Showing posts with label දෙමටමල් විහාරය. Show all posts

දෙමටමල් විහාරය
ඓතිහාසික දෙමටමල් විහාරය පිහිටා ඇත්තේ මොණරාගල
දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයේ ඔක්කම්පිටිය
ගම්මානයේය.රමණීය පරිසරයක පිහිටා ඇති විහාරස්ථානය සැබවින්ම නෙත් සිත් ඇද
ගන්නා සුළුය. මාලිගාවිල ප්‍රතිමා වහන්සේ වන්දනාමාන කිරීමට යන බැතිමතුන්ට
දෙමටමල් විහාරයට පිවිසීම පහසුවේ.
මෙහි ඉතිහාසය ක්‍රි:පූ දෙවන ශතවර්ෂය දක්වා විහිදෙන බව වංශකතාවල සඳහන්ය.මාගම පාලනය කළ මහානාග යුවරජ විසින් මෙම විහාරය කරවන්නට ඇතැයි සැලකේ.
ඓතිහාසික වශයෙන් මෙය වැදගත් වීමට හේතුවන කරුණු කිහිපයකි.ශ්‍රී ලංකාවේ වැඩසිටි අවසන් මහ රහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ මෙම ස්ථානයේ වැඩසිට සූත්‍රදේශනා දේශනා කොට යෝගාවචරයන් හැට නමක් රහත් කොට නැවත සිතුල්පව්වට වැඩම කල බව ප්‍රකට සඳහනකි.
එසේම ප්‍රතාපවත් මහ රජවරුන් වන මහානාඝ,කාවන්තිස්ස,දුටුගැමුණු.සද්ධාතිස්ස වැන්න වුන්ගේ අනුග්‍රහය ලැබූ සිද්ධස්ථානයකි.අංග සම්පූර්ණ විහාරස්ථානයක් වන මෙහි දාගැබ,බෝධිඝරය,පිළිමගෙය,සීමාගේ,ධර්මශාලාව යන පංචාංගයන්ගෙන් සමන්විත පංචාවාසයකි.
ඓතිහාසික කතා පුවතකටද දෙමටමල් විහාරය සම්බන්ධ වෙයි.යුධගනාවේදී සටන් වැදුනු ගැමුණු හා තිස්ස සොහොයුරන් ගේ යුද්ධයේදී තිස්ස කුමරු සටනින් පැරද සැඟවුනේ මෙම දෙමටමල් විහාරයේය.ගැමුණු කුමරුන් පැමිණ තිස්ස කොහෙදැයි විමසූ විට මුසා බස් නොකියන බුද්ධ පුත්‍රයාණන් පැවසූවේ "කුමරුනි තිස්ස ඇඳ මත නැත " යන්නයි.
තුණුරුවන් කෙරෙහි අසීමිත භක්තියක් දැක්වූ ගැමුණු කුමරුන්ට කළ හැකි දෙයක් නොවූයෙන් කොයි මොහොතක හෝ මළනුවණ් පැන යාමට ඉඩ ඇති නිසා විහාර සීමාවේ රැකවල් ලා සිටීමට සිදූවිය.
එළඹෙන විපත තේරුම් ගත් ස්වාමීන් වහන්සේ තිස්ස කුමරුන්ව ලෙඩවූ හිමිනමක් ලෙසට චීවරයකින් ඔතා විහාරයෙන් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාම සඳහා කටයුතු කරන්නට විය.සාමණේර ස්වාමීන් වහන්සේලාගේ කර මතින් ගමන් කරන්නේ තම මළනුවණ් බව හඳුනා ගත් ගැමුණු කුමරු "තිස්ස නුඹට පව් පිරෙයි,බිමට බසින්න යැයි කීවේය.
ඒ අනුව මහාසංඝරත්නයේ මැදිහත් වීම මත දෙසොහොයුරන් මෙම ස්ථානයෙදී සමාදාන වූ බව පැවසේ.
ඒ අනුව මෙම පින් බිම උදාර රාජවංශයක් ආරක්ෂාකිරීමට මෙන්ම මහ රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ පුණ්‍ය භූමියකි.
උපුටා ගැනීම" සඳකඩපහණ" පිටුවෙන්-

Labels:
දෙමටමල් විහාරය
Subscribe to:
Posts (Atom)
Twitter
Facebook
Flickr
RSS