ප්‍රමිතියෙන් යුත් අටපිරිකර වෙනුවෙන් උපදෙස්




අටපිරිකර නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු ය. ලියාපදිංචි ආයතනවලින් නියමිත ප්‍රමිතියෙන් යුත් එස්.එල්.එස්. 1257 හා එස්.එල්.එස්. 1258 ප්‍රමිතිය යටතේ අටපිරිකර නිෂ්පාදනය සහ අලෙවි කරන්නේ ද යන්න පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් පරීක්‍ෂා කරනු ලැබේ.

අටපිරිකර අලෙවිසැල් වල අලෙවි කරන අටපිරිකරවල පැහැදිලිව පෙනෙන පරිදි නිෂ්පාදිත ආයතනයේ නම, ලිපිනය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය සහ දුරකථන අංකය සටහන් කළ යුතු ය. අටපිරිකර සඳහා ඇතුළත් විය යුතු සියලු පරිස්කාරයන් ඇතුළත්වීම ද අත්‍යවශ්‍ය වේ.

අටපිරිකර ඔතා ඇති විනිවිද පෙනෙන ආවරණ තුළින් ඉතා පැහැදිලිව සිවුරු හඳුනාගත හැකිවිය යුතුයි. මේ සඳහා භාවිතා කරන පොලිතින් ආවර්ණ විය යුතුය. (විනිවිද පෙනෙන)

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් අටපිරිකර නිෂ්පාදන හා අලෙවි ආයතන අලුතින් ලියාපදිංචි කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙහිදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යටතේ පාත්‍ර හා සිවුරු නිෂ්පාදනය සඳහා වූ එස්.එල්.එස්. 1257 හා එස්.එල්.එස්. 1258 දරන ප්‍රමිති සහතිකය ලබාගත් නිෂ්පාදන ආයතන, අලෙවි ආයතන පමණක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ලියා පදිංචි කරනු ලැබේ.

දැනට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අටපිරිකර නිෂ්පාදන හා අලෙවි ආයතනවල ලියාපදිංචිය වාර්ෂිකව අලුත් කිරීමේ වැඩසටහනක් ද ආරම්භ කරනු ලබන අතර ලියාපදිංචි අලුත් කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යටතේ ලබාගත් එස්.එල්.එස්. 1257 හා එස්.එල්.එස්. 1258 දරන ප්‍රමිති සහතිකය ඉදිරිපත් කළ යුතු ය.

2012 වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දින සිට මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

ඉහත සඳහන් දින සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නියමිත ප්‍රමිතියෙන් තොරව අටපිරිකර නිෂ්පාදනය කරන්නන් හෝ අලෙවි කරන ආයතන හෝ පුද්ගලයින්ට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කරනු ඇත.

මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු දැනගැනීම 011 2337341 begin_of_the_skype_highlighting FREE 011 2337341 end_of_the_skype_highlighting දුරකථන අංකයෙන් හැකි බව ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයෙහි දැක්වේ.
 

උපුටාගැනීම :- ( බුදුසරණ අන්තර්ජාල කලාපය )

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

0 comments (+add yours?)

Post a Comment