ධනපාල ප්‍රේත වස්තුව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

දසන්න රටවැසියන්ගේ ඒරකච්ඡ කියල ප්‍රසිද්ධ නගරයක් තියෙනවා.මං කලින් ජිවිතයේ දී ඔය නගරයේ සිටුවරයෙක් වෙලා සිටියා.මාව කවුරුත් දැන ගත්තෙ ධනපාල සිටුවරයා කියලයි.

මට අමු රන් විතරක් කරත්ත අසූවක් පුරවලා තිබුණා.රන්,රිදී තව සෑහෙන තරම් තිබුණා.වෛරෝඩි මැණික් මුතු ආදියත් හරියට තිබුණා.

ඉතින් ඔය වගේ මහා ධනස්කන්ධයක් තිබුණු මට දන් දෙන්ට කැමැත්තක් ඇති වුණේම නෑ නෙව.මං ආහාර අනුභව කළේ දොරවල් වහගෙන.යාචකයින්ට මාව දකින්ටවත් ලැබෙන්ට එපා කියල.

මට ශ්‍රද්ධාවක් තිබුණෙ නෑ.මං මසුරුයි.කෑදරයි.අනුන්ට හරියට අපහාස කරනවා.දන් දෙන උදවියට,පින් කරන උදවියට මං කරුණු කියල බොහෝ දෙනෙක්ව එයින් වළක්වලා තියෙනවා.

ඉතින් මං පෙරේත ලෝකෙ උපන්නා.බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නෙ.දැනට මං මිය පරලොව ගිහින් අවුරුදු පනස් පහක් වෙනවා.

- ධනපාල ප්‍රේත වස්තුව -
ඛුද්දක නිකාය (පේතවත්ථු - 2 උබ්බරී වර්ගය)

0 comments (+add yours?)

Post a Comment