කූටවිනිච්ඡයික ප්‍රේත වස්තුව

ඔබ මල් පැළඳගෙන ඉන්නවා. ඔටුන්නක් දාගෙන ඉන්නවා. අත්, පා වල ආභරණ පැළැඳගෙන ඉන්නවා. සඳුන් කල්ක ඇඟ තවරාගෙන ඉන්නවා. ඔබේ මුව මඬල හරිම ප්‍රසන්නයි. හිරුගේ පැහැයෙන් බබළනවා.

ඔබට යම් මේ පරිවාර ජනයා ඉන්නවා නම් ඒ අය දිව්‍ය පිරිසයි.
ඔබට යම් උපස්ථායිකාවක් ඉන්නවා නම් ඒ අය විතරක් දිව්‍ය කන්‍යාවන් දහදාහක් වෙනවා. ඔවුන් සක්වළලු ආදී පළඳනා පැළඳගෙන ඉන්නවා.රන්වන් මුදුන්මල්කඩකින් සැරසිලා ඉන්නවා. නුඹ මහානුභාව සම්පන්නයි. ඔබව දකිනකොට ලොමුඩහ ගැන්වෙනවා.
එහෙත් ඔබ තමාගේම පිටේ මස් කඩාගෙන කනවා.

ඔබ විසින් කයින් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තේ. මොන වගේ කර්මයක විපාකයක් නිසාද ඔබතුමාගේම පිටේ මස් කඩාගෙන කන්නේ.

“මං මනුස්ස‍ ලෝකෙ ඉන්න කාලේ මට අයහපත පිණිසයි ජීවත් වුනේ. කේළාම් කීමෙන්, බොරු කීමෙන්, කපටි වැඩ වලින්, වංචාවෙන්,
මං ගත කලේ.

එහේදි මං පිරිස් මැදට ගිහිල්ලා සත්‍යය කථා කරන්ට සුදුසු කාලය එනකොට මං ඒ යහපත් කාරනය අත්හැර දාලා අධර්මයට අනුවයි ගත කළේ.
මං අනුන්ට නැති තැන ඇද කුද කිය කියා නින්දා කළා.
ඒ පිටුමස් කෑම නිසා අද මං මගේම පිටුමස් කනවා.”

මේ විදිහටයි එයා තමන්ව කන්නේ.

පින්වත් නාරද ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ඒ මාව දැක ගත්තා.

ලෝකානුකම්පාව ඇති අතිශයින්ම දක්ෂ වූ බුද්ධාදී උතුමන් යමක් වදාළා නම් මා කියන්නෙත් ඔබට එයමයි.

කේළාම් කියන්න එපා!

බොරු කියන්න එපා!

මං කළා වගේ පිටුමස් කන්නත් එපා!

සාදු! සාදු!! සාදු!!!

නව වෙනි කූටවිනිච්ඡයික ප්‍රේත වස්තුව.
(ප්‍රේතවත්තු පාළි - චූළ වර්ගය)

0 comments (+add yours?)

Post a Comment