බල්ලාටිය ප්‍රේතවස්තුව
තථාගතයන් වහන්සේ සැවැත්නුවර ජේතවරානාරාමයේ වැඩ වාසය කරන කාලයේ සිදු වූ සිදුවීමක්. මෙම කතාවේ සඳහන් වන්නේ තට්ට හිසක් ඇති පේ‍්‍රතියක් පිළිබඳව යි.
අතීතයේ බරණැස් නුවර එක්කරා වෛශ්‍යාවක් සිටියා. ඇය ඉතාමත් සිත් කළු රූපයකින් යුක්තයි. ඉතා ප්‍රසන්නයි. දුටු දුටුවන් පහදවන සුළුයි. ඇයගේ කේශ කලාපයද ඉතාමත් දිගයි. මනහරයි. නිල්වන්ය. මෘදු සිනිදුයි. අගින් නැමී තිබුණා. නොවිසිරී මෙවුල් කලාපයන් වගෙයි . ඒ ගමෙහි විසූ තරුණයෝ ඇගේ කෙස් කළඹේ ශෝභාව දැක ඇය කෙරෙහි සිත් බැඳ ගත්තා.
ඇගේ මේ කේශ කලාපයට ඒ ගමේ විසූ කාන්තාවන් කිහිප දෙනෙක් ඊර්ෂ්‍යා කළා. ඔවුන්ට ඒ සුන්දරත්වය ඉවසිය නොහැකි වුණා. ඒ කාන්තාවන් ඇගේ මෙහෙවර කරන එක් දාසියකට මුදල් ලබාදී ඒ දාසිය ලවා ඇගේ හිසකෙස් ගැලවී යන බොහොතක් ලබා දෙනු ලැබුවා. ඒ දාසිය ඒ බෙහෙත ඇය ස්නානය කරන විට හිසේ ගල්වන කුඩු සමඟ මිශ්‍ර කළා. දිනක් ඒ වෛශ්‍යාවිය ගංගානම් ගඟෙහි ස්නානය කරන විට ඇය අතර අර බෙහෙත් යෙදූ හිස් සෝදනය ලබා දුන්නා. ඇය එය ගල්වා දියේ ගිලුවා පමණයි. හිස් කෙස් මුළුමණින්ම ගැලවී ගියා. ඇගේ හිස තිත්ත ලබු ගෙඩියක් වාගේ වුණා.ඇය ඉදුරුණු කෙස් ඇතිව හිඳින ලද මුදුන ඇති පරවියෙක් මෙන් අවලස්සන වුණා. ඉතාම ලැජ්ජාවට පත්වුණා. නැවතත් තමා සිටි නුවරට යා නොහැකි බැවින් හිසෙහි රෙදි කඩක් දවටාගෙන පිටනුවර එක්තරා පෙදෙසක වාසය කළා. කාලයකදී ඇගේ ලැජ්ජාව අඩුවුණා. ඇය තල තෙල් හා රා වෙළෙඳාම් කරමින් ජීවත් වුණා.
එක් දිනකදී ඇය මධ්‍යසාර පානය කර වෙරි වී සිටි එක් මිනිසුන් කිහිප දෙනෙකුගේ ලිහිල් වී තිබු ඇඳීවත සොරාගත්තා. දිනක් පිඬු සිඟා වඩින රහතන් වහන්සේ නමක් දැක සිත පහදවාගෙන තම ගෙට වඩම්මවා අසුනක් පනවා එහි වැඩ හිදුවා තෙල් මිශ්‍ර වූ වැගිරෙන ඇති කැවුම් පූජා කලා. ඒ රහතන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳුවා. ඇය පහන් සිත් ඇතිව තෙරුන්ගේ හිසට කුඩයක් අල්වාගෙන සිටියා. රහතන් වහන්සේ ඇගේ සිත සතුටුවන ආකාරයට බණ අනුමෝදනාව සිදුකොට වැඩියා. අර ස්ත්‍රියද පින අනුමෝදන්වන අතර “මගේ හිස් දිගුව සිහින්ව මුදුව අක්බඹුරු වී පිහිටිවායි” ප්‍රාර්ථනාවක් සිදුකළා.
කාලයත් සමඟ ඇය මියගොස් පින් – පව් කුසලා කුසල කර්මයන්ගේ විපාකය අනුව මුහුද මැද රන් විමනෙක හුදකලාවෙම උපන්නා. ඇගේ කේශය ප්‍රාර්ථනා කළ අයුරින්ම බැබලීමෙන් පිහිටියා. මිනිසුන්ගේ ඇඳීවත සොරකම් කළ නිසා ඒ අකුසලෙයන් නග්නව උපන්නා. ඇය ඒ විමානයේ නැවත නැවත ඉපදෙමින් එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිර්වස්ත්‍රව කල් යැව්වා.අනතුරුව අපගේ තථාගතයන් වහන්සේ ලොව පහල වී සැවැත්නුවර වැඩවාසය කරන සමයේ එනුවර වැසියෝ සියයක් පමණ වෙළෙන්දෝ ස්වර්ණ භූමියට යනු පිණිස නැව් නැග්ගා. චණ්ඩ වූ සුළං වේගය නිසා ඒ නැව ගසා ගෙන ගොස් විමාන පේ‍්‍රතිය විසූ ප්‍රදේශයට ගසාගෙන ගියා. එවිට ඒ පේ‍්‍රතිය විමානයත් තමාත් අර වෙළෙඳුන්ට පෙනෙන්ට සැලස්සුවා. ඒ දුටු ප්‍රධාන වෙළෙන්දා මෙසේ විමසුවා.
”ඔය විමානයේ ඇතුලේ ඉන්න ස්ත්‍රිය කවුද? විමානයෙන් එළියට එන්නේ නැත්තේ මොකද? පින්වතිය ඔය විමානයෙන් ඔබ එළියට එන්න. අපි මහ ඉර්ධි ඇති ඔබව දැකගන්නට කැමැතියි”.
”මම දුකෙන් ඉන්නේ. මට ලැජ්ජයි. මගේ ඇෙග් නූල් පොටක් නැහැ. මට එළියට එන්න විදිහක් නැහැ. මුළු ශරීරයම වැහිලා තිබෙන්නේ කෙස්වලින්. මං පුංචි පිනක් කරගත් කෙනෙක්.”
”හොඳයි මම දන් ඔබට මගේ මේ උතුරු සළුව පූජා කරනවා. මේ වස්තය පොරෝගන්න. ඊට පස්සේ විමානයෙන් එළියට එන්න.”
”අතින් අතට දෙන දෙයක් ලබාගන්නට කැප නැහැ. ඔය පිරිස අතරින් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රද්ධා සම්පන්න උපාසක කෙනෙක් ඉන්නවා. එතුමාට මේ වස්ත්‍රය පොරවන්න. ඊට පස්සේ ඒ පින මට දෙන්න. එතකොට මම හැම අතින්ම සැපවත් වෙලා සුවපත් වෙනවා. ඒ වෙළෙඳ පිරිස ඒ උපාසකතුමා හොඳට නහවා සුවඳ ගැල්වුවා. වස්ත්‍ර හොඳට ඇන්දුවා. ඒ පේ‍්‍රතියට ඒ පින අනුමෝදන් කළා.
ඇයට පින්දෙන විට පුණ්‍ය විපාකය ඉපදුනා. භෝජන, ඇඳුම් පැළඳුම් පැන් ආදිය පහළ වුණා. මෙය තමයි දානයෙහි ඵලය.
ඒ වගේම ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුනා. ඒ වස්ත්‍ර කසීසළු වලටත් වඩා උතුම්. ඕ සිනහ වෙවී විමානයෙන් එළියට ආවා. මෙය තමයි දානයේ ඵලය.”ඔබේ දිව්‍ය විමානය ඉතාමත් විචිත්‍රයි. සිත්කළුයි. බබළනවා. පින්වත් දෙව්දුව අපි අහන්නේ මොනවගේ පුණ්‍ය විපාකයෙන්ද මේ විපාකය ඇතිවුණේ.ස්වාමින් වහන්සේ නමක් පිඬුසිඟා වැඩියා. සෘජු සිත් ඇති උන්වහන්සේ ගැන මම ගොඩාක් පැහැදුනා. මම උන්වහන්සේට තෙල් කැවුමක් පූජා කළා. ඒ පිනේ විපාකයක් ලෙස මං මේ විමානයේ ඉපදිලා බොහෝ කාලයක් තිස්සේ සැප වින්ඳා. දැන් ඒ පින ගෙවිලා තව ස්වල්පයයි තිබෙන්නේ. තව හාරමාසයකට පස්සේ මම චුත වෙලා භයානක වූ කටුක වූ අවීචි මහ නිරයේ ඉපදෙනවා.
ඒ නිරයේ කොන් හතරක් තිබෙනවා. දොරවල් හතරක තිබෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලයි තිබෙන්නේ. වටේටම තියෙන්නේ යකඩ පවුරක්. වහල තියෙන්නේ යකඩ පියනකින්. ඒ අවීචි මහ නරකාදියේ ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ සැර යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරාවට ගිනි දැල් පැතිරිලා තිබෙනවා. මට එහි ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්ට වෙනවා. කරපු පව්වලට විපාක තමයි. ඒ ගැන මම ගොඩාක් ශෝකයෙන් ඉන්නේ.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.
සටහන – නයනා නිල්මිණි
(බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියකි…
Labels:
පේ‍්‍රත වස්තුවෙන්
Subscribe to:
Post Comments (Atom)
0 comments (+add yours?)
Post a Comment