සිල් මාතාව අපාගත වීම ගණිකාව දෙව් ලොව යයි

මුලින්ම ඉතිහාස කතාව කියවල ඉමු ..
දිනක් බුදු රජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමග මහ මග වඩින
කොට ඉදිරියට පැමිණුනා ගණිකාවක් . උදේ පාන්දරම මෙතරම් අපිරිසිදු ස්ත්‍රියක් බුදුන්ගේ ඉදිරියට එනු දුටු ආනන්ද තෙරුන්ට මදක් තරහ ගියා . මග වෙනස් කරමු යයි බුදුන්ගෙන් ඉල්ලා සිටියා . නමුත් බුදු රජාණන් වහන්සේ ඉල්ලීම බැහැර කරමින් ඉතා කරුණාබරව ඇය ඉදිරියෙන්ම ගමන් කළා .. තවත් ටික දුරක් යන විට ඉදිරියට සිල් මාතාවක් පැමිණියා දොහොත් මුදුන් දී වැද සිටියත් බුදුන් සිල් මාතාවට විශේෂ සැලකිල්ලක් දක්වුයේ නැහැ .
දිනය පුරාම බුදුන්ගේ මේ හැසිරීම පිළිබද ආනන්ද හිමියන්ගේ සිත නොසන්සුන් උනා ... උන් වහන්සේ පුදුමයට පත් උනා.
දවස අවසාන ආරාමයේදී තමා මෙම නොසැලකිලිමත් ක්‍රියාවෙන් දිනය පුරා දුක් විදි බවත් මෙය බුදුන්ට නොසුදුසු ක්‍රියාවක් බවත් තරයේම කියා සිටිය..
නිහඩව සිටි බුදු රජාණන් වහන්සේ මෙසේ වදාලා
'' ආනන්ද ඔබ සිතන්නේ ඔවුන් දෙදෙනාගෙන් කවුරු දෙව් ලොව යයි කියාද ? කවුරු අපා ගත වෙයි කියාද ?
ආනන්ද හිමියන් ආඩම්බර ලෙස පිළිතුරු දුන්න
'' ස්වාමිනි සිල් මාතාවගේ හැසිරීම ඉතාමත් ප්‍රිය ජනකයි , ඇය ධර්මයට බොහෝ ලදී බවයි පෙනෙන්නේ . ඇය නම් දෙව් සැප විදීමට බොහෝ සුදුසුයි . නමුත් අර උදැසන මුණ ගැසුණු කාන්තාව නම් අපාගත වීම නොඅනුමානයි ''
බුදුන් මෙසේ වදාලා
'' ආනන්ද ඔබ නිවැරදි නොවේ .සැබවින්ම දෙව් ලොව යන්නේ උදෑසන හමුවූ නගර සොබනියයි , අර සිල් මාතාව අපා ගත වනවා නොඅනුමානයි '' ..........
මේ ඉතිහාස කතාවයි නමුත් ඔබ වැටහ ගත යුතු ධර්මය දැන් අපි බලමු .
ජීවිතේ අප බොහෝ විට එළියෙන් දැක බොහෝ දේ තීරණය කරති . නමුත් අප මහා බුදුන් පැවසු ලෙසම කෙලෙස් පවතිනුයේ තම තමාගේම චිත්ත සන්තානයේ මිස භාහිර ලෝකයක නොව
ඇය රැකියාව ලෙස ගණිකාවක් උවත් ඇය කිසිවකු හා ද්වේශයෙන් කටයුතු නොකරන්නියක් බව බුදුන් දුටුවහ . යට කිසිවෙකු බැන්නත් ඇය සිතින් හෝ ශෝක නොවන්නියකි . කොටින්ම ඇය සිතින් පිරිසිදුය . ද්වේශයෙන් ඉවත් වුනු ඇය දේව තලයක ඉපදීමට සුදුසුය .
සැමදා සිල් ගත්තත් සිල් මාතාවගේ සිත ඉතා අපිරිසිදුය ඇය ලොවට පෙනෙන්නට ජීවත් වන්නියකි නමුත් ඇය සිතින් සැමටම වෛර .කරන්නියකි ද්වේශය අධික නිසාම ඇය ද්වෙශ ගතියට අදාළ තැනක මරණින් මතු උපදියි ........
හොඳ දේවල් නැවත නැවත දකින්න
www.facebook.com/sirisaddharmaya
Twitter
Facebook
Flickr
RSS

0 comments (+add yours?)
Post a Comment