මැදින් පෝය (පොහොය වර්ණනාව)
හේමන්ත ඍතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ
චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි.
ලෝකාර්ථචර්යයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා
සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඡාතීන් වූ ශාක්‍ය
වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට
කිඹුල්වත් පුරටයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.
ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයටද ආරංචි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.
බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩමවා ගනු පිණිස සුද්ධෝදන රජතුමා ඇමතියෙකු කැඳවා පුරුෂයන් දහසක් පිරිවර වශයෙන් දී රජගහ නුවරටට ගොස් රජහුගේ පණිවුඩය කියා බුදුරදුන් වැඩමවාගෙන එන්නට පිටත් කෙළේය. ඔහු පිරිසක් සමඟ කපිල වස්තු පුරයෙහි සිට සැට යොදුන් මග ගෙවා රජගහ නුවර වේළුවනාරාමයට ගියේ ය. එවේලෙහි බුදුරජාණන් වහන්සේ සිවුපිරිස මැද දහම් දෙසමින් වැඩ විසූහ. ඇමති තෙමේ රජුගේ පණිවුඩය පසෙකින් තබා බණ අසා පිරිවර සමඟ රහත් ව මහණ විය.
රජතුමා ඇමතියා ආපසු නො පැමිණෙන හෙයින් නැවත ද ඇමතියකු ඇතුළු දහසක් පිරිස යැවී ය. මෙසේ සුද්ධෝදන රජතුමා නව වාරයක් ඇමතියන් නව දෙනකු ප්‍රධාන නවදහසක් පිරිස බුදුරදුන් කිඹුල්වත් පුරයට වැමවාගෙන එනු පිණිස යැවී ය. එහෙත් බුදුරදුන් සිය නුවරට ගෙන්වා ගන්නට අසමත් විය. ඒ සියලු දෙනා ම බණ අසා රහත්ව පැවිදි වූහ.
අවසානයෙහි සුද්ධෝදන රජතුමා බෝසතුන් හා එකදා උපන් කාලුදායිනම් ඇමතියා කැඳවා, ‘දරුව‘, මාගේ පුත්‍රයා කැඳවා ගෙන එනු පිණිස ඇමැතියන් නව දෙනකු නව දහසක් පිරිස සමඟ බුදුන් වෙත යැවීමි. එහෙත් ඔවුන් ගැන කිසිදු ආංචියක් නො මැත. මාගේ ජීවිතය අවසන් වන්නට පෙර, පුත්‍රයා කැඳවාගෙන වුත් දක්වා ලන්නට හැකි දැයි” විචාළේය. එබසට අමාත්‍ය තෙමේ, ඉදින් පැවිදි වන්නට අවසර ;ඟ;තාත් එය ඉටු කරන්නෙමි, යි කීයේ ය. රජතුමා එයට අවසර දුන්නේ ය. කාලුදායි ඇමතියා පිරිවර දහසක් පිරිස සමඟ වේළුවනාරාමයට ගොස් බණ අසා පිරිවර සහිත ව රහත් ව මහණ විය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ වන විට විසි දහසකටත් අධිකය. ශාක්‍ය ජන පදයෙන් පැමිණි පිරිස දස දහස් දසයෙක් (10010) වූහ. අංග - මගධ දෙ රටින් පැමිණ පැවිදි වූ පිරිස දස දහසෙකි.

කාලුදායි රහතන් වහන්සේ මහණ ව සතියකින් පසුව බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් පුරයට වඩින ලෙස ආරාධනා කළහ. සුද්ධෝදන පියරජතුමා තමන් වහන්සේ දක්නට කැමැත්තෙන් සිටින බව ද පැවසූ හ. බුද්ධත්වයෙන් දසමසක් සම්පූර්ණ විය. මැදින් පුර පසළොස්වක් පොහොය එළඹියේ ය.
බුදුරජාණන් වහන්සේ දිනකට යොදුන බැගින් සැට දිනකින් සැට යොදුන් මඟ ගෙවා කිඹුල්වත් පුරයට වැඩම කළහ. මේ කාලය තුළ පිය රජතුමාගේ මාළිගයෙන් කාලුදායි රහත්න වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාතය ගෙනවුත් දෙන ලදී. ශාක්‍යයෝ බුදුන් ප්‍රමුඛ විසි දහසක් භික්ෂු සංඝයා හට වැඩ සිටීමට නිග්‍රෝධ කුමාරයාගේ උයනෙහි ආරාමයක් සාදවා තැබූහ. භාග්‍යවතුන් හන්සේ වෙසක් පුර පසළොස්වක්දා කිඹුල්වත් පුරයට වැඩම කළහ. ශාක්‍යයෝ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු පිරිස පිළිගෙන නිග්‍රෝධාරාමයට වැඩමවා ගෙන ගිය හ. මානයෙන් යුත් ශාක්‍ය රජවරු බුදු වුවත් ඔහු අපට බාලය යි කල්පනා කොට බුදුරජාණන් වහන්සේට නො වැඳ බාල – කුමරු කුමරියන් ලවා වැන්දවූහ. ඔවුන්ගේ අදහස් දැනගත් බුදුපියාණන් වහන්සේ මානය දුරු කරනු පිණිස අහසට නැඟ යමාමහ පෙළහර දැක්වූහ.
මෙය දුටු සුද්ධෝදන රජතුමා මේ මාගේ තුනුවන වැඳීම යැයි කියමින් බුදුරජාණන් වහන්සේට වැන්දේ ය. සෙසු ශාක්‍ය රජවරු ඉන්පසු බුදුරජාණන් වහන්සේට නමස්කාර කළහ. එකල්හි මහා වැස්සෙක් විය. එය නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙස්සන්තර ජාතකය දේශනා කළහ. ශාක්‍යයෝ බුදුන් වැඳ ප්‍රදක්ෂිණාකොට නිවෙස්කරා ගියහ. කිසිවකු හටත් පසුවදා දානයට ආරාධනා කරන්නට නො හැකි විය. බුදුරජාණන් වහන්සේ පසුවදා උදෑසන විසි දහසක් රහතන් වහන්සේ පිරිවරා කිඹුල්වත් පුරය වැඩ ගෙපිළි වෙළින් පිඬු පිණිස හැසුරුණු සේක. මෙය දුටු යසෝදරා දේවිය ඒ බව සුද්ධෝදන රජතුමා හට කීවා ය. එය ඇසූ රජතුමා ලජ්ජාවට පත්ව සළුව හඳිමින් වේගයෙන් රජ මාළිගයෙන් නික්මී ගොස් බුදුන් වැඳ, ස්වාමීනි, පිඬු සිඟීමෙන් කුමක් හෙයින් අපට නින්දා කරන්නේ දැයි ඇසී ය. ‘මහරජ, මේ අපගේ බුද්ධවංශයෙහි සිරිතැ යි කියමින් පිය රජතුමාට මගදි ම ධර්ම දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ සිය රජුත් සමඟ යශෝධරාවන්ගේ ගෙට වඩින සේක් යශෝධරාවන්ගේ ශෝකය සංසිෙඳන තුරු ඇයට සිත් සේ වඳින්නට ඉඩ දෙන ලෙස වදාළහ. බුදුරජාණන් වහන්සේ යශෝධරාවන්ගේ ගෙට වැඩම කොට පනවන ලද අසුනෙහි වැඩහුන් සේක.
බුදුරජාණන් වහන්සේ එහිදී සඳ කිඳුරු ජාතකය වදාරා යෂෝධරාවන්ගේ අතීත සම්බන්ධත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළහ. දේශනාව අවසන යසෝධරාව පැවිදි වීමට කැමැත්ත දැක් වූ නමුත් බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියට මෙහෙණ සස්න ඇති කිරීමට ඉඩ දිය යුතු හෙයින් ඒ ඉල්ලීම නොපිළිගත් හ. පසුව භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩම කළහ.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩි තුන්වැනිදා නන්ද කුමාරයන්ගේ රාජ්‍යාභිෂේක මංගල්‍යය ද, ගෘහ ප්‍රවේශ මංගල්‍යයද, විවාහ මංගල්‍යය දැයි මංගලත්‍රයයෙක් විය. මේ උත්සව දිනයෙහි බුදුපියාණන් වහන්සේ නන්ද කුමරුගේ මාළිගයට වැඩම කොට දන් වළදා පාත්‍රය ඔහු අතට දී පෙරටුව වැඩියහ. නන්ද කුමරු දැන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය ගන්නා සේකැ,”යි සිතමින් බුදුන් කෙරෙහි ගෞරවය නිසාම නිශ්ශබ්දව පසු පස පාත්‍රය රැගෙන ගියේ ය.
නන්ද කුමාරයන් හා විවාහ වීමට සිටි ජනපද කල්‍යාණි නම් රාජ කුමාරිය නන්ද කුමාරයා බුදුරදුන් පසු පස යනු දැක “ස්වාමි පුත්‍රය, වහා එනු මැනැ වැ”යි කීවාය. ඒ වචනය ඇසූ නන්ද කුමාරයාගේ හදවත කම්පා විය. එහෙත් බුදුජාණන් වහන්සේට පාත්‍රය ගන්නා සේ කියන්නට නො හැකි හෙයින් එයත් රැගෙන විහාරයට ම ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, “නන්දය, මහණ වන්නෙහි දැ යි ඇසූහ. කුමාර තෙමේ ජනපද කල්‍යාණිය නිසා එයට නොකැමති නමුත් බුදුන් කෙරේ ගෞරවයෙන්, එසේය ස්වාමීනි, පැවිදි වන්නෙමි යි කී ය. එකෙනෙහි ම බුදුහු සිය මළනුවන් පැවිදි කරවූහ. ඔහු පසු කලෙක දී සියලු කෙලෙසුන් නසා රහත් විය.
තථාගතයන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් සත්වැනි දිනය එළඹියේ ය. බුදුහු විසිදහසක් මහා සංඝයා පිරිවරා ගෙන සුදොවුන් රජුගේ මාළිගයට වැඩම කළහ. යශෝධරා දේවි තොමෝ සත් හැවිරිදි සුරතල් රාහුල කුමරුන් සරසා නරසීහගාථා කියා පියා ගැන හඳුන්වා පිය සතු ධනය ඉල්ලා ගන්ට යැයි පවසා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා ය. රාහුල කුමාරයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පීතෘප්‍රේමය උපදවා ගෙන පියාණන් වහන්ස, ඔබ වහන්සේගේ සෙවණෙහි වාසය මට සැප ය, යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ දන් වළා අනුමෙවෙනි බණ වදාරා මාළිගයෙන් වැඩිසේක. රහල් කුමරා ද බුදුන් පසු පස ගියේය. කිසිවෙක් ඔහු නොනැවැත්වූහ. විහාරයට වැඩම කළ බුදුහු රහල් කුමරුන් පැවිදි කරන සේ සැරියුත් හිමියනට පැවැරූ සේක. සැරියුත් හිමි රහල් කුමරා පැවිදි කළේය. රහල් කුමරුන්ගේ හිස කෙස් බා සිවුරු හැන්දවීම මුගලන් හිමියන් විසින් ද, අවවාද දීම මහ කසුප් හිමියන් විසින් ද, උපාධ්‍යායවීම සැරියුත් හිමියන් විසින් ද සිදු කරන ලදී.
මාපලගම සෝමිස්සර
චිත්‍ර - සරත් නන්ද කුමාර
http://www.lakehouse.lk/alokoudapadi...sp?fn=a1303206
Labels:
පොහොය වර්ණනාව
Subscribe to:
Post Comments (Atom)
0 comments (+add yours?)
Post a Comment