බුද්ධ ඥාණයන්

Photo: ලොව්තුරා බුද්ධත්වයට පත් වූ උත්තමයෙකුට පමණක්ම දැනගෙන, දරාගෙන, විග‍්‍රකර දැක්විය හැකි විශේෂිත වූ ඤාණයන් හයක් අසාධාරණ ඤාණයන් ලෙසින් විග‍්‍රහ වෙයි.

1.තථාගතස්ස යමකපාටිහීරේ ඤාණං 
2.තථාගතස්ස ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණං 
3. තථාගතස්ස ආසයානුසයාඤාණං 
4. තථාගතස්ස මහාකරුණා සම්මාපත්ති ඤාණං 
5. තථාගතස්ස සබ්බඤ්ක්‍දුත ඤාණං 
6. තථාගතස්ස තත්‍ථ ආවරණං නත්ථිති අනාවරණ ඤාණං

 මේවා අසාධාරණ ඤාණයන් ලෙසින් නම් කලේ බුද්ධ ශ‍්‍රාවකයෙකුට හෝ මහඅරහතුන් කෙනෙකුට හෝ දරාගත නොහැකි හෙයිනි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේට මෙන් දරාගත නොහැකි හෙයිනි. ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ නොහැකි හෙයිනි. විග‍්‍රහ කර පෙන්වා දිය නොහැකි හෙයිනි.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කෙනෙකුට පරචිත්ත විජානන ඥාණයට වඩා ඉහළ වූ, චේතෝපරිය ඤාණයට වඩා ඉහළ වූ දිබ්බචක්ඛු ඤාණයට වඩා බලවත් වූ බුද්ධ ඤාණයක් වන ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණය ලැබෙයි. බාහිර ලෝකයා පිළිබඳව අල්ප වූ රජස්, මාහාරජස් ඇති බව වෙන් කොට දකී. ඉන්ද්‍රීයයන්ගේ (ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය ආදී) තියුණු බව හා නොවැඩුණු බව වෙන් කොට දකී. පුද්ගලයින් තුළ පවතින විවිධාකාර අඳුරු ලෝක ස්වභාවයන් මෙන්ම අලෝක ස්වභාවයද දැක හඳුනාගනී. පුද්ගලයින් තුළ ඇති කෙලෙස් ගති, දුශ්චරිත ගති භව ගාමී කම්ම ගති දැකගනී. පෙර කළ පුන්‍ය ශක්තීන්ද දැකගනී.

පුද්ගලයින් තුළ ආසය, අනුසය උපත ලබන හා තැන්පත් වන එමෙන්ම කි‍්‍රයාත්මක වන විවිධාකාරයන්ද දනී. ලෝකයාට ඒවා පැහැදිලි කරදීමටද හැකියාව ඇති වෙයි. පුද්ගලයින් තුළ කාමාසව, භාවාසව දිට්ඨාසව මෙන්ම අවිජ්ජා සව කි‍්‍රයාත්මක වන ආකාරයත්, රාග අනුසය, පටිඝ අනුසය අවිජ්ජා අනුසය උපත ලබන ආකාරයත්, දිට්ඨි අනුසය, විචිකිච්චා අනුසය උපත ලබන ආකාරයන් මාන අනුසය සකස් වන ආකාරයන් දකී. ඒවා විග‍්‍රහ කර විස්තර කර දෙන්නටද තේරුම් කර කියා දෙන්නටද දනී.

එකම අවස්ථාවේ ප‍්‍රතිවිරුද්ධ කරුණු කාරණා දෙකක් කිරීමේ ශක්තියක්ද පවතී. එය යමක පාටිහීර ඤාණයයි.

මහාකරුණා සමාපත්ති ඤාණය ලෝකයා දෙස බලා උපකාර කිරීමේ ශක්තියක්ද ලැබෙන සම්මාපත්ති ඥාණයකි. ”සං” විග‍්‍රහයක් කර ”සං” පද හතර විග‍්‍රහ කර ලෝකයාට සංසාර භය විග‍්‍රහ කර සංදේශනාවක් කිරීමේ ශක්තිය ලැබෙන්නේද මෙම බුද්ධ ඤාණයන් ලැබීමත් සමගමය.

සියලු ආකාර වූ මෙම බුද්ධ ඥාණයන් ලැබෙන්නේ මිනිසෙකුටය. බුද්ධත්වයට පත්වන්නේද මිනිසෙකුමය. බුද්ධත්වය යනු කෙලෙස් භව උදුරා දැමීම නිසා පත්වූ ශුද්ධ තත්වයයි. ඒ නිසා ලොව්තුරා, බුද්ධත්වයට පත් වූ උතුමෙකු ලෝකයාට මෙවන් බුද්ධ ඥාණයන් ප‍්‍රකාශ කර පෙන්වා වදාලේ අවශේෂ ලෝකයාට (දෙව් මිනිසුන්ටත්) කෙලෙස් භව සහමුලින්ම උදුරා දමා භව ගාමී කම්ම ක්ඛය කර දමා සසර දුකින් සදහටම මිදී නිදහස් වන්නටය.

මෙවන් බුද්ධ ඤාණයන් කටපාඩම් කරගෙන සජ්ජායනා කිරීමෙන් පමණක්ම කිසිම කෙනෙකුට කෙලෙස් භව උදුරා ඉවත් කර දමා නිබ්බාන ගාමී විය නොහැකි බව සියලු මිනිසුන් විසින් යථා පරිදි අවබෝධ කර ගත යුතුය.

විශේශ පැහදිලි කිරීම මීවනපලානේ සිරි දම්මලන්කාර  තෙරුන්ගෙනි. උන් වහන්සේට දීර්ඝායුශ වේවා... 

හොඳ දේවල් නැවත නැවත දකින්න 
www.facebook.com/sirisaddharmaya
"Siri Saddharmaya සිරි සද්ධර්මය" පිටුවට
[_̅L_̅][_̅I_̅][_̅K_̅][_̅E_̅] කරන්න....
[_̅S][_̅h_̅][_̅a_̅][_̅r_̅][_̅e] කරල 
තව කෙනෙකුට යහපත සලසන්නලොව්තුරා බුද්ධත්වයට පත් වූ උත්තමයෙකුට පමණක්ම දැනගෙන, දරාගෙන, විග‍්‍රකර දැක්විය හැකි විශේෂිත වූ ඤාණයන් හයක් අසාධාරණ ඤාණයන් ලෙසින් විග‍්‍රහ වෙයි.

1.තථාගතස්ස යමකපාටිහීරේ ඤාණං
2.තථාගතස්ස ඉන්ද්‍රියපරෝපරියත්ත ඤාණං
3. තථාගතස්ස ආසයානුසයාඤාණං
4. තථාගතස්ස මහාකරුණා සම්මාපත්ති ඤාණං
5. තථාගතස්ස සබ්බඤ්ක්‍දුත ඤාණං
6. තථාගතස්ස තත්‍ථ ආවරණං නත්ථිති අනාවරණ ඤාණං

මේවා අසාධාරණ ඤාණයන් ලෙසින් නම් කලේ බුද්ධ ශ‍්‍රාවකයෙකුට හෝ මහඅරහතුන් කෙනෙකුට හෝ දරාගත නොහැකි හෙයිනි. ලොව්තුරා බුදුපියාණන් වහන්සේට මෙන් දරාගත නොහැකි හෙයිනි. ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ නොහැකි හෙයිනි. විග‍්‍රහ කර පෙන්වා දිය නොහැකි හෙයිනි.

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ කෙනෙකුට පරචිත්ත විජානන ඥාණයට වඩා ඉහළ වූ, චේතෝපරිය ඤාණයට වඩා ඉහළ වූ දිබ්බචක්ඛු ඤාණයට වඩා බලවත් වූ බුද්ධ ඤාණයක් වන ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥාණය ලැබෙයි. බාහිර ලෝකයා පිළිබඳව අල්ප වූ රජස්, මාහාරජස් ඇති බව වෙන් කොට දකී. ඉන්ද්‍රීයයන්ගේ (ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය ආදී) තියුණු බව හා නොවැඩුණු බව වෙන් කොට දකී. පුද්ගලයින් තුළ පවතින විවිධාකාර අඳුරු ලෝක ස්වභාවයන් මෙන්ම අලෝක ස්වභාවයද දැක හඳුනාගනී. පුද්ගලයින් තුළ ඇති කෙලෙස් ගති, දුශ්චරිත ගති භව ගාමී කම්ම ගති දැකගනී. පෙර කළ පුන්‍ය ශක්තීන්ද දැකගනී.

පුද්ගලයින් තුළ ආසය, අනුසය උපත ලබන හා තැන්පත් වන එමෙන්ම කි‍්‍රයාත්මක වන විවිධාකාරයන්ද දනී. ලෝකයාට ඒවා පැහැදිලි කරදීමටද හැකියාව ඇති වෙයි. පුද්ගලයින් තුළ කාමාසව, භාවාසව දිට්ඨාසව මෙන්ම අවිජ්ජා සව කි‍්‍රයාත්මක වන ආකාරයත්, රාග අනුසය, පටිඝ අනුසය අවිජ්ජා අනුසය උපත ලබන ආකාරයත්, දිට්ඨි අනුසය, විචිකිච්චා අනුසය උපත ලබන ආකාරයන් මාන අනුසය සකස් වන ආකාරයන් දකී. ඒවා විග‍්‍රහ කර විස්තර කර දෙන්නටද තේරුම් කර කියා දෙන්නටද දනී.

එකම අවස්ථාවේ ප‍්‍රතිවිරුද්ධ කරුණු කාරණා දෙකක් කිරීමේ ශක්තියක්ද පවතී. එය යමක පාටිහීර ඤාණයයි.

මහාකරුණා සමාපත්ති ඤාණය ලෝකයා දෙස බලා උපකාර කිරීමේ ශක්තියක්ද ලැබෙන සම්මාපත්ති ඥාණයකි. ”සං” විග‍්‍රහයක් කර ”සං” පද හතර විග‍්‍රහ කර ලෝකයාට සංසාර භය විග‍්‍රහ කර සංදේශනාවක් කිරීමේ ශක්තිය ලැබෙන්නේද මෙම බුද්ධ ඤාණයන් ලැබීමත් සමගමය.

සියලු ආකාර වූ මෙම බුද්ධ ඥාණයන් ලැබෙන්නේ මිනිසෙකුටය. බුද්ධත්වයට පත්වන්නේද මිනිසෙකුමය. බුද්ධත්වය යනු කෙලෙස් භව උදුරා දැමීම නිසා පත්වූ ශුද්ධ තත්වයයි. ඒ නිසා ලොව්තුරා, බුද්ධත්වයට පත් වූ උතුමෙකු ලෝකයාට මෙවන් බුද්ධ ඥාණයන් ප‍්‍රකාශ කර පෙන්වා වදාලේ අවශේෂ ලෝකයාට (දෙව් මිනිසුන්ටත්) කෙලෙස් භව සහමුලින්ම උදුරා දමා භව ගාමී කම්ම ක්ඛය කර දමා සසර දුකින් සදහටම මිදී නිදහස් වන්නටය.

මෙවන් බුද්ධ ඤාණයන් කටපාඩම් කරගෙන සජ්ජායනා කිරීමෙන් පමණක්ම කිසිම කෙනෙකුට කෙලෙස් භව උදුරා ඉවත් කර දමා නිබ්බාන ගාමී විය නොහැකි බව සියලු මිනිසුන් විසින් යථා පරිදි අවබෝධ කර ගත යුතුය.

විශේශ පැහදිලි කිරීම මීවනපලානේ සිරි දම්මලන්කාර තෙරුන්ගෙනි. උන් වහන්සේට දීර්ඝායුශ වේවා...

හොඳ දේවල් නැවත නැවත දකින්න
www.facebook.com/sirisaddharmaya

0 comments (+add yours?)

Post a Comment