අංගුලිමාල මහා තෙරණුවන් වහන්සේ



අංගුලිමාල මහා තෙරණුවන් වහන්සේ දවසක් පින්ඩපාතයේ වඩිනකොට දැක්කා විලිරුදාවෙන් පෙලෙන මවක්. ඒතුමිය ඒ අවස්ථාවේ සිටියේ ඉවසාගන්නට බැරි තරම් වේදනාවකින්. අංගුලිමාල තෙරණුවෝ මෙය දුටුවා. නමුත් උන් වහන්සේට කළහැකි යමක් තිබුනේ නෑ. උන් වහන්සේ අප මහා බුදුරජානන් වහන්සේ හමුවට ගොස් මෙය සැලකලේ උන් වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තුවෙන්. සියල්ල සාවදානව අසා සිටි අප බුදුරජානන් වහන්සේ අංගුලිමාල තෙරුන්ට උපදෙස් දුන්නේ ඒ ඇත්තිය සිටිනා ඉසව්වට ගොස් සත්‍යක්‍රියා සිදුකරන ලෙසටයි. අංගුලිමාල තෙරණුවන් ඒ තැනැත්තිය අසලට ගොස් මේ ආකාරයෙන් සත්‍යක්‍රියා කළා.

“යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ
නාභිජානාම් සංචිච්ච පාණං ජීවිතා වෙරෝපෙතා
තෙන සච්චේන සොත්ථි තෙ හෝතු සොත්ථි ගබ්භස්සා ති”

“නැගනියනි මම යම් දවසක ආර්ය ජාතියෙහි උපත ලැබුවාඩ එතැන් පටන් දැන දැන කිසිම සතෙකු මරා දැමූ බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් ඔබට සෙත් වේවා. ඔබේ දරු ගැබටත් සෙත් වේවා”

මේ විදියට සත්‍යක්‍රියා කළ උන් වහන්සේගේ බලයෙන් එම තැනැත්තියගේ කුසතුල හිර වී සිටි දරුවා කිසිම කරදරයකින් තොරව උපත ලද බව සඳහන් වෙනවා.

අංගුලිමාල තෙරණුවන් සත්‍යක්‍රියා කළ ස්ථානය වෙහෙරක් ඉදි කලා. එය අංගුලිමාල දාගැබ ලෙස හඳුන්වනවා. එම ස්ථානය තවමත් පුදුම හාස්කම් ශක්තියක් ඇති ස්ථානයක්. තවමත් ගැබිනි මවුවරු එම ස්ථානය වැඳනමස්කාර කරගැනීමෙන් සුවයක් ලබනවා.

මේ සිදුවීමෙන් දින කිහිපයකට පස්සේ අංගුලිමාල හාමුදුරුවෝ මහරහත් බව ලබාගත්තා. උන් වහන්සේ මහරහත් බව ලබාගත්තාට පස්සේ ගිහිලාකේ කල සියලුම පාප කර්ම පලදීමට පටන්ගත්තා. එසේ සිදුවන්නට හේතු වූයේ ඒ ආත්මභාවය උන්වහන්සේගේ අවසාන ආත්මභාවය වූ නිසයි. මිනිසුන් විසිකරන ගල් කැබලි පොලු මුගුරු උන් වහන්සේගේ ශ්‍රී දේහයේ වැදුනු බව කියවෙනවා. එසේ වැදීමෙන් උන් වහන්සේට බොහෝ තුවාල සිදුවූවාලු.

කොසොල් රජුත්, මල්ලිකා දේවියත් එක්ව කහවනු දහ හතර කෝටියක් වියදම් කරමින් සිදුකළ අසදෘස මහා දානය ගැන ඔබලා අසා ඇති. ඒ දානය අවස්ථාවේ අංගුලිමාල තෙරුන් සම්බන්ධ අපූරු කතාවක් කිවෙනවා. දානයට වැඩි බුදුරජානන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් පමන වූ මහ රහත් වහන්සේලාගේ හිසට උඩින් සේසත් රැගත් හස්තිරාජයා බැගින් තබා තිබූ බව කියවෙනවා. නමුත් අංගුලිමාල තෙරරුන්ගේ ස්ථානයට එක් හස්තියෙක් මදිවී තුබුනාලු. ඒ අවස්ථාවේ ඇත්ගාලේ සිටියේ බොහෝ චන්ඩ කිපුනු ඇතෙක්. ඒ හස්තියා අංගුලිමාල තෙරුන් දුටු පමනින් උගේ චන්ඩ ගති සියල්ලක්ම අතහැර දමා බොහෝම බයෙන් නගුට කකුල් අතර ගසාගෙන බියෙන් වෙවුලමින් ඇස් පවා වසාගෙන උන්වහන්සේ දන් වළඳනා තෙක් සේසත් ඔසවාගෙන සිටි බව කියවෙනවා.

මෙසේ මිනිසුන් දහස් ගනනක් මරා දමමින් බොහෝ කෝලහාල සිදුකළ අහින්සක අවසානයේ අප මහා බුදුරජානන් වහන්සේගේ සද්ධර්මයේ බලයෙන් සියලු කෙලෙස් නසා රහත්භාවය ලබාගෙන ලෝවැසි සත්වයන් සසරෙන් මුදාගැනීමට මහා සේවයක් ඉටු කළා. අවසානයේ අනුපදිශේෂ පරිණිර්වාන දාතුවෙන් පිරිනිවන් පෑවා. උන් වහන්සේගේ භෂ්මාවශේෂ බුදුරජානන් වහන්සේ විසින් තැන්පත් කරවා දාගැබක් කරවා තිගෙනවා.

“ඒ අංගුලිමාල මහරහතන් වහන්සේ වැඩ හිඳ යම් පිරිතක් දෙසා වදාළ තැනක් ඇද්ද,එම තැන සේදු දිය පවා සියළු පීඩා දුරු කර දමන්නේය.ගර්භනී මාතාවක් යම් දුකකින් පෙළෙයි නම්,ඒ දුක සැනෙකින් බැහැර වී සුවපත්ව නැගිටින්නීය.ලෝකනාථ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් කල්පයක් බල පවතින මහා තේජසින් යුතුව ආඥා කොට අංගුලිමාල මහරහතන් වහන්සේ විසින් වදාරණ ලද ඒ අංගුලිමාල පිරිත අපි දැන් කියන්නෙමු….

::::පින්වත් නැගණියනි,යම් දිනෙක මම් උතුම් නිවනට පමුණුවන මාර්ගඵලලාභි ආර්‍ය ජාතියෙහි උපත ලැබුවෙම් ද,එදා සිට දැන දැන ප්‍රාණියෙකු ජිවිතයෙන් තොර කළ බවක් නොදනිමි.මේ සත්‍යනුභාවයෙන් ඔබට සෙත් වේවා..සුවසේ දරුවා බිහිවේවා::::

(මහමෙව්නා පාළි- සිංහල පිරුවානා පොත් වහන්සේ)

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..

0 comments (+add yours?)

Post a Comment