දෙවියෝ
දෙවියෝ නම් මිනිස් තත්ත්වය ඉක්ම වූ තත්ත්වයකින් යුත් සත්ත්ව කොට්ඨාසයකි.
දෙවියෝ ඇත්තාහයි නො අදහන ආගමක් දැන් නො පවත්නේ ය. පරලොවක් නැතැයි කියන
උචෙඡදවාදීන් පමණක් දෙවිකොටසත් නැතැයි කියනවා ඇත.
අන් බොහෝ ආගම්වල දෙවියෝ සදාකාලික වෙති. නමුත් බෞ_ාගමෙහි හැම දෙවිකෙනෙක් ම
මරණයට යටත් වෙතියි ප්‍රකාශ කරන ලදී. හින්දුන් විසින් ලෝක නිර්මාපකයා සේ
ගණන් ගත් මහා බ්‍රහ්මයා පවා මැරෙන ස්වභාවය ඇත්තෙකැ යි බුදුරදුන් විසින්
දේශනා කරන ලදී.
බුද්ධාගම පහළවෙන්ට පෙර නානාදේශීය මිනිසුන් විසින් ගෞරවයෙන් සලකනු ලැබූ
නොයෙක් දෙවිවරු වූහ. බෞද්ධාචාර්යවරු ඒ දෙවිවරු අවිද්‍යමානවෙති යි නො කියා ඒ
හැම දෙනම බුදුරදුන්ට ගෞරව කරන හැමදා ජීවත් නොවන පුද්ගලයන් සේ දැක් වූහ.
අප බුදුරදාණන් ලොව පහළ වූ කාලයේ දී බොහෝ දෙනාගේ ගරු සම්මාන ලැබුවේ
මහාබ්‍රහ්මයායි. ඒ මහාබ්‍රහ්මයා බුදුරදුන්ට ප්‍රථම ධර්ම දේශනාව සඳහා ආරාධනා
කළ උපාසකයකු සේ දැක් වූහ. එකල දෙවැනි තරමේ සම්මාන ලැබූ ඉන්ද්‍ර දෙවියා
නිතර බුදුරදුන්ට උපස්ථානයට එන, උන්වහන්සේගෙන් ධර්මය ඉගෙන ගන්නා දෙවියකු සේ
පෙන් වූහ. මහාසමය සූත්‍රයේ නම් පෙනෙන සැත්තෑවකට වැඩි තරම් දෙවි පිරිස්
බුදුරදුන්ගෙන් බණ ඇසීම සඳහා මහාවනයට ආහ. ඒ හැම දෙවිවරුම ඒ ඒ ප්‍රදේශවල
මිනිසුන් විසින් තමන්ගේ ආරක්ෂක දෙවියන් සේ සලකන ලද්දෝ ය යි කිය හැක.
අන්‍ය ආගම්වල දෙවිවරු යහපත් ගුණධර්මවලින් පමණක් යුක්තවූවෝ නොවූ හ. මිනිසුන්
ස්ථිර වාසස්ථාන නැතිව සමූහ වශයෙන් එක්තැන් වී එක් එක් නායකයන් යටතේ
කූඩාරම්වල ජීවත් වූ කාලයේ දී ඔවුහු නිතරම අන්‍ය සමූහයන් හා යුද්ධකරමින්
විසූහ. ඒ කාලයේ දී තම තමන්ගේ ආරක්ෂක දෙවිවරු ඇතැයි ඔවුහු සිතූ®හ. ඒ
දෙවිවරුන් තමන් සේම මිනී මැරීම් සතුන් මැරීම් ආදිය කරන්නෝ ය යි විශ්වාස
කළහ. යේහෝවඞ දෙවියන් නොයෙක් විට මිනිසුන් මැරූ බව සඳහන් වෙන්නේ මේ නිසා ය.
හින්දුන්ගේ ඇදහීම ලෙස දේවත්වය ලැබිය හැක්කේ සතුන්මරා යාග කිරීමෙනි.
බෞද්ධාගාමෙහි වනාහි දන්දීම් ආදී කුශල කර්ම කිරීමෙන් පමණක් දේවත්වය ලැබිය
හැකැයි ද දෙවියෝ සිල්වත් පැවිද්දන්ටත් මිනිසුන්ටත් ගෞරව කරන්නෝ යයි ද
ප්‍රකාශ කරන ලදී. (එසේ වුවත් සුචරිත වර්ධනයට නො කැමැති මාරකායික දෙවි
පිරිසක් ද ඇතැයි කියන ලදී.) දිනක් සක්දෙව් රජ උයන් කෙළියට යාම සඳහා රථයට
නැඟීමට පෙර සිවු දිශාවන්ට නමස්කාර කෙළේ ය. එය දුටු මාතලී රථාචාර්යයා
මිනිසුන්ගෙන් ද සතරවරම් දෙවියන්ගෙන් ද තව්තිසා වැසියන්ගෙන් ද වැඳුම් ලබන ඔබ
කවරෙකුට නමන්කාර කරන්නාහු දැයි විචාල විට හෙතෙමේ “මම ද සිල්වත් වූ බොහෝ
කල් සන්සුන් සිත් ඇතිව විසූ උතුම් හැසිරීම් ඇති යහපත් පැවිද්දන්ට වඳිමි” යි
කීය. සිල් රකින උපාසකයන්ට පවා වඳින බව සක්කසංයුත්තයේ දෙවැනි වර්ගයෙහි වූ :
“යෙ ගහඪා පුඤ්ඤකරා සීලවනේතා උපාසකා
ධමේමන දාරං පොසෙන්ති තෙ නමස්සාමි මාතලි.”
(මාතලිය, පින් කරන සිල්වත් වූ යම් ගිහි උපාසක කෙනෙක් ධාර්මිකව පවුල් රකිත්
නම් මම ඔවුන්ට වඳීමි) යන ගාථාවෙන් කියවේ. මීට උඩින් දැක් වූ පැවිද්දන්ට
වඳින බව කියවෙන්නෙත් මේ සූත්‍රයේ දී ය.
දෙවියන් අපට නො පෙනෙන්නේ ඇයි ? - දෙවියෝ භුම්‍යස්ථ ආකාශස්ථ වශයෙන් දෙකොටසකට
බෙදෙත්, මේ පොළොව ම ආශ්‍රයම කොට වසන්නෝ භුම්‍යස්ථයෝ යි. ඉන් ඉහළ විමානවල
වසන්නෝ ආකාශ ස්ථයෝ යි. දෙවියන්ගේ ශරීරයන් අපේ ශරීර මෙන් දළ නොවන බැවින් ද
අපේ මසැසට නොපෙනෙත්, ඒ ඒ පුද්ගලයාට ඒ ඒ දේ පෙනෙන්නේ දෘෂ්ටියේ ශක්තිය ඇති
තරමට ය. ඇතැම් කෙනෙකුන්ට දුර තිබෙන දේ නොපෙනේ. ඇතැම් කෙනෙකුන්ට කණ්ණාඩියක්
නැතිව ළඟ තිබෙන පොත් පත් කියවිය නොහැක. මෙසේ සිදුවන්නේ අක්ෂිදෘෂ්ටියේ
දුර්වලකම නිසාය. හොඳ දෘෂ්ටි ශක්තිය ඇත්තෙකුට පවා සූර්ය රශ්මිය නැති කාමරයක්
තුළ වාතයේ පාවෙන ධූලි ආදිය නො පෙනේ. එවැනි කාමරයකට වහලේ සිදුරකින් හෝ
බිත්ති සිදුරකින් හිරුරැස් කළඹක් වැටුණොත් ඒ රශ්මිය තිබෙන හරියේ සුළඟේ
පාවෙන ධූලි ආදිය දැක්ක හැක.
ප්‍රකෘති ඇසට නොපෙනෙන දේ ඇක්ස්රේ ආලෝකය පැතිරවීමෙන් දැක්ක හැක. මෙසේ ආලෝකය
බලවත් වු තරමට සියුම් සියුම් රූපයන් දැක්ක හැකි බව වටහා ගත යුතුයි. ඇක්ස්රේ
ආලෝකයෙන් වත් අපට දෙවියන් නො පෙනෙන්නේ ඔවුන්ගේ ශරීර ඒ තරම් සියුම් දේ
වලින් මැවී තිබෙන නිසා විය යුතුයි. ආලෝකය දෘෂ්ටියේ අසහාය මිත්‍රයායි.
කොහෙත්ම ආලෝකයක් නැති තැන දර්ශනයක් ඇති නොවේ.
දිවැස්
ලැබූවන්ට දේවතාවන් දැක්ක හැකි බව අපේ පොත්වල කියැවේ. දිවැස ලැබිය හැක්කේ
අනුක්‍රමයෙන් සියුම් සියුම් වූ දේවල් බැලීමට ඇස පුරුදු කිරීමෙන් හා ආලෝකය
වැඩීමෙන් යයි කියන ලදී. අපට පේ‍්‍රත – පිශාචාදී පහත් භූ®තයන් නො පෙනෙන්නේ ඒ
ගැන අපේ ආශාවක් හා පුරුදු කිරීමක් නැති නිසායි බටහිර භූ®ත විද්‍යාඥයෝ
කියත්, ඔවුන් අපට නො පෙනෙන්නේත් ඔවුන්ගේ සිරුරු අපේ ශරීරවලට වඩා සියුම්
බැවිනි. දික්සඟි අටුවාවේ සක්කපඤහ සුත්තවණ්ණනාවෙහි “දෙවතානං භි රාජකයං
සුඛුමං, කම්මඡං බලවං ; කරඡකායස්ස සුඛුමත්තා කම්මඡස්ස ච බලවත්තා ඒකාහාරම්පි
අතික්කමිත්වා න ති¾ඨන්ති” (දෙවියන්ගේ ආහාර - සෘතු දෙකින් හටගත් ශරීරය
සියුම්ය.
කර්මයෙන් හටගත් ශරීරය බලවත් ය. කරජකාය සියුම් බැවිනුත් කර්මජකාය බලවත්
බැවිනුත් එක් ආහාර වේලක් වත් ඉක්මවා ජීවත් වෙන්ට සමර්ත නොවෙති) යි කියන ලදී
ඔවුන් ආහාර ගන්නා වේලාව ඉකුත් කළහොත් රත් වූ ගලක් මත තැබූ ගිතෙල් පිඬක්
මෙන් ඔවුනගේ සිරුරු දිය වී යත් යයි එහි කියන ලදී. මොවුන්ගේ ආහාරයත් මොවුන්ට
ගැළපෙන සියුම් වූ ම දෙයකැයි දත යුතු, ගවයන් අනුභව කරන පිදුරු තණකොළ ආදිය
කා මිනිසුන්ට දිරවිය නොහැකිවා සේ අප අනුභව කරන බත් ආදිය දෙවියන් අනුභව
කොළොත් දිරවිය නො හැක.
දික්සඟි අටුවාවේ 526 වෙනි පිටේ “ච්‍යුත වෙන දෙවියන්ගේ ශරීරය ගිය තැනක් නම්
නොපෙනේ. පහන් සිළක් නිවී යාම හා සමානය” යි කීමෙන් ද දේව ශරීරයෙන්ගේ සියුම්
බව පැහැදිලි වේ. යටත් පිරිසයෙන් එය ගිතෙල් පිඬක් පමණවත් දළ ස්වභාවයෙන්
යුක්ත වේ නම් මළපසු යම් කිසි දෙයක් ඉතිරි විය යුතු ය. එසේ නැති බැවින්
ඔවුන්ගේ සිරුරු ආලෝක පුඤ්ඡ මෙන් පවතින් සිතාගත යුතු ය.
උසස් පහත් දෙවිවරු
යට යට දෙව්ලෝවල දෙවියන්ගේ ශරීරවලට වඩා මතු මතු දෙව්ලෝවල දෙවියන්ගේ සිරුරු සියුම් වෙති. දික්සඟි අටුවාවේ 453 වෙනි පිටෙහි “හෙ_ා හෙ_ා හි දෙවතා උපරූපරි දේවතානං ඔළාරිකං කත්වා මාපිතමෙව අත්තභාවං පසසිතුං සකේකාන්ති (යට යට දෙවියෝ මතුමත්තෙහි දෙවියන්ගේ දළකොට මැවූ ශරීරයන්ම දකින්ට සමර්ත වෙති) යි කීමෙන් ඒ කාරණය ඔප්පු වේ. තව්තිසා වැසි දෙවියන්ට යාම දෙවියන්ගේ රූපය නොපෙනේ.මෙසේ දෙවියන්ගේ දිවැසටත් මත්තෙහි වසන දෙවියන්ගේ රූප නොපෙනෙත් නම් මිනිසුන්ට භූමාටුදෙවියකු වත් නොපෙනීම ආශ්චර්යයක් නොවේ. භුම්‍යස්ථ දෙවියන්ගේ සිරුරු මිනිස් සිරුරුවලට වඩා සියුම් වුවත් චාතුර්මහාරාජික දෙවියන්ගේ සිරුරුවලට වඩා දළවෙති. මතුමත්තෙහි දෙවියන් ගැන මේ ක්‍රමය යොදා ගත යුතු.
බ්‍රහ්මශරීර
බ්‍රහ්මයන්ගේ ශරීරයන් දෙව්ලොව දෙවියන්ගේ ශරීරවලට වඩා සියුම් බැවින් දෙවියන්ට බ්‍රහ්මයෝ නොපෙනෙත්. ඔවුන් දළ රූප මවාගත් විට පමණක් දෙවියන් විසින් දැක්ක හැක. මැදුම් සඟි අටුවාවේ බ්‍රහ්මනිමන්තණ සූත්‍රවර්ණනාවෙහි “බ්‍රහ්මානං හි මූලපටිසන්ධි අත්තභාවො සුඛුමො, අඤේඤසං අනාපාථො, අභිසංඛත – කායෙනෙව ති¾ඨනති (බ්‍රහ්මයන්ගේ ප්‍රතිසන්ධියෙ දී ඇති වූ මුල් ශරීරය සියුම් ය. අන්‍යන්ට නොපෙනේ ඔවුහු මවාගත් ශරීරවලින් යුක්තවම වෙසෙති) යි කියන ලදී.යට කී කාමාවචර දෙවියන් තම තමන්ට යෝග්‍ය වූ සියුම් ඕජාවන් ආහාර කොට ගනිතත් බ්‍රහ්මයෝ කිසි ආහාරයක් නොගනිත්, ඔවුන්ට ඝ්‍රාණ – ජිහ්වා - කායෙන්ද්‍රියයන් නැති බැවින් ගඳ සුවඳ නොදැනේ, රසයක් නොදැනේ, ශිතොෂණ දෙක ද නොදැනේ, දැකීමේ ශක්තියක් ඇසීමේ ශක්තියක් ඔවුන්ට ඇත්තාහ.
දෙවියන් පොළොවට ආවිට
සියුම් අත් බැව් ඇති දෙවියන්ට මේ පොළොවෙහි සිටගත නොහැක. බුදුරදුන් ජේතවනාරාමයෙහි වැඩ විසූ කල එක් දිනක් “හත්ථක” නැමැති දේවපුත්‍රයෙක් උන් වහන්සේ දැකීමට අවුත් ඉදිරියෙහි සිට ගන්නට උත්සාහ කළ නමුත් නො හැකිව පොළොවේ ගිලෙන්ට පටන් ගත්තේ ය. එවිට බුදුරද ඔහුට කථා කොට “හත්ථකය, දළ ශරීරයක් මවාගනුව“යි කීය. එසේ කළ විට ඔහුට එහි සිටගත හැකි විය.මේ ප්‍රවෘත්තිය අංගුත්තර තික නිපාතයෙහි (170 වෙනි පිටේ) පෙනේ. එහි “සෙය්‍යථාපි නාම සප්පී වා තෙලං වා වාලිකාය අසිත්තං ඔසීදති, සංසීදති, න ඝණඨාති, එවමෙව හත්ථාකො දෙවපුතේතා භගවතො පුරතො ඨස්සාමීති ඔසීදති චෙව සංසීදති ච, ත ච සකෙකාති සණඨාතුං” (යම් සේ ගිතෙල් හෝ තලතෙල් හෝ වැලිගොඩක වත්කළ විට කිඳා බැසී ද පිහිටා නොසිටී ද එමෙන් හත්ථක දෙව්පුත් තෙමේ බුදුරදුන් ඉදිරියෙහි සිටගනිමියි උත්සාහ කරන්නේ පහළ බසියි. ගිලා බසීයි, පිහිටා සිටින්ට නො හැකි වේ) යයි කියවේ.
ආභරණ පැළඳීම
මෙසේ දෙවියනගේ සිරුරු පොළොවට වතුර උරා ගන්නා සේ පොළොවෙහි ගිලී යන තරමට සියුම් වෙත් නම් ඔවුන්ට මිනිසුන් පලඳින රන් ආභරණාදිය පැලඳිය නො හැක. අවුන්සයක් බර වූ ආභරණයක් වත් ඔවුන්ගේ සිරුරක් මත තැබුව හොත් එය සිරුර විනිවිද ගොස් බිම වැටෙනවා ඇත. එසේ ආභරණ පළඳිනු කැමැති නම් ඔවුන් විසින් දළ සිරුරු මවාගත යුතු ය. දෙවියන්ගේ ශරීරාලෝකය දොළොස් යොදුනක් පැතිරේ යයි දික්සඟි අටුවාවේ (189 වෙනි පිටෙහි) කියන ලද බැවින් එවැනි බබළන ශරීරයක් ඇත්තන්ට අබරණවලින් පළක් නැත. නමුත් ආභරණ පැළඳීමක් නැතොත් ඔවුන්ට අඩුපාඩුවක් ඇතිවේ යයි සිතූ මනුෂ්‍යයන් විසින් මේ ආභරණ කථාව උපදවන ලදයි සිතිය හැක.එක් දෙවියෙකු පළඳින ආභරණවල ප්‍රමාණය අපේ කරත්ත හැටක පැටවිය හැකි තරම් විශාල ප්‍රමාණයක් යයි “ස¾ඨිසකටභාරාලංකත” යන වචනයෙන් අපේ පොත්වල පෙන්වා තිබේ. පංචශිඛයා ගැල් දහස (1000) ක් බරැති අබරණ පැළඳ සිටියේ යයි දික්සඟි අටුවාවේ මහාගෝවීන්ද්‍ර සූත්‍ර වර්ණනාවෙහි දක්වා තිබෙන්නේ අපේ නැට්ටුවන් සාමාන්‍ය මිනිසුන්ට වඩා අබරණ රාශියක් පළඳින නිසා යයි සිතිය හැක. මේ කරත්ත සැටක ප්‍රමාණය ගන්නා ලද්දේ එක් දෙවියකුගේ ශරීරය තුන්ගව් පමණ උස් යයි කියා තිබෙන බැවිනි. එතරම් විශාල ශරීරයක් අත්තෙකුට ගැල් සැටක බර විශාල දෙයක් නොවේ.
මෙහි දී සලකා බැලිය යුතු තවත් කාරණයක් නම් ; දෙවිවරුන්ගේ වාසස්ථාන රන්රිදී මුතු මැණික් ආදියෙන් මැවී තිබෙත් යයි මේ පොත්වලම කියනු ලැබේ. අපේ ගෙවල් සාදනු ලබන්නේ ගල්, ගඩොල්, බදාම, පස් ආදිය යෙදීමෙනි. ගෙවල් සෑදීමට ගනු ලබන ගල් ගඩොල් ආදිය ආභරණ වශයෙන් පළඳින සිරිතක් මිනිසුන් අතර නැත. එය එසේ නම් තමන්ගේ වාසස්ථාන ගොඩනැඟී තිබෙන දේවල් වූ රන් රිදී මැණික් ආදිය ආභරණ වශයෙන් පැළඳීම දෙවියන්ට විහිළුවක් විය යුතු ය. ඒවායේ කිසි වටිනාකමක් ඔවුන්ට නැත. නොවටිනා කළුගල් වැනි දේවල් ඇඟේ එල්ලා ගන්නන් අඥානයන් හෝ සිහිමද පුද්ගලයන් විය යුතු ය.
දේව වර්ග
නොයෙක් වර්ගවලට අයත් දෙවිවරු වෙති. මනෝපදෝසික නැමැති දෙවිවරු අනුන්ගේ සම්පත් දැක ඊර්ෂ්‍යා ඉපදවීමෙන් හෝ එසේ ඊර්ෂ්‍යා කරන්නකු දැක “ඔහුට මාගේ සම්පත්තියෙන් කම් කිමදැ” යි ආපසු කිපීමෙන් හෝ මරණයට පත් වෙති. මෙසේ සිදුවන්නේ ඔවුන්ගේ මානසික බලය කායික බලයට වඩා අධික බැවිනි. චිඩ්ඩාපදෝසික නම් දෙවිවරු ක්‍රීඩා ලෝලත්වය නිසා ආහාර ගත යුතුªවේලාව ඉක්මවීමෙන් මරණයට පත් වෙති.
මිනිසුන්ට මෙන් දෙතුන් ;ව්ලක් නිරාහාරව සිටින්ට ආහාර ගන්නා කොයි දෙවියෙකුටවත් නො හැකිය ; ඔවුන්ගේ ශරීරයන් දුර්වල බැවිනි. මනාපකායික දෙවියෝ තමන් කැමැති වෙසක් මවා ගැනීමට සමර්ථ වෙති. අනුරු_ මහතෙර නම පෙර භවයක දී දෙවියෙක් ව සිටිකල එතුමාගේ පාදපරිචාරිකාවන්ව විසූ දෙවඟනන් සමූහයක්, “එතුමන් නැවත දෙව්ලොව උපදවා ගැනීම සඳහා පොළඹවමු” යි සිතා එතුමන් වෙත පැමිණ “ස්වාමීනි, අපි මනාපකායික දේවතාවෝ ය, අපට කැමති කැමැති වේශයෙක් හෝ වර්ණයක් මවාගත හැකැ”යි කීහ.
එවිට තෙර නම “මෑලා නිල් පැහැයෙන් යුක්ත වෙත්වා” යි සිතීය. එකෙණෙහි ඒ දෙවඟනෝ නිල් පැහැයෙන් යුක්ත වූහ. “මෑලා රතුපැහැයෙන් යුක්ත වෙත්වා” යි සිතුවිට එසේ වූහයි අංගුත්තර අඨකනිපාතයේ උපොසථවග්ගයෙහි වූ අනුරුද්ධ සූත්‍රයෙහි කියවේ.
වර්ණය හා වේශය පමණක් නොවේ. යම්කිසි හඬක් (ස්වරයක්) ලබනු කැමැති නම් එය ද යම්කිසි සැපයක් ලබනු කැමැති නම් එය ද උපදවා ගැනීමට ඔවුහු සමර්ථ වෙති. අනුරුද්ධ තෙරුන් ඉදිරියට පැමිණි දෙවඟනක් අතරෙහි එක් දෙවඟනක් ගී කියන අතර එක් දෙවඟනක් නැටීය. එකියක් අත්තල ගැසීය. එය අතිදක්ෂ තූර්යවාදකයන් විසින් පවත්වනු ලැබූ පංචාඞගික තූර්යනාදයක් මෙන් සිත් ඇදගන්නාසුලු එක්ක වී යයි ඒ සූත්‍රයෙහිම කියැවේ.
මේ කාලයේ දී බුදුරදාණෝත් අනුරුද්ධ තෙරනමත් කොසඹෑ නුවර විසූහ. අනුරුද්ධ තෙරනම එදින හවස්වරුවේ බුදුරදුන් වෙත පැමිණ මේ ප්‍රවෘත්ති සියල්ල දන්වා කවර ගුණ ධර්මවලින් යුත් ස්ත්‍රියක් මනාපකායික දෙවියන් අතරෙහි උපදින්නීදැයි විචාළේ ය. එවිට බුදුරද “ අනුරු_යෙනි (1) යම් ස්ත්‍රියක් ස්වකීය ස්වාමියා නින්දෙන් නැඟිටින්නට පෙර නැඟිට ඔහු නින්දට ගිය පසු තොමෝ නිදන්නී නම් ඔහුට කීකරුව ඔහු කැමැති ආකාරයට හැසිරෙන්නී නම්, (2) තම හිමියා ගෞරව කරන මවුපිය දෙදෙනට හෝ මහණ බමුණන්ට ගෞරව සත්කාර කරන්නී නම්, ඔවුන් තමා වසන තැනට පැමිණි විට ආසන දී ආහාරපාන දෙන්නී නම්, (3) හිමියාට අයත් කපු නෙළීම, බැටළුලොමේ සකස් කිරීම ආදියෙහි දක්‍ෂව අනලස්ව ඒවායේ යෙදෙමින් ඒවා සංවිධාන කරන්නී නම්, (4) හිමියාගේ දාස - කම්කරු මෙහෙකරුවන්ට යොග්‍යාකාරයෙන් සංග්‍රහ කරන්නී නම් ඔවුන් ගිලන් වූ විට බෙහෙත් කරවන්නී නම්, (5) ස්වාමියා යම්කිසි ධනයක් සපයා ගෙන ඒ නම් එය සංරක්‍ෂණය කොට එය සූදුකෙළීම් මත්පැන් පීම් අදියෙන් විනාශ නො කරන්නී නම්, (6) තුනුරුවන් සරණ ගිය, පස් පවින් වැළකුණු උපාසිකාවක් වේ නම්, (7) සුදුසු අවස්ථාවෙහි යාචකාදීන්ට පරිත්‍යාග කරන්නියක් වේ නම් මේ ගුණධර්මවලින් යුත්* ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතරෙහි උපදින්නී”යි බුදුරද උත්තර දුණි.
නිර්‍මාණරති ආදීහු
නිර්‍මාණරති දෙවියෝ තමන් කැමති රූපලක්‍ෂණ ඇති දෙවඟනක් හෝ ඒ ඒ වස්තු මවාගෙන කම්සැප විඳිත්. වසවර්තී දෙවිවරු ඒ නිර්‍මාණරතී දෙවියන් මැවූ අරමුණු බලාත්කාරයෙන් අයත් කරගෙන සැප විඳිත්.දේවානුභාවය
“අතික්කම්ම දෙවානං දෙවානුභාවං” (= දෙවියන්ගේ දිව්‍යානුභාවය ඉක්මවා ආලෝකය පැතිර ගියේය) යන තැන දේවානුභාවය විස්තර කරන මැඳුම් සඟි අටුවාවේ 920 වෙනි පිටෙහි ද දික්සඟි අටුවාවේ 289 වෙනි පිටෙහි ද දෙවියන්ගේ ශරීරාලෝකය දොළොස් යොදුනක් පැතිරේ යයි ද වස්ත්‍රාලංකාරයන්ගේත් විමානයන්ගේත් ආලෝකය එසේම දොළාස් යොදුන් තැන් පැතිරේ යයි ද කියන ලදී. අල්පේශාක්‍ය - මහේශක්‍ය දෙවියන්ගේ ආලෝකයේ වෙනසක් ඇතිවිය යුතු බැවින් මෙය සාමාන්‍යයෙන් කියන ලද්දකැයි සිතමි.මේ ලක්දිව එක් ලෙණක විසූ භික්‍ෂුනමක් කටපාඩමෙන් කී සූත්‍රයක් අසාගෙන සිටි ලෙණ සමීපයෙහි වූ ගසක විසූ දේවතාවක් සාධුකාර දුන්විට භික්‍ෂූ නම දේවතාවාගෙන් තොරතුරු විචාරා තමාට ඔහුගේ ශරීරය පෙන්විය හැකි දැයි විචාළේ ය.
සම්පූර්ණ ශරීරය පෙන්විය නොහැකැයි කී දේවතාවා එක් ඇඟිල්ලක් යතුරු කපොල්ල සමීපයට ළංකළ විට ලෙණ ඇතුළත හිරුදහසක් නැඟිකලක් මෙන් ඒකාලෝක වී යයි කථාවක් අපේ අටුවා පොත්වල පෙනේ. මේ කියන්නේ රුක් දෙවියකුගේ ආලෝකය ගැනයි. ඊට උසස් දෙවිවරුන්ගේ ආලෝක ඊට අධික විය යුතුයි.
පුත්‍ර භාර්යාවෝ
දෙව්ලෝවල ආවාහ විවාහ නැතත් මවුකුස පිළිසිඳ ගැනීමක් නැතත් දෙවියන්ට පුත්‍ර - දාරාවෝ ඇත්තාහ යි පොත්වල කියවේ. දෙවියෝ සම්පූර්ණ ඉන්ද්‍රියයන් ඇතිව වැඩුණු ශරීරයන්ගෙන් යුක්තවම උපදිත්. මිනිසුන් මෙන් කුඩාව ඉපදී ක්‍රමයෙන් වැඩීමක් දෙවියන්ටත් අන්‍ය භූතයන්ටත් නැත. ඇතැම් දෙවිවරුන් උපදින්නට පෙර ඔවුන්ට ලැබෙන දෙවඟනෝ ඔවුන්ට නිමමිත විමානවල ඉපද සිටිති. ස්වාමී වූ දෙවියා උපන් පසු දෙවඟනෝ ඒ විමානයෙහි උපදිත් නම් භාර්යාවෝ සයනය මත්තෙහි ද දරුවෝ උකුලෙහි ද නාට්‍යාංගනාවෝ ඇඳ හාත්පස ද උපදිත්, යම් කෙනෙකුන්ගේ විමන් දෙකක් අතරෙහි දෙවඟනක් ඉපදී අයිතිය සඳහා විවාදයක් ඇතිවුවහොත් දෙව්රජ එය විනිශ්චය කරයි. මෙසේ විසඳූ නඩුවක් ගැන සීහළවත්‍ථුපකරණ නමැති පොතේ කියවේ; එය මෙසේයි.ලක්දිව භාවනානුයෝගී එක් භික්‍ෂු නමක් පිණ්ඩපාතය සඳහා යන විට දරුණු සොරෙක් ඇවිත් එතුමාගේ සිවුරු සියල්ල උදුරා ගත්තේ ය. කළහැකි වෙන දෙයක් නැති ඒ භික්‍ෂුනම කොළ අතුවලින් විලි වසාගෙන ගියේය. එසේ යන ඒ පුද්ගලයා දුටු දිය නෑමට ආ ස්ත්‍රියක් මේ භික්‍ෂූ නමකැයි හැඳිනගෙන දියේ සිටගෙනම “ස්වාමීනි, මේ ගොඩ තිබෙන මාගේ වස්ත්‍රයෙන් භාගයක් රැගෙන ඇඳගත මැනවැ’යි කීය.
භික්‍ෂු නම එසේ කොට විහාරයට ගොස් සිවුරු සපයා ගත්තේ ය. මේ ස්ත්‍රිය මළපසු තව්තිසා දෙව්ලොව දෙව්විමන් තුනක් මැද උපණි. මනා අඟපසඟින් හා මහත් ප්‍රභාවෙන් යුත් ඇය දුටු අවට විමන් තුනේ දෙවිවරු තිදෙන ඇය තමාට අයිතිය, තමාට අයිති යයි කියමින් කලහ උපදවාගෙන විනිශ්චයක් ලබාගැනීම සඳහා සක්දෙව් රජු වෙත ගියහ.
දෙව්රජ එහි අවුත් “යමෙක් ඇයට වැඩි ආලය කෙරේ නම් ඔහුට ඇය අයිති වේවා”යි කීය. එවිට එක්දෙවියෙක් “යම්සේ දිලිසෙන ගින්නේ ඇතුළතක හෝ පිටතක නැත්තේ ද, එමෙන් මමම සිතින් ඈට ඇලී සිටිමි” යි කීය. දෙවෙනි දේවතාවා “යම්සේ මැටි හා ජලය මිශ්‍රවූ විට අතරක් නොපෙනේද එමෙන් මම ඇයට ඇලී සිටිමි” යි කීය. මෙසේ තිදෙනගේම ආලය සමානව පිහිටි බැවින් සක්දෙව්රජ ඇය තමාගේ අනතඞපුරයට යැවීය.*
ගන්‍ධබ්බ දෙවියෝ
දෙවියන්ට සංගීතාදීය පවත්වන දෙව්වරු ගන්‍ධබ්බ නම් වෙතියි සලකති. පඤච්ශිඛ නමැති සක්දෙව් රජුගේ සංගීතඥයාගේ නම බෞ_ සාහිත්‍යයෙහි ප්‍රකටය. ශක්‍රදේවේන්ද්‍රයා බුදුරදුන් දැකීම පිණිස රජගහනුවරින් නැඟෙනහිර දෙසැ පිහිටි අම්බසණ්ඩගමට නුදුරින් පිහිටි වේදියක පව¢තයෙහි වූ ඉÁද්‍රසාල ගුහාව අසලට පැමිණි අවස්ථාවේදී දෙව්රජ පඤ්චශිඛයාට කථාකොට “සමවත් සමවැදී වසන භාග්‍යවතුන් වහන්සේගෙන් එතුමන් දැකීමට අවසර ලබා ගනුව“යි කී විට පඤ්චශිඛයා බේලුවපණ්ඩු වීණාව රැගෙන ඉÁද්‍රසාලගුහාව සමීපයට ගොස් තමාගේ ආලය කඩවීමක් පිළිබඳ වූ ගාථා තුදුසක් කියමින් සංගීතයක් පැවැත්විය. එහි මුලසිටම කියවෙන්නේ තමා පතන දෙවඟනගේ පියාට නමස්කාර කිරීමකි.“වෙÁද තෙ පිතරං භදේද නිම්බරුං සුරියවච්චසෙ,
යෙන ජාතාසි කල්‍යාණි අනන්‍දජනනී මම”
(= යමකු නිසා මට පී‍්‍රතිය උපදවන තී උපන්නී නම්, සුරියවච්චසාවේනි, තීගේ පියා වූ ඒ තිම්බරු නමැති ගන්ධව¢ රජුට වඳිමි) යි මුල් ගාථාවෙන් කියවේ’ සිවුවෙනි වූ
“සීතොදකං පොක්ඛරණීං යුත්තං කිඤ්ජක්ඛරෙණුනා
නාගො ඝම්මාභිතතේතාව ඔගාහෙ තෙ ථනූදරං”
යන ගාථාවෙන් “උෂ්ණයෙන් පීඩිත වූ ඇතෙකු මල්රේණු විසිරී තිබෙන සිහිල් දියැති පොකුණකට බසින්නා සේ මම තීගේ තනමැදට බැසගනිමි”යි කියවේ. වීතරාගී උතුමෙකු ඉදිරියෙහි නොකියයුතු වූ මෙවැනි ගාථා කියමින් සංගීතය පැවැත් වූ ඉක්බිති බුදුරද “තාගේ වීණා හඬ ගීතස්වරය හා ගැළපේ. ගීතස්වරය වීණාහඬ හා ගැළපේ. රත්නත්‍රයේ ගුණ හා කාමගුණයන් පිළිබඳ මේ ගාථා තොප විසින් කවර කලක බඳින ලද්දාහු දැ’යි විචාළේය. “ස්වාමීනි, ඔබවහන්සේ බුදු වූ නොබෝ දිනකින් අජපාල නුගගස මුල වැඩහිඳිනා අවස්ථාවේ දී මම තිම්බරු නමැති ගන්‍ධබ්බ රජුගේ දුව වූ හිරුරැස් මෙන් විහිදෙන රැස් ඇති භද්ද්‍ර කුමරිය සරණ පාවාගනු කැමැත්තේ වීමි. නමුත් ඒ තරුණ දෙවඟන මාතලීරථාචාය¡යාගේ පුත්‍ර වූ සිඛණ්ඩී නැමැත්තා සමඟ විවාහ වෙන්ට කැමැත්තෙන් සිටි නිසා මාගේ යෝජනාවට කැමති නොවීය. එවිට මම බේලුවපණ්ඩුවීණාව ගෙන ඒ ගන්‍ධබ්බ රජුගේ වාසස්ථානයට ගොස් වීණා ගායනාවක් කරමින් මේ ගාථා කිව්වෙමි. එය අවසන්හි සූරිවච්චයා තොමෝ මෙසේ කීය. “පින්වත, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් නොදක්නා ලදහ. සුධර්මා දේව සභාවෙහි නෘත්‍ය දක්වන මා විසින් එතුමන් ගැන අසන ලදී. අද ඔබ ඒ බුදුරදුන්ගේ ගුණ වර්ණනාව කළාහ. එබැවින් අද ඔබ හා මාගේ සමාගමයක් ඇති වූයේ එදින පමණය; ඉන් පසුව නොවීය’යි කීය. මේ ප්‍රවෘත්තියෙන් අපට පෙනෙන්නේ ඇතැම් දෙවිවරුන්ට දූ දරුවන් ඇති බවය. මිනිස් ලොවෙහි මෙන් ආවාහ විවාහත් ඇති බවය. විවාහ වෙන්නට සිටින තරුණියක් එයට පළමුවෙන් අන් පුරුෂයකු සේවනය කිරීම වරදක් සේ ඔවුන් ගණන් නොගන්නා බවත් මේ කථාවෙන් හෙළිවේ.
කපිලවස්තුවෙහි විසූ ගෝපිකා නම් ශාක්‍යස්ත්‍රියක් ස්ත්‍රී භාවය පිළිකුල් කරමින් පින් කොට එයින් ච්‍යූතව සක් දෙව්රජුගේ පුතෙක්ව ඉපිද ගෝපක දේව පුත්‍ර නාමයෙන් සිටියේ යයි සක්කපඤ්හ සූත්‍රයෙහි* කියවේ. ඒ කාලයෙහි විසූ භික්‍ෂූන් තුන්නමක් මනාසේ සිල් නොපිරූ බැවින් එයින් ච්‍යූතව තව්තිසා වැසි දෙවියන්ට සේවය කරන ගන්‍ධව¢යෝව උපන්නාහ. ගෝපක දේවපුත්‍රයා ඔවුන් දැක “මම ස්ත්‍රියක් වී පින් කොට තව්තිසාවෙහි ඉපද සක්දෙව් රජුගේ පුත්‍රයෙක් වීමි. තෙපි කොයි පැත්තක් බලාගෙන ධර්‍මය ඇසුවාහු ද? සිල් රැක්කාහුදැ’යි පරිහාස කෙළේය. එයැසූ ඒ ගන්‍ධව¢යන්ගෙන් දෙදෙනෙක් ධ්‍යාන වඩා බඹලොව උපන්හ. සුවීර, සුසීම යන සක්දෙව් රජුගේ පුත්‍රයන් දෙදෙනෙකුගේ නම් ද සක්කසංයුත්තයෙහි පෙනේ.
ගන්‍ධබ්බ දෙවියෝ අන්‍ය දෙවියන් සඳහා නෘත්‍ය ගීත පවත් වන්නෝ යයි මේ කීම්වලින් ප්‍රකට වෙතත් සංයුත්ත නිකායේ ගන්‍ධබ්බ සංයුත්තයෙහි ගන්‍ධබ්බකායික දෙවියන් ගැන විස්තර කරන තැන “සන්ති භික්ඛවෙ මූලග්ෙන්‍ධ අධීවත්‍ථා දේවා (= මහණෙනි මුල් සුවඳෙහි අධිගෘහිත වූ දෙවියෝ ඇත්තාහ) යි පටන්ගෙන අරටු සුවඳෙහි, එළසුවඳෙහි, පොතු සුවඳෙහි ගැලවෙන පතුරු සුවඳෙහි, කොළ සුවඳෙහි, මල් සුවඳෙහි, ගෙඩි සුවඳෙහි, රස සුවඳෙහි, අන්‍ය සුවඳ වර්ගවල අධිගෘහීත වූ දෙවිවරු අත්තාහයි කියන ලදී. අධිගෘහීත වීම යයි කියන්නේ නිතර ඒවා තිබෙන තැන්වලට පැමිණ විසීමයි. එයින් ඔවුන්ට ඇති ඵලය සේ ගණන් ගත හැක්කේ ඒ සුවඳ ආහාර වශයෙන් ගැනීම යයි සිතමි.
සතුල්ලපකායික දෙවියෝ
දේවතාසංයුත්තයේ කීපතැනක “සතුල්ලපකායික” නමැති දේව සමූහයක් ගැන කියවේ. එම අටුවාවේ (43 වෙනි පිටෙහි) එනමින් අමුතු දෙව්ලොවක් නැතිබවත් නැවක නැඟී ගිය වෙළඳුන් පන්සිය දෙනෙක් ඒ නැව ගිලෙන අවස්ථාවේ දී බෞ_ උපාසකයකුගෙන් පන්සිල් ගැනීමෙන් තව්තිසා දෙව්ලොවෙහි ඉපිද ඒ නමින් ප්‍රකට වූ බවත් කියා තිබේ. “සතං ධම්මං සමාදානවසෙන උල්ලපෙÀවා සගේග නිබ්බත්තාති සතුල්ලපකායිකා” (= සත්පුරුෂයන්ගේ ධර්‍මය සමාදන් වීම් වශයෙන් කියා දෙව්ලොව උපන්නෝ) යයි එයට අර්ථ දී තිබේ.
උජඣානසඤ්ඤි දෙවියෝ
මොහු ද වෙනස් දෙවි කොටසක් නොව “බුදුරද භික්‍ෂූන්ට පාංශුකූල සිවුරක් පිඬු සිඟීමෙන් ලත් අහරත් රුක්මුල් සෙනසුනත් ගව මූත්‍ර බෙහෙතත් සේවනය කරන්නට අවවාද කොට තෙමේ පටසිවුරු ද ප්‍රණීත භෝජන ද රජවිමන් වැනි සෙනසුන් ද ගිතෙල් වෙඬරු ආදී බෙහෙත් ද සේවනය කෙරේ යයි බුදුරදුන්ට දොස් නැඟූ බැවින් ඒ නම ලැබූ පිරිස කැයි සංයුත්ත අටුවාව (51 වෙනිපිට) කියයි.
උස්පහත් කම්
මිනිසුන් අතර මෙන් දෙවියන් අතර ද උස්පහත් කම් විද්‍යමාන වෙති. එය කුල වශයෙන් හෝ නිලතල වශයෙන් නොව සම්පත්වල හා ශාරීරවර්ණාදිය ද අධික වෙති. ඔවුන් දැක අල්පේශාක්‍ය දෙවිවරු හුනස්නෙන් නැගිටිති, මාර්ගයෙන් ඉවත් වෙති. සභාවලදී මහානුභාව සම්පන්නයන්ට ප්‍රමුඛ ආසන දී අල්පානුභාව ඇත්තෝ පස්සට වෙති. බුදුරදුන් දෙව්ලොව දහම් දෙසීමට පැමිණි අවස්ථාවේ දී අංකුර නමැති දෙවියෙක් ඇවිත් බුදුන් සමීපයෙහි හිඳ ගත්තේ ය. ඉÁදක නමැති තවත් දෙවියෙක් ද ඒ අසළ හුන්නේ ය. මහානුභාව ඇති දෙවියන් එහි පැමිණි විට අංකුර තෙමේ පස්සට ගොස් බුදුරදුන්ගෙන් දොළොස් යොදුනක් දුරවිය. ඉÁදක දෙවියා එතැනම හුන්නේ ය. මේ කාරණය දුටු බුදුරද අංකුර දේවතාවට කථාකොට:
“මහාදානං තයා දිනනං අංකුර දීඝමන්තරෙ;
අතිදූරෙ නිසිනේනාසි, ආගච්ඡ මම සන්තිකෙ”
(= අංකුර, තා විසින් දීඝ¡කාලයක් මුළුල්ලේ මහදන් දෙන ලදී. දැන් බොහෝ දුරින් හින්නෙහි; මා සමීපයට එව) යි කීය. එවිට අංකුර තෙමේ:
“කිං මය්හං තෙන දානෙන දක්ඛිණෙය්‍යෙන සුඤ්ඤකං?
අයං සෝ ඉÁදකො යකේඛා ද ජජා දානං පරිත්තකං
අතිරොචති අම්හෙහි චෙÁද්‍ර තාරාගණෙ යථා”
(= ස්වාමීනි, දක්‍ෂිණාහ¡යන්ගෙන් ශුන්‍ය වූ ඒ මාගේ දානයෙන් ඇති ඵලය කිමෙක් ද? මේ ඉÁදක දෙවියා දක්‍ෂිණාහ¡යකුට අල්පදානයක් දීමෙන් තාරකා සමූහයෙහි චÁද්‍රයා මෙන් අප ඉක්මවා බබළන්නේ ය) යි කීය.
අංකුරරාජකුමාරයා දොළොස් යොදුන් තැන්හි දාන ශාලා සාදවා අවුරුදු දසදහසක් දන් දුණි. ඒ දානය පිළියෙළ කිරීමට තිස් දහසක් අරක්කැමියෝ වූහ. සොළොස් දහසක් ස්ත්‍රීහු දන් බෙදූහ. ඉÁදක තෙමේ රජගහනුවර විසූ හිඟන්නෙකි. ඔහු සිඟමන් ලබාගන්නට ගිය තැනකට අනුරු_ තෙර නම පිඬු පිණිස වැඩියේ ය. තෙරුන් දුටු ඉÁදක තමාට දෙන්ට ගෙනා බත් සැන්දත් තෙරුන් වහන්සේගේ පාත්‍රයට බෙදන්ට සැලැස්විය. ඔහු කළ පින මෙතෙකි නමුත් දෙව්ලොව උපන් විට ඔහුගේ දේවානුභාවය අරතරම් විශාල දන් දුන් අංකුර දෙවියාගේ ආනුභාවයට වැඩිවිය.
විමානවල වෙනස්
ඒ ඒ දෙව් විමන්වල ඒ ඒ දෙවිවරුන් පෙර ජාතිවල දී කළ කර්‍මයන් ප්‍රකාශ කරන ලකුණු ඇති බව විමානවස්තුවලින් පෙනේ. කකුළු මසක් දන් දුන්නෙකුගේ විමන් දොරටුවෙහි එල්ලෙන පැසක රන් කකුළු රූපයක් විය. පුටුවක් දුන්නහුගේ විමානයෙහි රන් පලඟක් පහළ විය. පැන් දුන්නෙකුට පස්පියුමෙන් සැදි පොකුණු හා රුවන් නැව් පහළ වූහ. උක්ගස් දුන්නෙකුගේ විමානයේ කොන් සතරෙහි රුවනින් මැවුණු උක්ගස් ඇති වූහ. මෙසේ සලකා බලන විට මෙකල මහා නගරයක නානා ප්‍රමාණ හෝ නොයෙක් සටහන් ඇති ලොකු කුඩා ගෙවල් විද්‍යමාන වෙන්නාක් මෙන් දෙව්ලෝවලත් නොයෙක් ප්‍රමාණ හා ආකාර ඇති නොයෙක් විශේෂ ලකුණු ඇති විමන් විද්‍යාමාන වෙතියි කිය හැක.
දුප්පත් දෙවියෝ
ලක්දිව මහාදුර්භික්‍ෂයක් පවත්නා කල්හි එක් තෙරනමක් තමාට ලැබුණු ආහාරයක් ගසක මුල හිඳගෙන වලඳන විට ඒ ගසේ උපන් දෙවියා ආහාර නො ලැබ සිටි බැවින් මහලු මිනිසකුගේ වේශයෙන් තෙරුන් වෙත පැමිණ සිටියේ ය.
තෙරුන් ඔහු නොදැක වළඳන විට එක් බත්පිඬක් ඉතිරිව තිබිය දී ඒ මහලු මිනිසා කෑරුවේ ය. එවිට ඔහු දුටු තෙර නම ඉතිරිව තිබුණු බත් පිඬ ඔහුගේ අතේ තැබීය. එකල්හි දේවතාවා මම දෙවියෙක් වීත් අහර නො ලබන්නේ පෙර දන් නො දුන් නිසායයි සිතා ඒ බත් පිඬ නොකා තෙරුනේගේ පාත්‍රයෙහිම දැම්මේ ය. එය පාත්‍රයෙහි වැටුණ කෙණෙහි ඒ අවට තුන්ගව් පමණ තැන දිව්‍යාවහාර පහළ වීය යි සහස්සවත්‍ථු නමැති පොතේ කියවේ. රසවාහිනියෙහිත් මේ කථාව තිබේ. “රුක් දෙවියකුට මිනිසුන් කන ආහාරයක් අනුභව කළ හැකිද? යන ප්‍රශ්නය මෙහිදී ඉපද විය යුත්තකි.
එහිම පෙනෙන සමණගාමවත්‍ථු නමැති තවත් කථාවක මෙසේ කියවේ:- සෑගිරි වැසි භික්‍ෂූන් දොළොස් නමක් චෛත්‍ය වÁදනාවේ යන්නාහු එක් දිනක් සමණගාම පව¢තය සමීපයට පැමිණ රාත්‍රී කාලයෙහි ඒ කන්ද පාමුල මයිල ගසක් මුල නිදාගත්හ. එයින් එක් භික්‍ෂුනමක් සතාරහ ගාථාවක් කියා දෙවියන්ට පින් දුණි. එයින් පැහැදුණු ඒ ගසේ දේවතාවා පසුදා තෙරුන් ඉදිරියට අවුත් “අද මම පිණ්ඩපාතය දෙමි යි” යි කීය. ඒ දේවතාවාට ආහාර වශයෙන් දෙන්නට තිබුණේ බදාලතා (=බතල) කොළ පමණ ය. එබැවින් හෙතෙමේ ඒ භික්‍ෂූන්ට දිව්‍යාජස් ඇති බතල කොළ දුණි. එය වළඳා “අපි යන්නෙමු” යි භික්‍ෂූන් කී විට “සෙට දින මාගේ මිත්‍ර වූ දෙවියෙක් එන්නේ ය. එ බැවින් ස්වාමීන් වහන්සේලා හෙට දානය වළඳා වැඩිය මැනැවැ’යි කීය. පසුදා ඒ දේවපුත්‍රයා එහි පැමිණියේ ය. ඔහුට දිව්‍යාහාර ගෙනෙන පිරිස තුන්ගව්වක් තැන් පැතිර සිටියේ ය. ඒ දෙදෙන එක්ව නානාවිධ ප්‍රණීත දිව්‍යාහාරයෙන් භික්‍ෂූන් වැලඳවිය.
ඔහුගේ සම්පත් දුටු භික්‍ෂූහු “පෙර කුමන කර්‍මයන් කොට මේ සම්පත් ලැබී” දැයි විචාළ විට “මම මින් පෙර භවයෙහි සෑගිරියෙහි පැවිද්දෙක්ව සිට මට වස්පිළිවෙලින් ලැබුණ ආහාරයෙන් භාගයක් සංඝයාට දීම නිසා මේ සම්පත් ලැබීමි’යි කීය.
කෑම හිඟ දෙවිවරුන් කිසියම් වර්‍ගයක කෑමක් පමණක් ලැබෙන දෙවිවරුත් ඇති බව මේ කථාවලින් පෙනේ.
දෙවියන්ගේ ඇඳුම් පැලඳුම්
තව්තිසා වැසි දෙවියන්ගේ ඇඳුම් පැලඳුම් ආදිය ලිච්ඡවී රජදරුවන්ගේ ඇඳුම් පැලඳුම් ආදියට සමාන යයි බුදුරදුන් විසින්ම වදාරණ ලද බව විනය – මහාවග්ග පාළියේ සවෙනි බන්‍ධකයෙහි වූ ලිච්ඡවී බණවරෙහි කියවේ. බුදුන් දැකීම සඳහා කෝටිග්‍රාමයට පැමිණි ලිච්ඡවීන්ගෙන් ඇතැම් කෙනෙක් නිල් පැහැත්තෝ නිල් වස්ත්‍රාභරණ ඇත්තෝ වූහ. ඇතැම් කෙනෙක් රතු පැහැත්තෝ රතු වස්ත්‍රාභරණාදියෙන් යුක්ත වූහ. කහ පැහැත්තන් හා සුදු පැහැත්තන් ගැනත් මෙසේම කියන ලදී.
ශරීරයන්හි නිල්, රතු ආදී වර්ණයන් ඇතිකර ගත්තේ ඒ ඒ පැහැති විලවුන් ගැල්වීමෙනැයි අටුවාවෙහි කියන ලදී. නිල් පැහැත්තන්ගේ වස්ත්‍ර‍්‍ර ද ආභරණ ද ඒ පැහැයෙන් යුක්ත වූහ. ඔවුන්ගේ රථවල නිල් ඇතිරිලි අතුරන ලදහ.
රථාචාය¡යෝත් නිල් වස්ත්‍ර ඇඳ සිටියාහ. ඉතිරි වර්‍ණ ගැනත් මෙසේ යොදාගත යුතු මේ පිරිස දුටු බුදුරද භික්‍ෂූන්ට කථාකොට “මහණෙනි, යම් කෙනෙකුන් විසින් තව්තිසා වැසි දෙවියෝ නො දක්නා ලද්දාහු නම් ඔවුහු මේ ලිච්ඡවී පිරිස දෙස බලත්වා මෙනෙහි කරත්වා’යි කීය.
මෙයින් වැටහෙන්නේ තව්තිසා වැසි දෙවියන් අතරෙන් ඇතැම් කෙනෙක් නිල් පැහැත්තෝ වෙති, ඇතැම් කෙනෙක් රතු පැත්තෝ වෙති. තවත් කෙනෙක් කහ පැහැත්තෝ වෙති, සුදු පැහැත්තෝ වෙති යන්නයි. රසවාහිනි නමැති පාලි පොතේ සුළුගල උපාසකයාගේ කථාවෙහි දෙවියන්ගේ වසත්‍රාභරණාදිය ගැන මෙවැනි විස්තරයක් දැක්වේ. ලක්දිව වේරීයවිහාරයෙහි විසූ මාලිය මහාදේව තෙරනම වරක් ඒ සුළුගල උපාසකයා සමඟ තව්තිසාවෙහි සිළුමිණි සෑය වැඳීමට ගියේ ය. එහි ගොස් සිටින විට එක් දේවපුත්‍රයෙක් සුදු සිරුරු ඇත්තේ සුදු වස්ත්‍රාභරණවලින් සැරසුනේ සුදුවිලවුන් හා සුදු මල් පැලඳගෙන සුදු අසෙකු යෙදූ සුදු ඇතිරිලි ආදිය ඇති සුදු රථයක නැඟ, එසේම සුදු වස්ත්‍රාභරණාදියෙන් යුත් සුදු ධවජ – පතාක – කුඩ – චාමර ආදිය ගත් මහත් දෙවි පිරිසකින් පිරිවරන ලදුව එහි පැමිණියේ ය. තවත් දෙවියෙක් රතු පැහැතිව රතු වස්ත්‍රාභරණ හා රතු අසුන් යෙදූ රතු පැහැති රථයක නැඟී එසේම රතු පැහැයෙන් යුත් පිරිසක් ඇතිව එහි පැමිණීයේ ය.
අන්‍ය දෙවියෙක් එකීසේම නිල් පැහැයෙන් යුක්තව ආයේ ය. අන්‍යයෙක් එසේම කසා පැහැයෙන් යුක්තව පැමිණියේ ය. තවත් දෙවියෙක් සත්රුවන් පැහැති වස්ත්‍රාභරණාදියෙන් සැරසී සත්රුවනින් සැරසූ අසුන් බැඳි සත්රුවන් රථයක නැඟී එසේම සත්රුවනින් සුරසුණු තුන්ගව් පැතිර සිටින පිරිසකින් පිරිවරන ලදුව එහි පැමිණීයේ ය. ඒ හැම දෙවියන්ගේම පිරිස් තුන්ගව් පැතිර සිටියාහ. අන්තිමට එහි පැමිණියේ මෙතේ බෝසත් තෙමේය. මෙයින් දෙවියන්ගේ ආකාරය ගැන යමක් සිතා ගත හැක.
Taken from http://sandadharmaya.blogspot.com/ blog
To see more visit :http://sandadharmaya.blogspot.com/2012/12/blog-post_7588.html
0 comments (+add yours?)
Post a Comment