බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් මෙතෙක්‌ ආ ගමන්

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන් දැක ගැනීමේ බලවත් ආශාවෙන් හැත්තෑව දශකයේ අග භාගයේ දී මා මුලින්ම ගියේ මහරගම චන්ද්‍රශේඛරාරාමයටය. නාහිමිපාණන් පිළිබ`දව අසා ඇති තොරතුරු අනුව අල්පේච්ච දිවිපෙවතක්‌ ගෙවන නා හිමිපාණන්ගේ සැබෑ සරල චාම් දිවි පැවැත්ම එහි දී සියෑසින් දැක බලා ගැනීමේ භාග්‍ය මා සතු විය. නා හිමියන් වැඩ විසුයේ කුඩා කුටියකය. එහි තිබූ නාහිමියන්ගේ සයනය (ඇ`ද) කොන්ක්‍රීට්‌ සයනාසනයකි. එහි එලා තිබුණේ පන් පැදුරකි. කොන්ක්‍රීට්‌ ඇෙ`දහි බිත්තිය අයිනට වන්නට රාක්‌කයක බ`දු පිළිවෙලකට අතුරා තිබු පොත් පෙළකි. එය සිංහල, පාලි, සංස්‌කෘත, ඉංග්‍රීසි යනා දී අගනා පොත්පත් සහ ලිපි ලේඛන වලින් සපිරි පුස්‌තකාලයකි. නාහිමිපාණන්ගේ මුවෙහි තිබූ ප්‍රසන්න මන්දස්‌මිතය අතිශය ආකර්ශනීය වේ. නාහිමිපාණන්ගෙන් ලැබූ ආශිර්වාදය දිවියට පිහිටක්‌ම වේ.

මා සියෑසින් දැක ගත් මේ නාහිමිපාණන්ගේ පරම අභිලාශය බුද්ධත්ව යයි. අනන්ත අපරිමාණ වූ ලෝ සතුන් සසරින් එතෙර කරවීමයි. මේ පුරාකෘත කුශලයන්ද හිමිකර ගත් ශේ්‍රෂ්ඨ බෝසත් චරිතය ශ්‍රී ලංකාවට පමණක්‌ නොව ලොවට කළ මෙහෙය ද අපරිමිතය.

ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන්ගේ ජීවන චරිතය පිළිබ`දව විමසන්නෙකුට එහි උපරිමය ගලා යැමේ අපූර්වත්වය සාමාන්‍ය චරිතයකින් දැකගත නොහැකි වන තරමට ශේ්‍රෂ්ඨ වෙති.

1926 වර්ෂයේ දී ඉන්aදියාවේ කේරලයේ කැලිකට්‌ නගරයේ රාජ්‍ය මන්ත්‍රී ශ්‍රී ක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයෙන් කේරලයට වැඩම කරවීම ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ගේ මුල්ම විදේශ ධර්ම දූත ගමන වෙයි. ක්‍රිෂ්ණන් මහතා බුදු දහම කෙරෙහි දැඩි ඇල්මක්‌ ඇතිව සිටි අයෙකි. හෙතෙම අප නාහිමිපාණන් සමීපයේ ටික කලක්‌ පැවිදිව සිටීමද විශේෂත්වයකි. තවද ධර්ම දූත සහ වන්දනා ගමන් වශයෙන් තිස්‌හය වතාවක්‌ අප නාහිමිපාණන් ඉන්දියාවට වැඩම කොට ඇත.

'ශාක්‍යසිංහාවදානය' හෙවත් බුද්ධ චරිතය නාහිමිපාණන් 1928 දී පළකරන ලද ඉතා වටිනා ග්‍රන්ථයකි. එය ඉගෙනුම ලබන අයට පමණක්‌ නොව පොදුවේ කාහටත් ප්‍රයෝජනවත් මා හැඟි ග්‍රන්ථයක්‌ ලෙස හැ`දින්විය හැක.

බලංගොඩ නාහිමිපාණන්ගේ සිත් ඇදගන්නා සුළු දේශනා විලාශයත්, පුවත්පත් ලිපි ලේඛන වලින් වාද විවාද ඉදිරිපත් කිරීමේ අපුරු ශෛලියත් නිසා දේශනා මෙන්ම ලිපි ලේඛන ද ශ්‍රාවකයා සහ පාඨකයා ඇද බැඳ ගැනීමට සමත් විය. 'ඥානාර්ථ ප්‍රදීSපය' ලක්‌මිණි පහන, 'සරසවි ස`දරැස්‌ සහ මෙන්ම 'බුද්ධරශ්මි' පුවත්පත් නාහිමියන්ගේ විවාදාත්මක ලිපි ලේඛන වලින් පෝෂණය විය. 'දැහැමි' 'නන්දලාල්මිත්‍ර' 'ආත්‍රෙය' 'භානුජ' 'මෛත්‍රීපාල' 'නලාමි' ධර්මදර්ශීන් යනා දී අන්වර්ථ නම් වලින් මෙම බොහෝ විවාදාත්මක ලිපි පළකොට ඇත. බී. ඒ. එම්. යන ආරූඪ නමින්ද සමහර පත්‍ර ලිපි පළකොට ඇත.

නාහිමිපාණන්aගේ විවාදාත්මක ලිපි පළ වූ අනෙකුත් පුවත්පත් වන්නේ 'මගේ ස`ගරාව' සහ ස්‌වදේශ මිත්‍රයා' ය. තව ද 'සිංහල බෞද්ධයා' පුවත්පතට ද නාහිමිපාණන් ලිපි සපයා ඇත. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සම`ග අප නාහිමිපාණන් පැවැත්වූ සමීප සබ`දතාව නිසා 'සිංහල බෞද්ධයා' පුවත් පත කෙරෙහි ද නාහිමිපාණන් තුළ දැඩි බැඳීමක්‌ පැවතිණ.

1953 වර්ෂයේ දී බුද්ධ ජයන්තිය නිමිති කොටගෙන, නාහිමිපාණන්ගේම සංස්‌කාරකත්වයෙන්ම 'ධර්ම විජය' නමින් පුවත් පතක්‌ එළි දැක්‌වුණි. එය ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ පුවත්පතක්‌ බවට පත්විය.


1954 වර්ෂයේ ආරම්භයේදීම සබරගමුව සද්ධම්මවංශ නිකායේ සංඝනායක පදවිය සහ මහා නායක පදවියෙන් පිදුම් ලැබූ අප නාහිමියෝ එම වර්ෂයේ පෙබරවාරී මාසයේදීම බුරුම රටේ පැවති ඡට්‌ඨ මහා සංඝායනාවට සහභාගී වීම පිණිස එ රටට වැඩම කළහ. කැපී පෙනෙන ලෙස න්‍යායාත්මක බුරුම මහතෙර වරුන් ඉදිරියේ කරුණු ඉදිරිපත් කළ අප නාහිමිපාණන් එහි උත්තරීතර අවසාන සෝධන මණ්‌ඩලයට ද පත්ව, දෙවෙනි සංඝායනා වාරයේ දී එහි මූලාසනයට පත් වුවා පමණක්‌ නොව බුරුම රජයට පිරිනැමු අග්ගමහා පණ්‌ඩිත උපාධියෙන්ද පිදුම් ලැබූහ.

අප නාහිමිපාණන් මෙතෙක්‌ ආ ගමන් මගෙහි ඇත්තේ, අපූර්වත්වයකි. නොනැවතී එකදිගට ගලා බසින පවිත්‍ර ගංගාවක්‌ සේ නාහිමිපාණන්ගේ ගමන් මගද පවිත්‍ර වූ ගංගාවක්‌ පරිදිම ගලා බස්‌නේය.

අප නාහිමිපාණන්ට විෙද්‍යාaදය විශ්ව විද්‍යාලයේ මහායාන බුද්ධ ධර්ම අංශයේ මහාචාර්ය පදවිය ලැබුණේ ඉක්‌බිතිවය. ඒ 1959 වර්ෂයේ දීය. එතෙකින් නොනැවතී 1963 දී එහි පිඨාධිපති ධුරයත්, එම වර්ෂයේ දීම සාහිත්‍යශූරී උපාධියක්‌ ලැබූහ. අනතුරුව 1965 වර්ෂයේ දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ම`ගින් සාහිත්‍ය චක්‍රවර්ති උපාධියෙන් පුදනු ලැබු අප නාහිමිපාණෝ 1966 වර්ෂයේ දී විෙද්‍යාaදය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වූහ. මෙලෙස ලැබූ උපාධි නාම භාවිතා කිරීමට අප නාහිමිපාණන් එතරම් කැමැත්තක්‌ දක්‌වා නැත. උපකුලපති තනතුරේදී ගතයුතු සමහර තීන්දු තීරණ තම මහණකමට නොගැලපේ යෑයි සිතු අප නාහිමියෝ උපකුලපති තනතුරෙන්ද ඉවත් වූහ. පසුව එම තනතුරට මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණන්ගේ නම යෝජනා කර ඇත්තේ ද අප නාහිමිපාණන්ම විසිනි.

1968 වර්ෂයේ දී භාරතයට වැඩම කළ බලංගොඩ නාහිමිපාණෝ බරණැස සාරානාත් ඉසිපතන විහාරස්‌ථානයේ අධිපති ධුරයද දැරූහ. එම කාල සීමාව නාහිමිපාණන්ගේ දිවියෙහි සුවිශේෂ කාල පරිච්ඡේදයක්‌ විය. දිනපතා සන්ධ්‍යා කාලයේ ඉසිපතන විහාරස්‌ථානයේ 'ධම්මචක්‌කප්පවත්තන' සුත්‍රය විහාරස්‌ථානයේ වැඩම සිට අනෙකුත් භික්‍ෂුන් වහන්සේලා සමග එක්‌ව සඡ්ජායනා කිරීම නාහිමිපාණන් වහන්සේගේ චිත්ත ප්‍රීතියට හේතුවිය.

බලංගොඩ නාහිමිපාණන්ගේ එංගලන්තයට වැඩමවීමේ ප්‍රථම ගමන සිදුවූයේ 1973 වර්ෂයේ දීය. ඒ බුරුම ජාතික ඌම්‍යට්‌සෝ මහතාගේ ආරාධනයෙන් වන අතර, ඔක්‌ස්‌µර්ඩ්, කේම්බ්‍රිඡ්, ලැන්කැස්‌ටර්, විශ්වවිද්‍යාලවලදී ධර්ම දේශනා සහ සාකච්ජා පවත්වමින් බොහෝ ගිහිපැවිදි පිරිස්‌ අතර ප්‍රසාදයට පත්වූහ. එතෙකින් නොනැවතී දෙවනවරටද 1979 වර්ෂයේ දී එංගලන්තයට වැඩම කළ අප නාහිමියෝ එහි මිල්ටන් කීන්ස්‌ චෛත්‍ය විවෘත කිරීමේ උළෙලට ද සහභාගී වූහ. 1981 වර්ෂයේ දී ද නැවත එංගලන්තයට වැඩම කළ අප නාහිමිපාණෝ ලනඩන් නගරයට තරමක්‌ දුරින් පිහිටියා වූ 'චික්‌හර්ස්‌ට්‌' හි බෞද්ධ ආරාමයේ වැඩ වාසය කරමින් යුරෝපීය සහ ඇමෙරිකානු භික්‍ෂුන්ට අභිධර්මය සහ පාලිභාෂාව ඉගැන්වූහ. එම කාල සීමාව තුළ මෙම ආරාමයෙහි සීමා සම්මතයක්‌ සිදු කළ අතර, මෙකි සීමාව නම් කොට ඇත්තේ 'ආනන්ද මෛත්‍රෙය සීමාව' යනුවෙනි.

තවද ලන්ඩන් නගරයට තරමක්‌ ඈතින් පිහිටි 'අමාරාවතී විහාරය' ඉතාමත් ප්‍රසන්න නිසල පරිසරයක පිහිටි ශාන්ත වූ විවේක ස්‌ථානයකි. මෙම විහාරස්‌ථානය යුරෝපීය භික්‍ෂුන්ගේ බෞද්ධ ආරාමයක්‌ වන අතර, වර්තමානයේ ද සැදැහැවතුන්ගේ ප්‍රසාදය ඇතිකරවන ආකර්ශනීය ස්‌ථානයක්‌ ලෙස පවතින බව ස`දහන් කළ හැකිය. මෙකී යුරෝපීය භික්‍ෂුන්ගේ 'අමරාවතී විහාරය' 1985 මැයි මාසයේ දී විවෘත කරවන ලද්දේ අප නාහිමිපාණන් අතින් වීමද මෙහි ඇති සුවිශේෂත්වයකි.

මෙලෙස ලෝසසුන් යහපත කෙරෙහි වැඩ සැලසු බලංගොඩ නාහිමිපාණන්ගේ ජීවන චරිතය පිළිබ`ද විමසා බලන්නෙකුට එය අන් කිසිම වූ වර්තමාන චරිතයට සමකළ නොහැකි වන සේ උතුම්ම වන බව අප අවිවාදයෙන්ම පිළිගත යුතුය. ගනේගම සරණංකර නාහිමිපාණන්ගේ 'බුදු හාමුදුරුවෝ' කෘතිය හ`දුන්වා දෙන ගණේගම නාහිමි බුදුහාමුදුරුවන් පිළිබ`දව හ`දුන්වන්නේ.... උන්වහන්සේ කතා කරන හැටි, බණ කියන හැටි, සැතපෙන හැටි, එක මොහොතක්‌ අපතේ නොයවා සේවයේ යෙදෙන හැටි, මහන්aසියක්‌ නොතකා පාගමනින්, ගම් නියම්ගම් වල චාරිකා වේ හැසිරෙන හැටි.......', යනාදී වශයෙනි. ත්‍රිපිටකයෙන් හ`දුනාගත් අප බුදුරජාණන් වහන්සේගේ ජීවමාන චරිතයේ හැසිරීම් රටා මෙලෙසින් හැ`දින්වෙන විට අප බලංගොඩ නාහිමිපාණන් ඒ හැසිරීම් රටා අනුගමනය කළා දැයිs සිතෙන තරමටම ඒ කරුණු ද අප නාහිමිපාණන්ගේ චරිතයට බොහෝ දුරට සමීපය.

ඇමෙරිකාව, කැනඩාව, එංගලන්තය, ස්‌කොට්‌ලන්තය, ප්‍රංශය, ඩෙන්මාර්කය, ඉන්දියාව වැනි රටවල ධර්මදූත සේවාවේ යෙදුණු ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවෝ ලාංකීය ජන විඥානය යහපත් අයුරින් අවදි කරන්නට පරිශ්‍රමයක්‌ දැරූ අනගාරික ධර්මපාලතුමා සහ වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමාගේ සමීප ඇසුර පවා ලබා ඇත. මේ සැම අභිබවා ශ්‍රී ලාංකීය දූ පුතුන් කෙරෙහි ශිල්ප ඥානය ලබාදීමේ ඉමහත් උනන්දුවකින් කටයුතු කළ නාහිමියෝ ස්‌වකීය තරුණ භික්‍ෂු අවදියේ බලංගොඩ උඩුමුල්ලේ නන්දාරාමයේ දී බණ දහම් භාෂා ඉගෙන අවට ගම් නියම්ගම් කිහිපයකින්ම එන දරු දැරියන්ට ඉතා හො`ද ශිල්ප ඥානයක්‌ ලබා දුන්හ. ඉන් නොනැවතී ඉගෙනීමට උනන්දු එහෙත් පහසුකම් අඩු ශ්‍රී ලංකීය දූ පුතුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණින් 'බලංගොඩ ආනන්ද මෛත්‍රෙය පදනම' ආරම්භ කළේ නාහිමිපාණන් සුජීවත්ව වැඩ වාසය කරන කල්හිදීමය. මෙම සත් ක්‍රිsයාව නොකඩවා ඉදිරියට ගෙන යාමට බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන්ගේ ප්‍රිය ශිෂ්‍ය දැනට ලන්ඩන් නුවර වැඩ වාසය කරන බබරකොටුවේ ආනන්ද මංගල ස්‌වාමීන් වහන්සේ කැපවීමෙන් කටයුතු කරති. මෙවරද නාහිමිපාණන්ගේ 116 වෙනි ජන්ම දින උපහාර උළෙල හා ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2012 අගෝස්‌තු මස 25 වෙනි දින බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර ඇත.

ආනන්ද මෛත්‍රෙය මහ නායක හාමුදුරුවෝ පැතුවේ සෝවාන් ඵලය නොව බුද්ධත්වයයි. 1896 අගෝස්‌තු මස 24 වෙනි දින උපන් විලියම් නොහොත් පුංචි මහත්තයා කුමරු පැවිදිව විවිධ සමාජ, ආගමික, අධ්‍යාපනික, ශාසනික සහ විශ්ව සේවාවන් ඉටු කරමින් බුදු බව පතන බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමිපාණන් වී පුරා වසර 102 ක්‌ ආයු වළ¹ 1998 ජුලි මස 19 වෙනි දින අපවත් වූහ.

අග්ගමහා පණ්‌ඩිත අභිධජ මහාරට්‌ඨගුරු අති උත්තරීතර බලංගොඩ ආනන්ද මෛත්‍රෙය සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ප්‍රාර්ථනය අනුවම උන් වහන්සේට උතුම් වූ බුද්ධත්වය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

විද්‍යාපති අසංග අතපත්තු

1 comments (+add yours?)

Robert Basnayaka said...

ඉතාම වටිනාම ලිපියක්.මම උන් වහන්සේ පිළිබඳව ගොඩක් තොරතුරු මේ ලිපියෙන් දන ගත්තා.

Post a Comment