ධර්ම දානයේ වටිනාකම!

තිලොවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ "සබ්බදානං ධම්ම දානං ජිනාති යැ යි වදාර ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිබවනය කරන බව හා එහි ඇති අගය මෙසේ දත යුතු ය.
ඉදින් වනාහි සක්වල ගැබ සිට (සිංහලෙන් සටහන් කිරීම අපහසු වචන ඉංග්‍රීසි බසින් සටහන් කරමි) Nevasgngnnaasgngnaayathana අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වැඩ හිඳුවා බුදු, පසේ බුදු, මහා රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින්ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේද, ඒ චීවරමය දානමය පිං කමටද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්මානුමොදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද, "තං හි දානං තස්සා ගාථාය සොලසින් කලං නාග්ඝති" යැයි එහි වදාර ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේ බුදු, මහා රහතුන් වඩා හිඳුවා දුන් දානයේහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදන බණ කියා ලද විපාකයෙන් සෝලොස් කලාවකදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්‍රවනය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත.

සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේ බුදු, මහා රතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රනීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වැඩ හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා තරම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාරද එසේම ලෝවාමහාපාය වැනි ප්‍රසාදයන් නොයෙක් සියසහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.

අනාථ පිණ්ඩික සිටුතුමා දෙඋරම් වෙහෙර සඳහා කල පනස් හතර කොටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේන නම්, ධර්ම දානමය පින්කමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පින්කම් අතර අග්‍ර වේ. ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.

එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකරීම් ආදී පුණ්‍ය කාර්ම කරනුයේ ධර්මය අසා දැන ගත බැවිනි. ධර්මය දැන කි යා ගැනීමට නො ලැබුණි නම් කැඳ සරලුවකුදු, බත් හන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත, මේ කරුණින්ද ධර්ම ධානමය පින්කම ම සියලු දැන් පරදවන බව දත යුතු ය. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැම්පත් සැරියුත් ස්වාමින් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වර්ෂාවේ දියබිඳු ප්‍රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේය. මේ තරම් නුවණක් ඇති සැරියුත් හිමිට ද බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දාන ම යැ පින ම සියලු දාන ම යැ පිංකම් වලට වඩා ශ්‍රේෂ්ඨ වන බව අග්‍ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුන්ට වදාරන්නට යෙදුනේ ය.

සබ්බ දානං ධම්ම දානං ජිනාති! සාදු සාදු සාදු
සම්පාදනය: පුජ්‍ය රිදීගම සුධම්මාභිවංශ හිමි.
කාර්ම විපාක නම් ධර්ම දානය වෙනුවෙන් නොමිලේ බෙදාහරින පොතෙහි අනු පිටපතකි,
ඉ සටහන : රන්දීර් රාසා හා නිල්මිණි ප්‍රනාන්දු විසිනි

0 comments (+add yours?)

Post a Comment