සත්පුරුෂ දාන විපාක පහ
1. ශ්‍රද්ධාවෙන් දන් දීම හේතුවෙන් විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.එබැවින් ශ්‍රද්ධාවෙන් දන් දෙත්වා.
2. සකස්කොට දන් දීම හේතුවෙන් කීකරු දූ පුතුන් අඹු දරුවන් ස්වාමි පුත්‍රයන් දැසි දස්සන් ලැබේ.( එබැවින් දෙන දෑ සකස්කොට දීමට පුරුදු වන්න. )
3. ආගන්තුක දාන, ගමික දාන, දුර්භීක්ෂ දාන ආදී සුදුසු කල්හි දන් දීම හේතුවෙන් තරුණ වයසේදී බොහෝ සැප සම්පත් ලැබේ.
4. ලෝභයකින් තොරව දන් දීම හේතුවෙන් හොඳ ආහාර පාන, යාන වාහන, ගේ දොර ආදිය පරිභෝග කිරීමට සිත නැමෙනු ඇත.ලැබෙන දෑ පරිභෝග කිරීමට සිත නැමෙනුයේ ලෝභයෙන් තොරව දන් දීම හේතුවෙනි.
5. තමාද අන් අයව වෙහෙසට පත් නොකොට ධාර්මික වස්තුවෙන් දන් දීම හේතුවෙන් මතු ලැබෙන සම්පත් ගින්නෙන් ජලයෙන් සොර සතුරන්ගෙන් අකීකරු දුදනන්ගෙන් විනාශ වී තමාට අහිමි නොවේ.
සත්පුරුෂ පින්වතුනි,
තවත් දාන සතරක විපාක ධර්මයෙහි මෙසේ සඳහන් වේ.( ධම්මපදට්ඨ කථා : 46 පිටුව )
1. තමන්ගේ ධනයෙන් දන් දෙන අතර අන්‍යන් ඊට සහභාගී කර නොගනී.ඒ හේතුවෙන් ඒ අයට මතු භෝග සම්පත් ලැබෙන අතර පරිවාර සම්පත් නොලැබී යයි.
2. තම ධනය වියදම් නොකොට බොහෝ පිරිස් එකතු කරගෙන ඒ අයගේ ධනයෙන් දන් දීම හේතුවෙන් මතු ධන සම්පත් නොලැබෙන අතර පිරිවර සම්ප්ත් ලැබේ.
3. තමාද දන් නොදෙන අතර දෙන දානයට සහභාගී නොවීම හේතුවෙන් මතු ධන සම්පත්ද පිරිවර සම්පත්ද යන දෙකම නොලැබේ.
4. තම ධනය යොදා අන් අයද ඊට සහභාගී කරගෙන දෙන දානය හේතුවෙන් මතු ධන සම්පත් පිරිවර සම්පත් යන දෙකම ලැබේ.
අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/
මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..
Labels:
දානයේ අනුහස්
Subscribe to:
Post Comments (Atom)
Twitter
Facebook
Flickr
RSS

1 comments (+add yours?)
සාදු සාදු..... අපි හැකි තේරම් පින් කරගමු.....
Post a Comment