සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස


  1. ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
  2. ජව සම්පත්තියෙන් යුක්ත වීම
  3. මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
  4. රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
  5. මුදු මොළොක් සිරුරක් ලැබීම
  6. පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
  7. සූර වීර ගති ඇත්තෙකු වීම
  8. මහා බලවන්තයෙකු වීම
  9. නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
  10. කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
  11. පහ කළ දොස් ඇත්තෙකු වීම
  12. කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
  13. තැති නොගත් කෙනෙකු වීම
  14. විනාශ නොකළ හැකි උතුමෙකු වීම
  15. පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
  16. අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
  17. සුරූපී පුද්ගලයෙකු වීම
  18. මනා සටහන් ඇත්තෙකු වීම
  19. අල්ප ආබාධ ඇත්තෙකු වීම
  20. ‍ශෝක නොකරන්නෙකු වීම
  21. ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
  22. දීර්ඝායුෂ ලැබීම
  23. මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම

0 comments (+add yours?)

Post a Comment