පේ‍්‍රමය

මොරටුව මොරටුමුල්ල ශ්‍රී බෝධිරුක්ඛාරාම වාසී, ජාතික අධ්‍යාපන ආයතනයේ ගුරු බලවන්තකරණ දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය
ශාස්ත්‍රපති පැපිළියානේ සුමිත්ත හිමි

වර්තමාන සංකීර්ණ සමාජ සම්බන්ධතා හමුවෙහි ‘ආදරය’ ‘පේ‍්‍රමය’ නැතහොත් විරුද්ධ ලිංගිකයන් අතර ඔවුනොවුන් කෙරෙහි ඇතිවන පිළිබඳ සිත, හැගීම, බැඳීම විකෘති කාමස්වාදයක් බවට පත්ව තිබීම කනගාටුවට කරුණකි. සම්බුද්ධ දේශනාව ප්‍රතිපත්තිමය ජීවන ප්‍රතිපදාව ලෙස සැලකිය යුතු, මිහිඳු සංස්කෘතියෙන් සදාචාරවත් වූ සිංහල බෞද්ධ සමාජ සන්දර්භය තුළ ගැහැනු පිරිමි සබඳතාව විවිධ වූ විෂම වූ හේතු සාධක මත විසඳා ගත නොහැකි සමාජ ප්‍රශ්නයක් වන තරමටම අර්බුදකාරි තත්ත්වයකට පත්ව ඇත. ‘පේ‍්‍රමය’ යන වචනය මගින් ආශාව, පී‍්‍රතිය, ආදරය යන මානසික තත්ත්වයන් අදහස් කෙරේ. යමෙක් යමකුට ආදරය කරන්නේය යන ප්‍රකාශයත් සමඟම හැඟෙන අදහස් සමූහයක් පවතී. එනම් රාගය, ආලය, ආශාව , රුචිය, කැමත්ත, වින්දනය, ඇලීම, කාමය යනාදී වශයෙන් එකිනෙකට සියුම්ව අර්ථය වෙනස්වන හඳුනා ගැනීම් සමූහයක් දැක්විය හැක. මනෝ විශ්ලේෂණය අනුව සලකා බැලුවහොත් පේ‍්‍රමය ආදරය යන හැඟීම සුඛ වේදනා මූලධර්මය මත ඇතිවන පෙළඹීමකි. ආදරය කිරීම, පේ‍්‍රම කිරීම යන හැඟීම වේගවත්ව ක්‍රියාකාරී වන කාමෝද්දීපන මානසිකත්වයක් ලෙස හඳුනා ගත හැකිය. විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ආදරය මගින් ගොඩනැගෙන පේ‍්‍රමය පවුල් ජීවිතය, ලිංගික තෘප්තිය මත පදනම් වේ. ජීව විද්‍යානුකූලව එය ජීව රසායනික ක්‍රියාවලියකි. මනෝ විද්‍යානුකූලව මූලික අවශ්‍යතාවන් අතර ප්‍රමුඛතම ප්‍රබලතම වුවමනාවකි. සමාජ හා මානව විද්‍යාවට අනුව සමාජීය පවුල් කුටුම්භයේ සමාරම්භය වුවද සදාචාරමය සීමාවන්, චර්යාත්මක හැසිරීම ආචාර විද්‍යාවෙන් අනුමත කර ඇත.

බුදුදහම සත්ත්වයාගේ කායික, මානසික, තෘප්තියේ මූලික ලක්ෂණයක් ලෙස සැපය කැමැති බව දක්වයි. ‘සුඛ ක්මානි භූතානි’ යනුවෙන් එය හමුවේ. ඒ අනුව ආදරය කිරීම යනු සැප කැමති සත්ත්වයා සැපය සොයා ක්‍රියාකාරී වීමකි. සැපයට ආශා කරන, ඒ හා ඇලෙන ‘කමුපදාන’ කාම ලෝකයක් සංසාරිකව තනනු ලබන ‘කමභවො’ තෘෂ්ණාව නමැති මල පුටුවෙහි බැඳීමකි. සාංසාරික ලෝකයේ පැවත්ම ක්‍රියාකාරි කරවන භවගාමී සංසාර චක්‍රය දිගු කරන්නා වූ බලවත් පෙළඹවීමකි. ‘පේ‍්‍රමය’ ‘ආදරය’ යන සමාජීය ව්‍යවහාරය බුදුදහමේ ඉගැන්වෙන ‘කාමය’ ‘පඤ්චකාම’ යන විග්‍රහයට අදාළව පඤ්ච ඉන්ද්‍රීය සංතෘප්තියෙන් බැහැර නොවන්නක් වන අතරම එහි ඒකාර්ථය නිශේධාත්මක වූවකි. එනම් බුදුදහමේ පඤ්ච සීලයෙහි ‘කාමෙසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යන ශික්ෂා පදය මගින් කාම මිත්‍යාචාරය හෙවත් පර පුරුෂ, පර ස්ත්‍රී සබඳතාවය ප්‍රමුඛව කාමාස්වාදය විරමණ’ හෙවත් වැළකීම් අර්ථයෙන් ගත යුතුය. මෙම හැඳින්වීම අවබෝධාත්මකව අර්ථවත්ව තේරුම් ගත යුතුව පවති. බුදුදහමේ ඉගැන්වෙන ‘කාම’ යන අර්ථ විග්‍රහයන් නිරවුල්ව තේරුම් ගත යුතුවේ. මතුපිට අදහස ගෙන ව්‍යවහාර ලෝකයේ පැවැත්ම සමඟ පටලවා නොගත යුතුය. ලෝකයේ පවතින ලස්සන දේවල් කාමය නොවේ. බුදුදහම එබඳු අගතිගාමි විඤ්ඤාණවාදයක්, ගූඪවාදයක් නොවේ. විචිත්‍රවත් වූ ලොවෙහි පවත්නා වූ කාම ගුණ කාම වස්තූ®න් කාමය නොවේ.

‘නතෙ කාමායානි චිත්‍රාණි ලෝකෙ
සංකප්පරාගො පුරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රාණි තථෙව ලොකෙ
අථෙත්ථ ධීරා විනයන්හි ඡන්දං

මේ ලෝකයේ පවතින යම් සුන්දරත්වයක් වේද එය ලොව එසේම පවතී. ලෝකයේ ඇති එම ලස්සන සුන්දරත්වය ‘කාම’ නොවේ. ගලක ඇල දොල, වැඩෙන තුරුලතා පිපෙන මල්ගොමු නැගෙන කුරුලු හඬ මෙන්ම වනසතුන් නෙක සොබාදහම් නිමවුම් හි සුන්දරත්වය කාමය නොවේ. ලෝකයේ වෙසෙන මිනිසුන්ගේ සිත්හි උපදින ඇලීම බැඳීම හෙවත් සංකල්ප රාගය, මානසික සිතිවිල්ල කාමයයි. මෙම දේශනාව නුවණින් වටහා ගන්නේනම් මුළු ලොවෙහිම අන් කවර ජාතිකයෙකුට, ආගමිකයෙකුට වඩා අර්ථසම්පන්න, නිදහස්, සුන්දර නිවහල්, තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට බෞද්ධයනට හැකියාව පවතී. සුත්ත නිපාතයේ දේශනාවන් මගින් අසුන්, දෙනුන්, මෙහෙකරුවන්, රන්රුවන් ඥාතීන් හා ස්ත්‍රීන් කාම වස්තූ®න් වශයෙන් හැඳින්වෙන අතර මේවා කෙරෙහි යමෙකුª තුළ යම් ඇලීමක් බැඳීමක් වේනම් එය කාමයයි. බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම්වලට අනුව ප්‍රබල මානසික වේදනයක් වන ‘කාමය’ ඉතා සියුම් උපමාවන් ඇසුරෙන් අවබෝධය පහසු කරයි. කාමය ඇටසැකිල්ලකටත්, මහත් වේදනාවකටත් වියළි තණපත් දවාලන ගිනි හුලටත්, දැවෙන අඟුරු වලකටවත්, ගවයන් මරනු ලබන ගව මඩුවකටත්, සර්ප විෂකටත් නිදර්ශනය කිරීම මගින් අධ්‍යාත්මික සැනසිල්ලට කෙතරම් බාධාවක්ද යන්න තේරුම් ගත හැකිය. ස්ත්‍රී රූපය පුරුෂ රූපයටත්, පුරුෂ රූපය ස්ත්‍රී රූපයටත් අන්‍යොන්‍යව බැඳේ. ඔවුනොවුන් තුළ ඇලීම, හැඳීනීම, බැඳීම ගොඩ නැගේ. මෙම ඇලීම, බැදීම ‘කාම රාගය’ ලෙස බුදුදහම අර්ථ දක්වයි. පඤ්ච ඉන්ද්‍රියයන් කාම වස්තූ®න්ගෙන් තෘප්තිමත් කිරීම ආදරය කිරීමේ පේ‍්‍රම කිරීමේ ඉදිරියෙන්ම ඇතිවන සම්බන්ධතාවමැයි. එසේනම් ආදරය, පේ‍්‍රමය, කාමරාගය යනු ඉන්ද්‍රියයන් විෂය ගෝචර වූ ආශාවන්ගෙන් ලබන මානසික සතුටයි. පුද්ගලයා පඤ්ච ඉන්ද්‍රියයන්ගේ සංතෘප්තිය දැඩිව ග්‍රහණය කර ගැනීම ‘පඤ්චකාම ගුණිත රාග‘ යයි. පුද්ගලයා දැකීමෙන් රසාස්වාදය ඇතිවන වස්තූන් ළඟාකර ගැනීමේ, උපන් ආශාවෙන් තෘෂ්ණාවෙන් පෙළඹීම් ඇතිකර ගනී. රූපයට ඇලීම, බැඳීම ඇතිවුවහොත් එය දැක්මෙන්, ස්පර්ශයෙන්, එක්වීමෙන් සහනශීලි මාසිකත්වයට පත්වීමේ වුවමනාව ඔවුන්නොවුන්හට ජනිත වේ. විරුද්ධ ලිංගිකයන් තුළ මෙසේ ඇතිවන ආදරය පේ‍්‍රමය නිසා අයත්කර ගැනීමේ තමා සතුකර ගැනීමේ පිළිබඳ සිත් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළේ. ආදරවන්ත වූ ඔවුනොවුන් හට වෙන්වී සිටිය නොහැකි තෘෂ්ණා යදමින් වෙළී සිටී. තමාගෙන් අනෙකාව වෙන්කොට සිතිය නොහැකි මානසික

කාමයෙහි ඇලීමෙන් වන තෘප්තිය “ කාමරාග ‘’ යයි. කාම සේවනයෙන් ලබන සතුට “ කාමනන්දි ‘’ නම් වේ. කාමයෙහි වෙලීම, බැඳීම “ කාම සිනෙහ” නම් වේ. කාමය මගින් ඇතිවන අසහනය දැවීම “ කාම පරිළාහ” යයි . තවද “ කාමතණ්හා” “කාමමුච්ඡා “ කාම ආසව“ “ කාමඕඝ” යන අර්ථ විග්‍රහයයන් සේම “”කාම උපාදාන” යන්නෙහි අදහස් වනුයේ කාමයෙන් අල්ලා ගැනීම් ස්වභාවය හෙවත් මගේය. මම, කියා ආදරය කිරීම් සිතුවිලි ස්වභාවයයි.

මහනිදාන සූත්‍රයෙහි සත්වයා තුළ තෘෂ්ණාව ක්‍රියාකාරීවන ආකාරය හඳුන්වයි. පුද්ගලයාගේ සංවේදනයන් හේතුවෙන් තෘෂ්ණාව, ආශාව උපදී. පුද්ගල සිතෙහි කාමය රාගය උපදිනුයේ කාමවස්තූන් සහ ඉන්ද්‍රියන් ක්‍රියාකාරී වීමෙනි. තමා බලාපොරොත්තුවන වස්තූන්, අවස්ථාවන් හැඟීම් ඉටු කර ගැනීමෙහිලා වෙහෙස වේ. ඒවා අයත්කර ගැනීම , තමා සතු කර ගැනීම සඳහා අරගල කරනවා සේම අපේක්‍ෂා භංගත්වයක් සිදු වුවහොත් දැඩි චිත්ත පීඩාවකින් අසහනයට පත් වෙයි. ආදරණීය හමුවීමෙහි සබඳතාවයෙහි අරමුණ නිරතුරුවම ආශ්වාදය වින්දනය ලැබීමෙන් පරිබාහිර වූවක් නොවේ.

පුද්ගලයා තම ඉන්ද්‍රියයන් මගින් සහ සමස්ත කායික මානසික පද්ධතීන් ඔස්සේ සුඛාස්වාදය ලබන බව බුදු දහම අවධාරණය කරයි. ව්‍යවහාර ලෝකයේ මිනිස් ප්‍රජාව සැප ලෙස හඳුනා ගනු ලබන මෙබඳු දෙයින් තාවකාලික ඕලාරික සැපයක් පමණක් ලැබිය හැකිය. කාම ලෝකයක ලබන මෙම තාවකාලික සැපය තුළ ක්‍රියාත්මක වන මිථ්‍යාව චක්‍රීය පුරුදු ගොනුවක දුක් රැසක මුලට හේතුවකි. කාමය, ආදරය, පේ‍්‍රමය පිළිබඳ බුදු දහමේ අර්ථ දැක්වීම මිථ්‍යාවෙන් බැහැර වු යථාර්ථයට සමීප වන්නකි.

මිනිසාගේ ජීවි පැවැත්මේ ප්‍රධාන ක්‍රියාවලින් අතර රාගය, ආශාව, ප්‍රබල ලෙස බලපායි. ස්ත්‍රී පුරුෂ ආදරය තුළ ක්‍රියාත්මක වන්නේ රාගික සිතිවිල්ලයි.

සමාජයක් ලෙස දිගුකාලීන මානව සංහතියේ පැවැත්මට එය ප්‍රධාන හේතු සාධයක් බැවින් ලෝක ව්‍යවහාර තුළ බුදුදහම එය ප්‍රතික්‍ෂේප නොකරයි. එහෙත් පුද්ගලයාගේ චිත්ත සන්තානයෙහි පවත්නා සරාගී සිතුවිලි විරාගී සිතිවිලිමය ස්වභාවයක් දක්වා උසස් මානසික පෙරළියකට යොමු කිරීමෙන් ලබන සැනසීම අත්විඳිය හැකි බැවින් ආදරය, පේ‍්‍රමය, සම්බන්ධයෙන් යම් ශික්‍ෂණයක්, ප්‍රතිපත්තියක් තිබිය යුතු බව බෞද්ධයනට නිර්දේශිතය , “ අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි “ උපෝෂථ සීලය ලෙස අනුදත් අෂ්ටාංග සීලයෙහි කුමර බඹසර කුමරි බඹසර රැකීම සේම ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් උපෝෂථ සීලයෙහි පිහිටියවුන් වැළකීම උසස් කාර්යය ලෙසින් දේශනා කළේ එබැවිනි.

සිඟාලෝවාද සූත්‍රයෙහි මව්පිය දූ දරු සබඳතාව විශේෂයෙන්ම අඹුසැමි සබඳතාව යුතුකම් ගරු කිරීම මත ප්‍රතිපත්තිමය, ගිවිසුම් ස්වරූපි දේශනාවක් ලෙස අන්තර්ගත කළේ පුද්ගල ජීවිතය තුළ ප්‍රායෝගිකව අනුගමනය කිරීම සඳහාය. එමගින් යුතුකම් ගරුක ශික්‍ෂණය වූ සමාජ සංස්ථා රැසක පදනම පවුල ම¼ගින් සකස් කරනු ලබයි.

ස්ත්‍රී පුරුෂ ආදරයේ අරමුණ පරමාර්ථය ජීවිතයේ සතුටයි. සැපයයි. තවද පවුල් ඒකකයක් ලෙස සංවිධානය වීම තවත් අරමුණකි. ලෞකික ජීවිතය තුළ “සුඛකාමෝ සැප කැමති,” දුක්ඛ පටික්කූලා දුක පිළිකෙව් කරන සියලු සත්වයා පී‍්‍රතිමත් බව වින්දනය පතති. සොයති. පොදුවේ සත්වයා තුළ පවතින කාම ආශය කිසි දිනෙක තෘප්ත නොවන අසහනකාරී ස්වභාවයයි.

“ඌණො ලොකො අනිත්තො, තණ්හා දාසො” යන මජ්ඣිම නිකායේ රට්ඨාපාල සූත්‍රයේ දේශිතය. සෑම මිනිසෙක්ම කායික මානසික පීඩනයන්ට එරෙහි වෙමින් විඳින්න සිදුවන පීඩාවේ කෙළවර මරණය නම් එය ද පිළිකෙව් කරමින් ජීවත් වීමට කැමති වේ. පුද්ගල මනසෙහි නිරන්තර ස්වභාවය නම් සුව පහසු වේදනා විඳීම් සහිත අරමුණු පසුපස ලුහු බැඳීමයි. ප්‍රේමය, ආදරය මඟින් උත්තේජනය ලබන විට සතුට සැපය සෙවීම මූලික මිනිස් ස්වභාවයකි. පුද්ගලයා තුළ ජනිත වන කාමුකත්වය පිනවීම දැඩි අවශ්‍යතාවයක් වන අතර එම ආශාව නිසාම දැඩි දැවීමක්, අසහනයක් ඔහු අත්විඳිනු ඇත.

නොසංසිඳෙන නොනිත් කාමරාගයෙන් පෙළෙන සිත කායික නොසන්සුන්තාව ඇති කරන බව බුද්ධ දේශනයයි. ආදරය මූලික අංශයක් වන බැවින් ඒ හා බැඳෙන මානසිකමය ක්‍රියාවලියෙහි දී යම් යම් විෂය ප්‍රවේශයන්ට අනුව සාධාරණ පැවැත්මක් වූවද බුදුදහම අවධාරණය කරනුයේ අසංතෘප්ත වූ නොසංසිඳෙන ආශාවේ මානසිකත්වයේ ප්‍රතිවිපාකයයි. පසු ඵලයයි.

ආදරණීය වූ ස්ත්‍රී පුරුෂ බැදීමෙහි විස්තර කළ හැකි එමෙන්ම නොහැකි පැතිකඩ සමූහයක් පවතී. එය නව යොවුන්වියේ දී ඇතිවන ලිංගික පරිණතය මත උපදින කායික මානසික අවශ්‍යතාවක් විය හැකි ය. ජීවි පැවැත්ම තහවුරු කරන පුද්ගලාන්තර සබඳතාවය ලෙසද හැඳින්විය හැකි ය. බුදු දහම මෙම පිළිගැනීම් විග්‍රහයයන් සමස්ත වශයෙන් ම ප්‍රතික්‍ෂේප කරන, ඊට එරෙහි වන චින්තනයකින් හෙබි ධර්මයක් නොවේ. ආශාව, රාගය මුල් වූ ස්ත්‍රී පුරුෂ ආදර බන්ධනය මගින් සමාජමය,සදාචාරමය, ශික්‍ෂණය පුද්ගල පාරිශුද්ධිය මගින් සමාජ පාරිශුද්ධිය, සංවර්ධනය සඳහා කෙරෙන අනුශාසනයකි. ජීවන ප්‍රතිපදාවකි. සමාජ සත්ව ප්‍රජාව තුළ සියල්ලෝම පැවිදි විය යුත්තෝ ය, පැවිද්ද තුළ නිර්මාණාවබෝධය අනිවාර්යයෙන්ම සිදුවේ ය යන ඉගැන්වීම බුදු දහම සඳහන් නොකරයි.

බුද්ධ දේශනාව සමාජ පැවැත්ම සුඛිත මුදිත විය යුතුය යන මඟ පෙන්වීම කරනවා සේම ස්ත්‍රී පුරුෂ සබඳතාවය ඊට අනුබලයක් සපයන ප්‍රතිපත්තිගත රාමුවක් තුළ සංවිධානය කරනු ලබයි. දහමේ සිරකරුවන් වහලුන් බවට පත් කර ජීවි පැවැත්මට, මූලික අවශ්‍යතා මුලිනුපුටා දැමීමට කරන ලද අනුශාසනයක් බෞද්ධ චින්තනයේ හමු නොවේ. භික්‍ෂූන් වහන්සේට පවා ධර්ම ගැටලු විමසා දුන් චිත්ත ගෘහපතියා, සෝවාන් ඵල ලාභී අනේපිඩු සිටුතුමා, බිම්බිසාර මහ රජතුමා දරු මුණුබුරන් සියයක් ලද සෝවාන් වූ විශාඛා මහ උපාසිකාව අනාගාමීව මරණාසන්න අවස්ථාවෙහි රහත් වූ සුද්ධෝදන රජතුමා වැනි චරිත මඟින් බුදුදහමේ පරමාර්ථය සහ සමාජීය පැවැත්ම අතර ගැටුමක් නොවන බව පැහැදිලි ය.

ධර්මානුධර්ම ගත ඔවුනොවුන් කෙරෙහි ගෞරවය විශ්වාසය ගොඩ නැගෙන ස්ත්‍රී පුරුෂ සබඳතාවය තහවුරු වීමට එය අනුබලයක් වේ. පෙරදිග අපරදිග සෑම දේශ දේශාන්තරයකම පාහේ සමාජ දේහය අඹු සැමි විරසකකම , මව අතහැරයාම, පියා වෙන්වීම ආදි වූ අර්බුද රැසකින් ඔද්දල් වී බිඳුණු සමාජීය වාතාවරණයක ගොඩනැගී අවසානය.

අපගේ පැහැදිලි කිරීමට අනුව මෙයට ප්‍රධානතම හේතුව ලෙස ස්ත්‍රී පුරුෂ ආදරය, බැඳීම තුළ ඉලක්ක කරන අවස්ථාවාදීබව, තාවකාලික වින්දනයක් ලැබීම, දැක්විය හැකිය. ඔවුහු, මවක වීමට පියෙකු වීමට දරුවන් හදා වඩා ගැනීමේ රැක බලා ගැනීමේ පවුලක් ලෙස කුටුම්භගතවීමේ බලාපොරොත්තුවෙන් විරහිතය. ඇමරිකානු සමාජය තුළ පියා නොමැති දරුවන් රැක බලා ගැනීම රජයට ප්‍රබල අභියෝගයක්ව පවතී. නීතියෙන් විවාහ නොවුණු හුදු හැඟීම මුල් කරගෙන කටයුතු කරන තරුණ තරුණියන් නිසා උපත ලබන දරුවන්ගේ අනාගතය ඛේදනීයය. හින්දු ආගම විවාහය අනිවාර්ය කරන ලද ආගමික නීතියකි.

ශ්‍රී ලංකා සමාජයේ වුවද විවාහ නොවීම සමාජ විවාදයේ මාතෘකාවකි. අප රටේ වැඩිහිටි කා අතරත් “ පවුල් පන්සල් වීම” “ පරස්තාවක් කරගැනීම “ “ එක්තැන්වීම “ “ දරුමල්ලෝ හැදීම යන ප්‍රස්තුතයන් මගින් ස්ත්‍රී පුරුෂ සබඳතාවයේ සමාජීය පරමාර්ථය අර්ථ දක්වයි.

සංයුක්ත නිකායේ දෙවතා සංයුක්තයේ වත්ථු සූත්‍රයෙහිදී “ පුත්තා වත්ථු මනුස්සානං - භරියාව පරමාසඛා” මිනිසුන්ට දූ පුතුන් වස්තූන් වේ. පුරුෂයාට හොඳම මිතුරිය තම බිරිඳයි යන දේශනාව වටිනා ධර්මෝපදේශයක් වනුයේ සරාගී සිතුවිලි වලට ගිජුවන මුළාවන ආදරවන්තයන්ගේ දිනය දා හමුවන අයහට නොවේ. ඔවුන් තුළ ඇතිවන හැඟීම, රාගය බැවින් එය පල් වූ වතුර රැඳෙන අපවිත්‍ර ජලයකට සමානය.

සැබවින්ම ඔවුන්ගේ ඇස් පෙනුනද නොදැනීම නිසා කාමයෙන් මත්ව අන්ධව ක්‍රියා කරයි. දාර්ශනිකයෙකු ලෙස ලෝක පූජිත බර්ට්‍රන්ඩ් රසල් නම් විද්වතා ඔහු විසින් රචිත ර්චපපඪචඨඥ චදඤ ර්ධපපචත නම් ග්‍රන්ථයෙහි “ තමා අකමැති අයකු හා යමෙකුගේ විවාහය වේදනාවක් ලෙස විග්‍රහ කරනු ලැබීය. මෙම ප්‍රකාශය වැරැදි ලෙස තමාට වාසි ලෙස ආදරවන්තයින් පිළිගෙන තිබෙනවා විය හැක.

විවාහය පුද්ගල ජීවිතයක ඉතාම සුවිශේෂි හමුවීමක් බැවින් රසල්තුමාගේ ප්‍රකාශය නිවැරැදිය. වර්තමාන ලෝකයේ තරුණ තරුණියන් ආදරයෙන් මුසපත්ව හැසිරෙන ක්‍රියාකරන ආකාරයේ බොහෝ ප්‍රතිඵලය වනුයේද වේදනාවමය.

එම වේදනාව අත්විඳීනුයේ දැන හඳුනාගෙන , තමාට ගැලපෙන අයෙකු හා සරණයාම අරමුණු කරගෙන ආදරය කිරීම නිසාද? නැතහොත් ආදරවන්තයින්ගේ හමුවීම පෙර දැන හඳුනා ගැනීමට සොඳුරු අවස්ථාවක් පමණක්ද? යන්න විමසිය යුතුය.

ආදරය කිරීම සෙනෙහස මිනිස් සිතෙහි ඇතිවන මනෝභාවයකි. යමෙක් යමෙකුට ආදරය කිරීම වරදක් නොවේ. ආදරයේ උපරිමය මව්පිය දූදරුවන් අතරද දැකිය හැකිය. ගුරු ශිෂ්‍ය ඔවුනොවුන්ගේ ආදරයද එබඳුය. ආදරය ඇතිවනුයේ මිනිස් හදවත් තුළය. යමෙකුට ආදරය ලැබීම මෙන්ම ආදරය කිරීම කළ හැකිනම් එය ප්‍රශස්ත පෞරුෂ ගුණාංගයකි. එබැවින් යෞවන යෞවනියන් තුළ ආදරය කිරීම වරදක් නොවේ.

එය කිසිදා ආගමික ඉගැන්වීමකින්, විද්‍යාවකින් හෝ විෂයකින් වරදක් ලෙස දක්වා නැත. එහෙත් ආදරවන්තයින්ගේ දිනය (ඍචතඥදබඪදඥඵ ඤචර) තරුණ තරුණියන් තුළ කාම උන්මාද ඇති කරවන, විකෘති කාමස්වාදයකට පොළඹවන දිනයක් බවට පත් කිරීම අතිශය කනගාටුවට කරුණකි.

යෞවන යෞවනියන් තුළ සැබෑ ආදරයක් තිබේනම් දෙමාපියන්ට, ගුරුවරුන්ට , වැඩිහිටියන්ට, නොදන්වා ආදරණීය දවසකට සොර සිතින් එක්වීමේ ඵලය කුමක්ද? යොවුන් වියේ තරුණ තරුණියන්ගේ ආදරය ගැන අපගේ විරෝධයක්, ඊර්ෂ්‍යාවක් , එරෙහිවීමක් නැත. ඔබේ කුණාටුවන වසත් සමය ජීවිතයේ සොඳුරුතම බුද්ධිමත්ම අවධිය වෙත බුදුදහමේ පණිවුඩය එක්කරදීම අපගේ උත්සාහයයි. ජාතියක ජීවය බඳු, කොඳුනාරටිය බඳු තරුණ පරපුරට නිවැරැදි මඟ කියාදීම වැඩිහිටි කාගේත් පරම යුතුකමකි.

තරුණ තරුණියන්ගේ අහිංසක ආදර හැඟීම් විකුණන වාණිජකරණයේ ගුප්ත රැවටීමෙන් බුද්ධිමත් ඔබ මිදිය යුතුය. ඇතැම් විද්‍යුත් මාධ්‍යය මායම්වලින් බොරු ප්‍රෝඩාවන්ගෙන් රැවටීමෙන් සැබවින්ම ඔබ ආරක්ෂා විය යුතුය. ඔබේ අහිංසක සොඳුරු ප්‍රාර්ථනාවන් අලෙවිකරන වෙළෙන්දන්ට හසු නොවී තීරණයක් ගැනීම ක්‍රියාත්මක වීම ඔබ සතු කාර්යයකි. රතු රෝස මලකට, ඔබේ හැඟුම කාඩ් පතක බොළඳ වදන් වලට, අශික්ෂිත දසුන් වලට අලෙවි කිරීමට එරෙහිව ඔබ ක්‍රියාත්මක විය යුතුය. වෙළෙන්දෝ කවදත් කොතනත් බලනුයේ ලාභයයි.

ඔබේ ආදරණීය හැඟීම් විකෘති කරන, ඔබේ දෙමාපියන්ගේ ධනය සූක්‍ෂමව ඔබ මගින් සූරාකන ආදරවන්තයින් මෙදිනට අනිවාර්යයෙන්ම හමුවිය යුතු යැයි කෙරෙන ප්‍රචාරණයට එරෙහි වීමේ ක්‍රියාත්මකභාවය ඔබ විසින්ම කළ යුත්තකි. සෑම වර්ෂයකම සෑම දිනයක්ම සැමකෙනෙකුටම වැදගත්ය.

පෙබරවාරි මස 14 දා ආදරවන්තයන්ගේ දිනය යනුවෙන් බහු ප්‍රචාරයට පත් කිරීම ලේබල් කිරීම මුළාවකි.

මෙම බහු ප්‍රචාරයට ඊනියා දින සැමරුමට නැවතුම තැබීම ඔබගේ සොයුරු සොයුරියන්ට අනාගත දරු පරපුර වෙනුවෙන් අද කළ හැකි ප්‍රමුඛතම ආදරණීය වූ ආයෝජනයයි.

උපුටාගැනීම ''බුදුසරණ'' අන්තර්ජාල කලාපයෙනි..

0 comments (+add yours?)

Post a Comment