ගෙදරදී තෙරුවන් නැමදීම

ගාථා පාඨ හරියට උච්චාරනය කරන්න. ග්‍රාම්‍ය විදියට කටට එන හුරුවට ගාථා කියන්න එපා. "ත" හා "ථ"; "ට" හා "ඨ" යනාදිය අතරෙ වෙනස හරියට උච්චාරනය කරන්න.

ඔබ කියන ගාථාවන්හි තේරුම දැන ගාථා කියන්න. සඤ්ඤායනා කරනා ගාථා සූත්‍ර වල තේරුම දැන එසේ කරන්න.

ඔබ දිනපතා මල් පහන් පූජාවන් කරන්නේ කෙසේදැයි සැළසුම් කරන්න.

නිවස තුල, නිස්කලංක ස්ථානයක, ශාන්ත වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න. මල් ආසනයත් , පිළිම වහන්සේ අසලත් නුසුදුසු සැරසිලි යනාදිය නම් කරන්න එපා. දෙවියන් සිහිකර උන්වහන්සේලාට පින් අනුමෝදන්කරනවා විනා මම නම් තථාගතයන් වහන්සේ සමග දේව රූප තබන්නේ නම් නැත. පිළිමවහන්සේ ඉදිරිපිට කුඩා මල් ආසනයක පිරිසිදුව බුද්ධ පූජාව (ආහාර හා පැන්), මල්, පහන්, සුවඳදුම්, පූජා කිරීමට සූදානම් කරගන්න.

තෙරුවන් නැමදීමට පෙර ඔබ මුහුණ, කට සෝදා / නා හෝ අවස්ථානුකූලව පිරිසිඳු වී සිටිය යුතුය.

බැතිබරව ශ්‍රද්ධාවෙන් පිළියෙල කල බුද්ධ පූජාවත්, මල් , සුවඳදුම් හා පහනුත් මල් අසුන මත තබා තෙරුවන් නැමදුමට අපි සූදානම් වෙමු.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ ~~~~~~~~

පළමුව භගවා, අරහං, සම්මා සම්බුද්ධ යන මහා ගුණස්කන්ධයෙන් යුතු වූ බුදු රජාණන්වහන්සේ සරණ යන්න.
ඕනෑම කටයුත්තක්, ගාථා, පිරිත් සඤ්ඤායනයකට කලින් මෙලෙස නමස්කාරය කීම සුදුසු වේ

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස


ඉන්පසු පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න:

බුද්ධං සරණං ගච්ඡා මි
ධම්මං සරණං ගච්ඡා මි
සඞ්ඝං සරණං ගච්ඡා මි

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡා මි
දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි

තතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි
තතියම්පි ධම්මං සරණං ගච්ඡා මි
තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි


මීලඟට පංච ශීලය සමාදන් වන්න: (දිනපතා සාමාන්‍ය ලෙස සීලය සමාදන් වීම මේ ලිපියේ අරමුණ නිසා අෂ්ඨ ශීලය ගැන සඳන් නොකරමී. අවශ්‍ය නම් අට සිල් සමාදන් වන්න. එය රකින්න )

පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛා පදං සමාදියාමි
මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි
සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි


මීලඟට තුන් රුවනේ සූ විසි මහ ගුණයට නමස්කාර කරමු:

බුදු ගුණ නමස්කාරය:

ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති

අනන්ත මහා බුදු ගුණ කියවෙන මේ උතුම් ගාථාව මන්තරයක් නොවේ.
ඔබ ඒ ඒ මහා ගුණය කුමක් දැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.

අනන්ත සසරේ යන මේ භයානක ගමනේ අපේ එකම සාස්තෲවරයාණන් වූ තථාගතයන් වහන්සේට නමස්කාර කරමු:

බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
බුද්ධ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා
පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා


අතීතයේ පහල වූ බුදු රජාණන් වහන්සේලා ට ද, අනාගතයේ පහල වන්නාවු බුදු රජාණන් වහන්සේලා ට ද,
වර්ථමාන බුද්ධෝත්පාද කාලයේ හි පහල වූ බුදු රජාණන් වහන්සේ ට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධො මේ සණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං


සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර මට අන් සරණක් නැත්තේ ය. බුද්ධ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්‍යයක් ම වේවා

උත්තමං ගේන වන්දේහං - පාදපංසුවරුත්තමං
බුද්ධො යො ඛලිතො දොසො - බුද්ධෝ ඛමතු තං මමං


භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා පහස ලද දූවිල්ලද දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා !.
බුද්ධ රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

දහම් ගුණ නමස්කාරය

ස්වාක්ඛාතො භගවතො ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති

ලෞකික වූද ලෝකෝත්තර වූද අනන්ත මහා දහම් ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න. (රෙරුකානේ චන්දවිමල මහ නායක ස්වාමීන්වහන්සේ ලියූ "සූ විසි මහ ගුණය" පොත කියවන්න )

සියළු සත්වග හිත සුව පිණිස තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කල උතුම් ධර්ම රත්නයට නමස්කාර කරමු.

ධම්මං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
ධර්ම රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා
පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා


අතීත වූ ධර්ම රත්නයට ද, අනාගත වූ ධර්ම රත්නයට ද ට ද,
වර්ථමාන වූ ධර්ම රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං


සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ උතුම් ධර්ම රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. ධර්ම රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්‍යයක් ම වේවා

උත්තමං ගේන වන්දේහං - ධම්මඤ්ච තිවිධං වරං
ධම්මො යො ඛලිතො දොසො - ධම්මො ඛමතු තං මමං


ලොව්තුරු, මගඵල, නිවන්, ත්‍රිවිධ වූ ධර්ම රත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා !.
ධම්ම රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

ආර්‍ය මහා සඟ ගුණ නමස්කාරය

සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි
අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ,පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ,
අංජලිකරණීයෝ ,අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති
.

උත්තම වූ දක්ඛිනෙ‍ය්‍ය වූ ආර්‍ය මහා සංඝ රත්නය හි ගුණ ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න. (රෙරුකානේ චන්දවිමල මහ නායක ස්වාමීන්වහන්සේ ලියූ "සූ විසි මහ ගුණය" පොත කියවන්න ).

මඟ ඵල ලාභී වූ උතුම් ආර්‍ය මහා සංඝ රත්නයටත් සසරේ අප කෙරෙහි අනුකම්පාවෙන් ද ඝෝර සසරෙන් අප වත් එතෙර කරවා උන්වහන්සේලාත් එතෙර වනු පිණිස ද උත්තම ආර්‍ය මාර්ගයට පිළිපන් මහා සඟ රුවන ටත් නමස්කාර කරමු

සංඝං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
සංඝ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

යෙච සංඝා අතීතා ච - යෙච සංඝා අනාගතා
පච්චුප්පන්නා ච යෙ සංඝා - අහං වන්දාමි සබ්බදා


අතීත වූ ආර්‍ය මහා සංඝ රත්නයට ද, අනාගත වූ ආර්‍ය මහා සංඝ රත්නයට ද ට ද,
වර්ථමානයේ වැඩ සිටින ආර්‍ය මහා සංඝ රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

නත්ථි මේ සරණං අඤ්ඤං - සංඝො මේ සරණං වරං.
ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං


සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ආර්‍ය මහා සංඝ රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. සංඝ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
මේ සත්‍යානුභාවයෙන් මා හට ජය මඞගල්‍යයක් ම වේවා

උත්තමං ගේන වන්දේහං - සංඝං ච තිවිධොත්තමං
සංඝො යො ඛලිතො දොසො - සංඝො ඛමතු තං මමං


සම්මුති, සේඛ අසේඛ යන ත්‍රිවිධ වූ උත්තම සංඝරත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.
මාගේ නමස්කාරය වේවා !.
මහා සංඝරත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් උන්වහන්සේලා මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

පූජණීය චෛත්‍යයෝ වන්දනාවන්

ඔබ සිංහල බෞද්ධයෙක් නම් ඔබ ඔබේ ජීවිත කාලය තුළ කිහිප වරක් හෝ අඩුම තරමින් එක් වරක් වත් යා යුතු ස්ථාන අතරින් අනුරාධපුර ස්වර්ණමාලී (රුවන්මැලි ) චෛත්‍යරායාණන්වහන්සේත්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් ඉතාම වැදගත් වේ.

දිනපතා පන්සිල් ගෙන තෙරුවන් නැමැද, තථාගතයන් වහන්සේ ගේ සර්වඥධාතු තැන්පත් කල ශාරීරික චෛත්‍යය වහන්සේලා නමස්කාර කරන්න. ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරපුර ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් (හෝ වෙනත් ශාරීරික චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්) සිත් හි දරාගෙන පහත ගාථාව අවබෝධයෙන් කියන්න:

වන්දාමි චේතියං සබ්බං
සබ්බඨානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං
බුද්ධ රූපං සකලං සදා


ඉන් අනතුරුව අප බුදු පියාණන් වහන්සේ ගේ උතුම් පාරිභෝගික චෛත්‍යයක් වූ අනුරපුර (හෝ දඹදිව හෝ වෙනත්) බෝධීන් වහන්සේ සිත් හි දරාගෙන, සවු කෙළෙසුන් නසා ලොවුතුරා බුදු බවට පත් වන මොහොතේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට සෙවන දුන් උතුම් බෝධීන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන අවබෝධයෙන් මේ ගාථාවන් සඤ්ඤායනා කරන්න.;

යස්සමූලේ නිසින්නෝව
සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
වන්දේතං බෝධිපාදපං

(අර්ථය: ශාස්තෲන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලු සතුරන් ජයග්‍රහණය කළේ ද සර්වඥ බවට පැමිණියේ ද (මම) ඒ බෝධි වෘක්ෂය වන්දනා කරමි.)

ඉමේ ඒතේ මහාබෝධි
ලෝකනාථේන පූජිතා
අහම්පි තේ නමස්සාමි
බෝධිරාජා නමත්‍ථු තේ


(අර්ථය: ඒ මේ මහාබෝධීන් වහන්සේලා ලෝකනාථයන් වහන්සේ විසින් අනිමිසලෝචනයෙන් පූජා කරන ලදි. මම ද ඒවාට නමස්කාර කරමි. බෝධිරාජයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා!)

සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අනන්ත මහා ගුණස්කන්ධය උදෙසා උදෙසා පූජා කිරීම්

මීලඟට ඔබ මල් ආසනය මත තැබූ ආහාර (හීල හා දාවල දානය, අතුරුපස ), පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාව ජීවමාන ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජාකරමි යන ලෙසින් සිත් හි දරාගෙන සැදැහැ සිතින් පිළිගන්වමු;

හීල හා දාවල දානය, අතුරුපස පූජා කිරීම

(කරුණාකර සැදැහැ සිතින් පිරිසිදුව පිළියෙල කල ආහාර, පිරිසිදුව පූජා කරන්න.
අපිරිසිඳුවට නොසැලකිල්ලෙන් පූජා කරන දෑ බුදුරජාණන්වහන්සේට පූජා කෙරෙන්නේ නැත )


පැන් පූජාව,

සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම

(අර්ථය: උත්තමයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ සුවඳවත් වූ සිහිල් වූ කැප වූ ප්‍රසන්න වූ මිහිරි වූ යහපත් වූ පැන් පිළිගන්නා සේක්වා!)

අධිවාසේතු නෝ භන්තේ පානීයං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම


(අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද පැන් ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදුරජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!)

** මීට අමතරව කැවිලි, දැහැත්, ගිලන්පස ද පූජා කළ හැක. ඒ සඳහා ගාථා හා අරුත් මෙතැනින් බලන්න:

ආහාර පූජාව,

අධිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං
අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම

(අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද බොජුන් (ආහාර) ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්සවහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!)
** භෝජනං පරිකප්පිතං කියාද කියති.. මේ ගැන මෙතැනින් විමසා බලන්න:


මල් පූජාව

පූජේමි බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මෙතෙන ලබාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
කායො තථා යාති විනාස භාවං

වර්‍ණ ගන්ධ ගුණෝපෙතං
එතං කුසුම සන්තතිං
පූජයාමි මුණින් දස්ස
සිරිපාද සරෝරුහෙ

(අර්ථය: පැහැය සුවඳ ගුණය යන ස්වභාවවලින් යුක්ත මෙම මල් රැස මුනිඳුන්ගේ සිරිපා පියුම මත පූජා කරමි.)


සුවඳ පූජාව

සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා හං ගන්ධෙන - පූජයාමී තථාගත


පහන් පූජාව

ඝණසාරප්ප දිත්තේන
දීපෙන තම ධං සිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමී තමෝනුදං



ඉහත කී සියළු පූජාවන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ම පූජා වේවා යැයි සිතා ශ්‍රද්ධාවෙන් පූජා කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න.


තුන් සූත්‍රය

මීලඟට ඔබ තුන් සූත්‍රය වත් කියන්නේ නම් නම් මැනැවි.
(එහෙත් උදෑසන රැකියාවට පාසලට යාමට සූදානම් ව තුන් සූත්‍රය කීමට වෙලාව මදි නම් සවස නිවසට ආ විට එය කරන්නට උත්සාහ කරන්න.)

ඔබ කාර්‍ය බහුල කෙනෙක් නම්, උදෑසන ගාථා සඤ්ඤායනා කර තෙරුවන් නැමැද පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාවක් වත් කිරීමට වේලාවක් නැත කියා සිතනවා නම්, මෙලෙස අවබෝධ කරගන්න:
"තිලෝගුරු සම්මා සම්බුදුරජාණන්වහන්සේට පූජා වේවා "කිය සිතන් දැගි ශද්ධාවෙන් ඒ පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාව මල් අසුන මත තබන මොහොතේ ඔබ ඊට අදාල පින කරගත්තේ වෙයි.
ඒ නිසා අඩුම තරමින් එලෙස වත් උදෑසන පූජාවන් සිදු කොට බැතිසිතෙන් තෙරුවන් සරණ ගොස් රැකියාවට පසලට යන්න.

සවස නිවසට ආ පසු නා පිරිසිඳු වී පිළිවෙලට ගාථා සඤ්ඤායනා කරමින් තෙරුවන් සරන යන්න මල් පහන් .. පූජා කරන්න. කාලය මදි යැයි අතපසු කරන්නට එපා.


taken form චගු's Avatar චගු tread of elakiri.com total credit must go to him for his great work.

10 comments (+add yours?)

MMKSAMEERA said...

බොහොම වටිනා ලිපියක්
ඔබට බොහොම පින්

Unknown said...

ගොඩක් වටින ලිපියක්.

Unknown said...

මෙවන් වටිනා ධර්ම දානයන් තවදුරටත් කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා

Unknown said...

Thruwan saranai

Thushan said...

Theruwan Saranai....

sarath said...

Theruvan saranayi!

Lankapathy said...

Obathumata boho pin hayamaga kiya denawata


Lankapathy said...

Bohoma pin yahamaga kya demin apata Udau karanawata

madhushan said...

godak watinawa.. thawa thawath mewani pin katayuthu sidu kireemata shakthiya dairya wasanawa labewa.. theruwan saranay

Unknown said...

ගොඩක් වටිනා ලිපියක්

Post a Comment