍රය - පදයෙන් පදය අර්ථය

කරණීය මෙත්ත සූත්‍රය (මෙත්ත සූත්‍රය) බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්‍රකටය. තුන් සූත්‍රය ලෙස මහා මංගල සහ රතන සූත්‍ර සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි අංගයක් වන මෙත්ත සූත්‍රය එහි පදයෙන් පදය අර්ථයත් සමග දහම් පිපාසිත ඔට අතට පත් කිරීමට මෙසේ අදහස් කරමි. මේ සූත්‍ර දේශනාව කුඩා කල පටන් අසන අප එහි අරුතද දැන සිටීම වටින්නේය. මෙය පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්‍රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.

නිධාන කතාව: බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයක පන්සියයක් භික්ෂුන් වහන්සේලා සුදුසු කමටහන් ලබාගෙන බුදුන් වහන්සේගේ අනතුරු ඇඟවීම් මැද වුවත් වස් තුන් මස විවේකීව බවුන් වැඩීමේ අදහසින් සුදුසු තැනක් සොයා පිටත්ව ගියහ. උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ. ගමට ඉතා ආසන්න නොවී ඉතා දුරින්ද නොපිහිටි වන ලැහැබක් බැවින් භික්ෂූන්වහන්සේලාත් ඒ වන ලැහැබට වැඩම කර තම භාවනා කර්මය පටන් ගත්හ.

මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්‍රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්‍ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධා කළහ. උන්වහන්සේලාගේ ශරීර සුදුමැලිව බියෙන් තැති ගැණුනහ. සිත් එකඟ කළ නොහැකිව භාවනා අසාර්ථක විය. දිනක් පැන් ගෙන ඒමට දිය කඩිත්තට ගිය අවස්ථාවේ සංඝ ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ සේම අන්‍ය භික්ෂූන් ද ශරීරයෙන් කෘෂව වැහැරී සිටිනු දැක මෞන වෘතය රැකීම හෙවත් මුවින් ඩචනයක් පිට නොකර සීටීම යන භාවනා වෘතය එතෙකින් නවතා අනෙකුත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගැන විමසා බැලූහ. “කිමෙක්ද ඇවැත්නි, ඔබ වහන්සේලා ශරීරයෙන් කෘෂව සුදුමැලි බවට පත් වූයේ කිනම් කරැණකින්දැ”යි විමසූහ. එවිට තමන්වහන්සේට සේම සද්ධිවිහාරික අනෙකුත් භික්ෂූන් වහන්සේලාට ද ඇත්තේ අමුනුෂ්‍ය කරදර බව දැන එතැන තමන්ට සුදුසු තැනක් නොවන්නේ යැයි සිතූ උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ.

“ස්වාමීනි, මේ විදියෙ උපද්‍රව වලට මුහුණදෙන්න වුණ එම සෙනසුන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ.”
“නැහැ මහණෙනි, එතැනමයි සුදුසු. මේ වතාවේ නුඹලා ආයුධයක් අරගෙනයි යා යුත්තේ.”
“ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?”

ඒ අයුධය තමයි කරණීයමෙත්ත සූත්‍රය. මෙම පිරිත ඉගෙන ගොස් මසකට අට වරක් බණ අසන දිනයන්හිදී සජ්ඣායනා කරන්න........මෙය පදනම් කර ධර්ම සභාව රැස් වන්න..... මෙය කර්මස්ථානයක් වශයෙන් වඩන්නැයි" අවවාද දී කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළ සේක. මේ උපදෙස් අනුගමනය කළ එම භික්ෂූන්වහන්සේලාට දේවතාවුන්ගේ හිරිහැර නැති වී ගොස් නිතිපතා දෙවිදේවතාවුන්ගේ ද උපකාර ලැබ භාවනා කිරීමෙන් වස්තුන් මස අවසානයේ දී උන්වහන්සේලා පන්සිය නමම අර්හත් ඵල සමාපත්තියට පත්ව උත්තරීතර නිවන් අවබෝධයෙන් සැනසිල්ල උදාකරගත්හ. සාධු! සාධු! සාධු!
මෙම අනර්ඝ සූත්‍ර දේශනාවේ මෛත්‍රීය වැඩීමේ උපදෙස්මාලාවක් ඇතුලත් වන අතර එම බුද්ධ වචන භාවනා කර්මයක් දක්වා පහසුවෙන් වැඩීමට ඔබටත් හැකිය. නිවසේදී පිරිත් කියන විට ඔබ අර්ථය බලමින් කියවා මෙම අර්ථ ඔබට හුරු කරවාගෙන නිතර මෙනෙහි කරන විට අර්ථ සහිතවම මෙනෙහි කිරීමෙන් තම තමන්ට ආලෝකයක් තමාවිසින්ම සපයා ගත හැකිය. සූත්‍රයේ අවසානයට සඳහන්වන පරිදි ඔබත් නැවත මව් කුසක පිළිසිඳ නොගැනීමට භාවනා වීර්යය උපදවන්නේ නම් මේ ඔබට සුදුසුම සූත්‍ර දේශනාවයි. එයින් ඔබට නිරන්තර ආරක්ෂාව ලැබෙනු ඇත. එසේ වන්නේ ඔබේ මෛත්‍රී චිත්තයේ මහිමයෙන් සලිත වී යන අමනුෂ්‍යයෝ ඔබට කරදර නොකොට පිං බලාපොරොත්තුවෙන් ඔබව ආරක්ෂා කිරීමට පෙළඹෙන නිසාය. දෙවියෝ ද ඔබ උපද්‍රව වලින් වලක්වනු ඇත. ඔබේ සිත ද සැමට සුව සළසන මෛත්‍රී පිණ්ඬයක් වේවා! මේ දිනූ මනුෂ්‍ය ජීවිතයේ දීම ධර්ම ප්‍රාර්ථනා සමෘද කොට ගෙන ශාන්ත ලක්ඛණ අමා නිවනින් සැනසීම උදා කරගැනීමට මේ මහඟු බුද්ධ වචන ඔබට නිතිපතා උපකාරී වේවා!

කරණීයමත්ථ කුසලෙන (=කරණීය+ අත්ථ) – තමාට අර්ථයක් හෙවත් යහපතක් කරගන්නෙක් විසින්
යං තං සන්තං පදං අභිසමෙච්ච – ඒ ශාන්ත පදය(නිවන) අවබෝධයෙන්
සක්කො – දක්ෂයෙක්
උජු ච – ඍජු/අවංක (වූවෙක්)
සූජු ච – වඩාත් / සිතින් පවා අවංක (වූවෙක්)
සුවචො චස්ස – කීකරු වූවෙක්
මුදු අනතිමානී – මුදු නිහතමානී (වූවෙක් විය යුතුය)
සන්තුස්සකො ච – ලද දෙයින් සතුටු වන
සුභරො ච – පහසුවෙන් රැකිය හැකි
අප්ප කිච්චො ච – අල්ප වූ වැඩ කටයුතු ඇති
සල්ලහුක වුත්ති – ලහුක (සැහැල්ලු) පැවතුම් ඇති
සන්තින්ද්‍රියො ච – සන්සුන් (පස්) ඉඳුරන් ඇති
නිපකො ච - ඥානවන්ත වූ
අප්පගබ්භො - (ප්‍රගල්භ නොවන හෙවත්) සැහැසි /රළු නොවූ
කුලෙසු අනනුගිද්ධෝ - කුලයන්හි නොඇලුණු (හෙවත් දායක පවුල් වලට නොඇලුණු අයෙක් වියයුතුය)
න ච ඛුද්දං සමාචරෙ – සුළු වූත් හැසිරීමක් නැත
කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ – යම් ඒ අනෙක් නුවණැත්තන්
උපවදෙය්‍යුං - විසින් ගැරහීමට ලක්විය හැකි
සුඛිනො වා - (කයිනුත්) සුවපත්
ඛෙමිනො හොන්තු – නොබිය වූ
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්වයෝ (සිතිනුත්) සුවපත් වේවා!
යෙ කෙචි පාණ භූතත්ථි - යම්තාක් පණඇතියවුන් සිටින්නේ නම්
තසා වා - තැතිගත් හෝ
ථාවරා වා - ස්ථාවර හෙවත් තැති නොගත් (අර්හත්ඵල සමාපත්තියට පැමිණී උතුමන් තැති නොගත් යන්නෙන් අදහස් වේ)
අනවසෙසා - ඉතුරු නැතිවම
දීඝා වා – දිග් වූ හෝ
යෙ මහන්තා වා – මහත් වූ
මජ්ඣිමා- මධ්‍යම ප්‍රමාණ කය ඇති
රස්සක –කෙටි ප්‍රමාණ කය ඇති
(අ)ණුක - ඉතා සියුම්
ථූලා – ස්ථූල වූ
දිට්ඨා වා - දුටු සත්ත්වයන් (මෙන්ම)
යෙව අද්දිට්ඨා - යම් නුදුටු සත්ත්වයන් ද
යෙ ච දූරෙ - යම් දුර සිටින සත්ත්වයන් හෝ
වසන්ති අවිදූරෙ – නොදුරේ හෙවත් ළඟ වසන සත්ත්වයන්
භූතා වා - හටගත් හෙවත් ඉපදුණු හෝ
සම්භවෙසී වා- නොඉපදුනු, (මවුකුස සිටින හෝ බිත්තර අවස්ථාවේ සිටින)
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා – සියලු සත්ත්වයෝ සුවපත් (සිතැති) වේවා!
න පරො පරං නිකුබ්බෙථ – එකෙක් තවකෙකුට වංචා නොකෙරේවා
නාතිමඤ්ඤෙත (= න+අතිමඤ්ඤෙත) - හෙලා නොදකිත්වා
කත්ථචි නං කඤ්චි – කොතැන කිසිවෙකුත්
බ්‍යාරොසනා – කෝපවී
පඨිඝසඤ්ඤා – ගැටෙන අදහසින්
න+(අ)ඤ්ඤමඤ්ඤස්ස – එකෙක් අනෙකෙකුගේ
දුක්ඛම්+ඉච්ඡෙය්‍ය – දුක කැමතිවන්නේ නැත
මාතා යථා – යම් මවක් මෙන්
නියං පුත්තං – පුතෙකු සිටින
ආයුසා – පණ වැනිව
එක පුත්තං+අනුරක්ඛෙ - එක ම පුතු රකියි ද
එවම්පි– එලෙසම
සබ්බ භූතෙසු - සියලු සත්ත්වයනට
මානසං භාවයෙ අපරිමාණං – අපරිමිතවූ මනසක් වැඩිය යුතුය
මෙත්තං ච සබ්බ ලොකස්මිං - සකල ලෝකය වෙත මෙත පතුරවා
මානසං භාවයෙ අපරිමාණං – අපරිමිත වූ මනසක් වැඩිය යුතුය
උද්ධං - උඩ ද
අධො ච –යට ද
තිරියං ච – හරහට /තිරස / ආදී දිසානු දිසාවන්ද
අසම්බාධං – බාධා නැතිව
අවෙරං – අවෛරීව
අසපත්තං - සතුරු නැතිව
තිට්ඨං - හිටගෙන සිටිද්දී හෝ
චරං –ඇවිදින විට හෝ
නිසින්නො වා – ආසනයක හිඳගෙන විටින විට හෝ
සයානො වා – සයනය කරමින් හෝ
යාවතස්ස විගතමිද්ධො – නින්දෙන් වෙන්ව සිටිනතාක් හෙවෙත් අවදියෙන් සිටින සෑම විට ම
එතං සතිං අධිට්ඨෙය්‍ය – මෙසේ සිහිය අදිටන් කොටගත යුත්තේය
බ්‍රහ්මං+එතං විහාරං ඉධං+ආහු – මෙසේ විසීම බ්‍රහ්ම විහරණයකැයි ලොව (නුවණැත්තෝ) කියත්
දිට්ඨිංච අනුපගම්ම - ‍(සත්වයෙක් පුද්ගලයෙක් ඇත යන) දෘෂ්ඨියට නොගොස්
සීලවා - (සිදුරු නැතිව) සිල්වත් වන්නේ
දස්සනෙන සම්පන්නො – නිවැරදි දැක්මෙන් යුතුව
කාමෙසු විනෙය්‍ය ගෙධං – පංචකාමයන් කෙරෙහි ගිජුබව හෙවත් ඇලෙන ස්වභාවය දුරු කොටගෙන (අනාගාමී වී)
න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතී ‘ ති. – මවු ගැබක සැතපීමට නැවත නොපැමිණෙන්නේ මය.

සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!!

මෙම දහම් පඬුර සකස් කළේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල කුසලඤාණ හිමි- බාහිර කථිකාචාර්ය -පේරාදෙණිය විශ්ව විද්‍යාලය

පුදුම හාස්කම් ඇති නියම ‘‘ජලනන්දන පිරිත’’

ජලනන්දන පිරිතට බොහෝ දෙනෙක් ප‍්‍රිය කරනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ජලනන්දන පිරිත නිතර භාවිතා කරනවා. පුදුම හාස්කම් සහිත මහා බලසම්පන්න පිරිතක් විදියට තමයි ජලනන්දන පිරිත සැළකෙන්නේ. කොඩිවිණ ආපිට පෙරලා කැපීම, අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම, නිවාස ව්‍යාපාරික ස්ථාන ආරක්ෂාකිරීම මෙන්ම තවත් බොහෝ ප‍්‍රයෝජන මෙයින් ලබාගන්න පුළුවන්. මන්ත‍්‍ර ගුරුකම් ගැන දැනුම ඇති නැති කාටත් ජලනන්දන පිරිතෙන් වැඩගන්න පුළුවන්.

අද පිරිත් පොත් වල තියෙන ගාථා 7න් යුතු ජලනන්දන පිරිත එතරම් බලසම්පන්න නෑ. ජලනන්දන පිරිත් කීපයක් තිබෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්. විවිධ කටයුතු සඳහා භාවිතා කළ හැකි ජලනන්දන පිරිත් දහයක් පමණ තිබෙනවා. ඔබට මේ ඉදිරිපත් කරන ජලනන්දන පිරිත මේ අතරින් බලවත්ම පිරිතයි. මෙයින් ප‍්‍රයෝජන රාශියක් ලබාගන්න පුළුවන්. මෙය කියවීමේදී අඩුම වශයෙන් 7 වරක්වත් කියවිය යුතු බව මතක තබාගත යුතුය.

01. චත්තාරෝ වීසති බුද්ධා - අනුභාවො මහබ්බලො
යක්ඛ දේව බ‍්‍රහ්මානං - වන්දිතෝ පූජිතෝ වරො

02. එතෙසං අනුභාවෙන - සබ්බ භූතානි මද්දිනො
චතු වීසති තේජේන - සබ්බ වින විනස්සතු

03. ගොතමො බුද්ධ තේජෙන - චණ්ඩාල වින විනස්සතු
සාරි පුත්තානු භාවෙන - සබ්බ වින විනස්සතු

04. මොග්ගල්ලානස්ස තෙජෙන - චණ්ඩාල සුනියං නහි
අසීතිං ථෙර තෙජෙන - වින සබ්බෙසු අග්ගිහි

05.ථෙරො අංගුලි මාලෙන - ජින්දිතො සබ්බ සුනියං
චතුරාසිති සහස්සෙන - ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ

06. සබ්බානි අනුභාවානි - මම හත්ථෙ පතිට්ඨිතා
එතානි අනුභාවෙන - සබ්බානි වින විනස්තු

07.අසීති සත සහස්සෙන - ධම්මක්ඛන්ධෙන තෙජසා
සබ්බ චණ්ඩාල කම්මානි - වින දොසානි විනස්සතු

08.දෙව බ‍්‍රහ්මාච බුද්ධාච - ධම්මං සංඝංච තෙජසා
සබ්බානි අරි දෝසානි - වින දෝසානි විනස්සතු

09.ආනන්දොති මහා ථෙරං - ධම්ම භාණ්ඩක මුත්තමං
ආනන්දථෙර තේජෙන - නීච කුල බන්ධන ජේදනං

10.සම්බුද්ධස්ස තේජෙන - වින බන්ධන ඩයිහතු
තිණ්ණං රතනානු භවෙන - වින මන්ත‍්‍රානි විනස්සතු

මහා මංගල සූත්‍රය සිංහල තේරුම සහිතව

එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවල කප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

තේරුම
මා විසින් මේ සූත්‍ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයේ වැඩ වසන සේක.

එකල්හි වනාහි නාම ග්‍රෝත්‍රයෙන් අප්‍රසිද්ධ වූ එක්තරා දිව්‍ය පුත්‍රයෙක් ප්‍රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව සියලු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කරුණක් සැලකෙළේ ය.

බහූ දේවා මනුස්සා ච
මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්‍ථානං
බ්‍රෑහි මංගල මුත්තමං


තේරුම
දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි.

අසෙවනා ච බාලානං
පණ්ඩිතානඤ්ච සෙවනා
පූජා ච පූජනීයානං
එතං මංගල මුත්තමං


තේරුම
අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය.

පතිරූප දේස වාසො ච
පුබ්බේ ච කත පුඤ්ඤතා
අත්ත සම්මා පණීධි ච
එතං මංගල මුත්තමං


තේරුම
සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය.

බාහු සච්චං ච සිප්පං ච
විනයො ච සුසික්ඛිතො
සුභාසිතා ච යා වාචා
එතං මංගල මුත්තමං


තේරුම
බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.

මාතා පිතු උපට්ඨානං
පුත්තදාරස්ස සංගහො
අනාකුලා ච කම්මන්තා
එතං මංගල මුත්තමං

තේරුම
මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය.

දානං ච ධම්මචරියා ච
ඤාතකානඤ්ච සංගහො
අනවජ්ජානි කම්මානි
එතං මංගල මුත්තමං


තේරුම
දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්‍රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මඟුල් ය.

ආරති විරති පාපා
මජ්ජපානා ච සඤ්ඤමො
අප්පමාදො ච ධම්මෙසු
එතං මංගල මුත්තමං


තේරුම
පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මඟුල් ය.

ගාරවො ච නිවාතො ච
සන්තුට්ඨි ච කතඤ්ඤුතා
කාලේන ධම්ම සවනං
එතං මංගල මුත්තමං


තේරුම
ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් ය.

ඛන්තී ච සොවචස්සතා
සමණානං ච දස්සනං
කාලෙන ධම්ම සාකච්ඡා
එතං මංගල මුත්තමං


තේරුම
ඉවසීම ද, කීකරු බව ද, ශ්‍රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය.

තපො ච බ්‍රහ්ම චරියඤ්ච
අරියසච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡි කිරියා ච
එතං මංගල මුත්තමං


තේරුම
තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් ය.

ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි
චිත්තං යස්ස න කම්පති
අසොකං විරජං ඛෙමං
එතං මංගල මුත්තමං


තේරුම
අටලෝ දහමින් සිත කම්පා නොවේද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය.

ඵතාදිසානි කත්වාන
සබ්බත්ථ මපරාජිතා
සබ්බත්‍ථ සොත්ථිං ගච්ඡන්ති
තං තෙසං මංගල මුත්තමන්ති.

(බුදුසරණ අන්තර්ජාල කලාපය )

රතන සූත්‍රය සිංහල තේරුම සහිතව

යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
සබ්බේ ව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුනන්තු භාසිතං


තේරුම
1. භූමියෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් මනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත් වා. තව ද මාගේ වචනය මනාකොට අසත්වා.

තස්මාහි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා


තේරුම
2. අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා තෙපි රැස්ව සිටින්නාහුද? එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි තොපට පූජා ගෙනෙත් ද? එහෙයින් ඔවුන් රකිවු.

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු


තේරුම
3. මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දෙව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද? ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත්වේවා.

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ක්‍ධගා සක්‍ය මුනී සමාහිතො
න තෙන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු


තේරුම
4. ආය¸මාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්‍ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ ප්‍රණීත යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යං ඛුද්ධ සෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධිමානන්තරිකඤ්ඤ මාහු
සමාධිනාතෙන සමොන විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු


තේරුම
5. බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කෙළේ ද? එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යෙ පුද්ගලා අට්ඨ සතම්පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු


තේරුම
6. බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සිය අටක් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුග සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආය¸ පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යෙ සුප්ප යුත්තා මනසා දළ්හේන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්ථි හොතු


තේරුම
7. යම් රහත් කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

යථින්ද ඛීලො පඨවිංසිතො සියා
චතුබ්භිවාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු


තේරුම
8. ඉන්ද්‍රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද? යමෙක් ආය¸ සත්‍යයෙන් නුවණින් බැස දකී නම් ඒ සත් පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

යෙ අරිය සච්චානි විභාවයන්ති
ගම්භීර පඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු


තේරුම
9. යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආය¸ සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද? ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද,ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.

සහාවස්ස දස්සන සම්පදාය
තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච
සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායෙහිච විප්පමුත්තො
චඡාභිඨානානි අභබ්බොකාතුං
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු


තේරුම
10. දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ.මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

කිඤ්ඤාපි සො කම්මං කරෝති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨ පදස්ස වුත්තා
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු


තේරුම
11. ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද? හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වනප්පගුම්බෙ යථා ඵුස්සි තග්ගෙ
ගිම්හාන මාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
ඒතෙන සච්චේන සුවත්ථි හොතු

තේරුම
12. ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද? බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය.මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා.

වරො වරඤ්ඤු වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු


තේරුම
13. උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සත්වයනට සෙත් වේවා

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ
ඉදම්පි සඞඝෙ රතනං පණීතං
එතෙන සච්චේන සුවත්ථි හොතු


තේරුම
14. යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්‍ෂය කළ ප්‍රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
බුද්ධං නමස්සාම සුවත්ථි හොතු

තේරුම
15. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
තථාගතං දෙව මනුස්ස පූජිතං
ධම්මං නමස්සාම සුවත්ථි හොතු


තේරුම
16. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද? ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු.

යානීධ භූතානි සමාගතානී
භුම්මානි වා යානිව අන්තලික්ඛෙ
ථාගතං දෙව මනුස්ස පූජිතං
සඞඝං නමස්සාම සුවත්ථි හොතු


තේරුම
17. පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් ;ම තැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ වඳිමු.

15,16,17 ශක්‍රදේවේන්ද්‍රයා විසින් කියන ලද ගාථා තුනකි. විශාලා මහනුවර තුන් බිය දුරු කිරීම පිණිස රතන සූත්‍රය දෙසන ලදී.උදේ සවස උවදුරු දුරු කර ගැනීම සඳහා භාවිතා කළයුතු උතුම් සෙත් පිරිතකි

(බුදුසරණ අන්තර්ජාල කලාපය )

කරණීය මෙත්ත සූත්‍රය සිංහල තේරුම සහිතව

කරණීය මත්‍ථ කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි


තේරුම
1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.

සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

තේරුම
2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා


තේරුම
3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා


තේරුම
4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා


තේරුම
5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?

නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය


තේරුම
6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං


තේරුම
7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.

මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං


තේරුම
8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු


තේරුම
9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.

දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති


තේරුම
10. මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය





(බුදුසරණ අන්තර්ජාල කලාපය )