ථේර ගාථා

ජොතිදාසා තෙරුන්ගේ ගාථා.....

ඔළුවට පහර දීලා, නොයෙක් විදියට වදදීල , මහා දරණු විදියට වද දීලා මිනිසුන් ව මරණ උදවිය ඉන්නවා.හැබැයි ඒ ගොල්ලන්වමයි,ඒ දුක්වලට ආයෙත් ඇද වැටෙන්නේ.කර්මය නම් විපාක නොදී නැති වෙන්නෙ නෑ.
ඉතින් මනුස්සයෙක් හොඳ කර්මයක් හෝ පාප කර්මයක් හෝ කරන කොට ඒ ඒ කර්ම තමයි එයාට දැවැද්ද වශයෙන් තියෙන්නෙ.

මෙය වනාහී ආයුෂ්මත් ජෝතිදාස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය...


 පක්ඛ තෙරුන් ගේ ගාථා....

 උකුස්සා ඩැහැගෙන ගිය මස් වැදැල්ල බිම වැටුණා.ඒ බිම වැටුණ මස් වැදැල්ලට ගිජු වුණ අනෙක් උකුස්සන් පොරකන්න පටන් ගත්තා.

නිවන පිණිස කළ යුතු සියල්ලම කර ගන්ට මට පුළුවන් වුණා.නිවනට ම යි මං ඇලුණේ.ඒ නිසා ඒ උතුම් සැපය සැපසේම ලබා ගත්තා.

මෙය වනාහී ආයුෂ්මත් පක්ඛ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාව යි.


 උත්තරපාල තෙරුන් ගේ ගාථා.........

 හොඳ නරක තෝරා ගැනීමට මෙතරම් නුවණ තියෙන තියෙන මාවත් ලෝකයා මෝහනයට පත් කළ පංචකාම ගුණයන් පහළට අදලා දැම්මා.

මේ පංචකාමය කියන්නේ, මාරයා විසින් සත්වයා ගොදුරු කරගන්න තැන.ඉතින් මමත් මේ පංචකාමයට ගොදුරු වුණා.රාගය නැමැති හුලෙන් පහර කෑවා.නමුත් අන්තිමේ දී මට පුළුවන් වුණා මාරයාගේ උගුලෙන් නිදහස් වෙන්නට.

හැම කාම ආශාවක්ම මං නැති කරලා දැම්ම.හැම භවයක්ම නසා දැම්ම.උපත සලසන සංසාරය මෙතනින් ඉවරයි.දැන් ඉතින් මට ආයෙමත් පුනර්භවයක් නෑ.

මේ වනාහී ආයුෂ්මත් උත්තරපාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය. 


 සාමා තෙරණිය ගේ ගාථා...........

 ඉස්සර මට චිත්ත සමාධියක් තිබුණේ ම නෑ.සිත කොහෙත්ම දමනය කරන්නට බැරි වුණා.මම දවසට හතර පස් වතාවක් ආරාමෙන් නික්මිලා ගියා.

ඒත් මම මේ වතාවේදි අටවෙනි රාත්‍රිය ගෙවෙන කොට තණ්හාව මුලින්ම නැති කරලා දැම්මා.මං මේ දුක් සහිත ජිවිතය නිසාමයි අප්‍රමාදයේ ඇලී වාසය කළේ.තණ්හාව කෂය වුණා.නිවන අවබෝධ කළා.බුද්ධ ශාසනය සම්පුර්ණ කර ගත්තා.

මේ වනාහී සාමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.


 වසභ තෙරුන් ගේ ගාථා........

 කුහක තැනැත්තා ඉස්සල්ලම නසා ගන්නෙ තමාව.ඊට පස්සෙ තමයි අනිත් අයව නසන්නෙ.ළිහිණි වැද්ද ළඟ ඉන්නවා “වීතංස“ නම් වු කුරුල්ලෙක්.ඒ කුරුල්ල ලවා තමයි අනිත් කුරුල්ලව දඩයම් කරවන්නෙ.තමන්ව වනසාගෙනමයි අනුන්වත් නසන්නෙ.

බාහිර පෙනුමෙන් බ්‍රාහ්මණයෙක් වෙන්නෙ නෑ.බ්‍රාහ්මණයෙක් විය යුත්තේ අභ්‍යන්තර ගුණධර්මවලින්ම යි. ‘‘ පින්වත් ශක්‍රදෙවිය “ යම් කෙනෙකු තුළ දකින්ට ලැබෙනන්නෙ පාප කර්ම නම්,ඇත්තෙන් ම එයා පාපියෙක්.

මෙය වනාහී ආයුෂ්මත් වසභ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.


Taken form : Elakiri.com

0 comments (+add yours?)

Post a Comment